
(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර අත්සන් කරනු ලැබ ඇති ගුවන් සේවා ගිවිසුම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකා රජය සහ තුර්කි රජය ගුවන් සේවා ගිවිසුමකට 2008-12-02 දින අත්සන් තබා ඇත. දෙරට අතර ගුවන් සේවා සඳහා වන නියාමන රාමුව තවදුරටත් වැඩිදියුණු කිරීමටත්, ගුවන් සේවා සබඳතා සමාලෝචනය කිරීමටත්, දෙපාර්ශ්වය විසින් පසුව සාකච්ඡා පවත්වා ඇති අතර, එහිදී පවත්නා ගුවන් සේවා ගිවිසුමේ 11 වන වගන්තිය (ගාස්තු) සංශෝධනය කිරීම පිණිස එකඟතාවකට පැමිණ තිබේ.
ඒ සඳහා වන සාකච්ඡා සටහනට දෙපාර්ශ්වය විසින් 2016-12-07 දින අත්සන් තබා ඇත. එම ගිවිසුමේ යෝජිත සංශෝධනය සඳහා සකස් කරනු ලැබ ඇති කෙටුම්පතට නීතිපතිගේ අවසරය ලැබී තිබේ.
ඒ අනුව, පවතින ගුවන් සේවා ගිවිසුමේ ගාස්තු රාමුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූලව සකස් කිරීම පිණිස ශ්‍රී ලංකාව සහ තුර්කිය අතර දැනට පවත්නා ගුවන් සේවා ගිවිසුම සඳහා වන යෝජිත සංශෝධනයට අත්සන් තැබීම පිණිස වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd