(ටී.කේ.ජී.කපිල )
ඉදිරි පස රෝදය ඉහලට ඔසවා ගෙන , මහ හඩ නගමින් , කොළඹ - මීගමුව මහා මාර්ගයේ කදාන - වැලිගම්පිටිය අතර ප්‍රදේශයේ , ගමන් ගත් වාහන වලට බාධා කරමින් , එම රියැදුරුවරුන් භීතියට පත් කරමින් යතුරු පැදි සහ ත්‍රිරෝද රථයක් අනතුරුදායක ලෙස ධාවනය තරුණයන් 06 දෙනෙකු අද(30 ) අලුයම කදාන පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් සියලුම දෙනා කදාන , බටගම ප්‍රදේශයේ පදිංචි , වයස අවුරුදු 20 ත් 22 ත් අතර පසුවන තරුණයන් පිරිසකි .
ෙමෙම යතුරු පැදි සහ ත්‍රිරෝද රථ ධාවකයින් 06 දෙනා අතරින් 04 දෙනෙකුටම රියැදුරු බලපත්‍ර නොමැති අතර මෙම සියලුම වාහන වල අංක තහඩුව නොමැතිව ඔවුන් ධාවනයෙහි නිරත වී තිබේ .
මොවුන් සියලුම දෙනා අද උදෑසන රාගම අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරි පත් කළ අතර එහිදී මොවුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇති බවට කරුණු සනාථ වී තිබේ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd