හිරාන් ප්‍රියංකර ජයසිංහ 

පුත්තලම අනුරාධපුර මාර්ගයේ 27 කනුව ප්‍රදේශයෙදී  ඉකුත් 1 වැනි දා සිදු වූ  මාරක අනතුරින් තුවාල ලැබූ මවක සහ තරුණ දියණිකය අවාසනාවත්ත ලෙස මියගොස් ඇතැයි රාජාංගනය පොලිසිය කියයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ දෙදරු මවක් වු 52 හැවිරිදි සමුද්‍රා අලුවිහාරේ නැමති රාජ්‍ය නොවන සංවිධානයක පරිපාලන නිළධාරීනියක් හා ඇගේ වැඩිමල් දියණීය වන 32 හැවිරිදි එක් දරු මවක් වු සජීනී මහේෂීකා නැමති අය බව පොලිසිය කියයි.

පුත්තලම අනුරාධපුර මාර්ගයේ 27 කනුව ප්‍රදේශයෙදී  ත්‍රී රෝද රථයක් හා මෙම මව හා දියණීය ගමන් ගනිමින් තිබු යතුරු පැදියේ ගැටිමේන් සිදුවු  මාරක අනතුරීන් පසු දියණීය හා මව අනුරාධපුර ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් තිබු අතර එහිදි දියණිය 2 වැනි දින මරණයට පත්වූ අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මව අද අලුයම මරණයට පත්ව ඇති බව පොලිසිය කියයි.