කාමර 78ක තරු පහේ හෝටලයක් වීරවල වැව ඉස්මත්තේ ඉදිකිරීමට යයි. අක්කර 10ක භූමි භාගයක ඉදිකෙරෙන මෙම පරිසර හිතාකාමී හෝටලයට කතානායක චමල් රාජපක්ෂ මහතා ද මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ද මුල් ගල් තැබීය. වියදම රුපියල් කෝටි සියයකි. මාස 15කින් හෝටලය විවෘත කිරිමට නියමිතය. මත්තල ගුවන්තොටුපළ, මාගම්පුර වරාය හා ආයෝජන කලාපය ද යාල, බූන්දල, උඩවලව, කතරගම, කිරින්ද වැනි සංචාරක මධ්‍යස්ථා ද ඛේන්ද්‍ර කරගෙන මේ හෝටලය ඉදිකිරීමට යනුයේ කේ.ඩී.වී හෝටල සමාගමේ සමන් උපසේන මහතාය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයවේවා
මේ වැඩේට සංඝයා වහන්සේලා මනාපයි වගේ. එහෙනම් අපි අමනාප වීමෙන් වැඩක් නෑනේ. (නි)
අනේ හොදයි. (නි)
කමක් නැහැ ඔක්කොම කොලබමනේ තියෙන්නේ (දී)
මගේ බලවත් විරෝධය හා ශෝකය පලකරනවා (ස)
අනේ අපි ඡන්දේ දුන්නේ මේවගේ පවුඩර් වැඩ කරන්න නෙමෙයි (ස)
මිනිස්සු මෙච්චර මෝඩද (ස)
කේ.ඩී.වී නෙමෙයි. කේ.ඩී.යූ. රත්නපුර හොද ව්‍යාපාරික පවුලක් (ස)
නියම වැඩක්. අපිට ආඩම්බරයි. (නි)
මංජුල, එතුමා ඉතාම හොද ව්‍යාපාරිකයෙක්. (නි)
නරකමත් නැහැ
ඉතා අගය කල යුතු වැඩක්.. රුහුණ විතරක් නෙමෙයි මායා, පිහිටි, ගැනත් ඔය වගේම හොයලා බලන්න. ජය වේවා (ස)
ජනක්,පෙරේරා වැනි අඥානයින් ලංකාව වැනි රටකට සුදුසු නොවේ. (නි)
එතකොට මේ සුපිරි හෝටලයේ අපද්‍රව්‍ය ගලාබසින්නේ කොහේටද? (නි)
නියමයි
රුවන් පුරයෙ සමන් දෙවියන් මෙතුමයි.(ස)
කවුද මුල්ගල තිබ්බේ (ස)
ආණ්ඩුව කියන්නේ දකුණ විතරද? (නු)
ඉක්මනින් මේ ටික කරගන්න එපා යැ...මේකාලේ කරගන්නේ නැතුව කොයි කාලේ කරගන්නද? (ස)
ෂෙරීෆ්, අනවශ්‍ය ප්‍රශ්න වැඩක් නැහැ. දෙනදේ කාලා වෙනදේ බලාගෙන ඉන්න. (නි)
හොද වැඩක්
වැවට සාධු! (නි)
ජනක තවම කැන්ටිමකින් තේ එකක්වත් බීලා නැති හැඩයි. (නි)
ගණිකා වෘත්තිය නීතිගත කරන වැඩෙත් ඔය එක්කම සළකා බැලුවොත් නරකද? (නි)
හොද වැඩක්. අපේ අලුත් පරම්පරාවට සුභ අනාගතයක්! (නි)
මෙයාලට පිස්සු (ස)
කාට ඉන්නද මේවා හදන්නේ? (නි)
කේ.ඩී.වී හෝටල සමාගමේ සමන් උපසේන මහතා කියන්නේ කවුද? (නි)
නියමයි. හොඳ වැඩක්. මගේ රටට ජයවේවා! ඔබතුමන්ලාම හැමදාමත් අපව පාලනය කරන්න. කිරියෙන් පැණියෙන් උතුරන මගේ රටට ඉරිසියා කරන අයට බනින්න අපි ඉන්නවා. තව හෝටල් හදන්න. තව ප්ලේන් ගෙන්වන්න තව චන්ද්‍රිකා උඩ යවන්න. අපි නොකා ඉන්නම් බෙහෙත් ඕන වෙන්නෙත් නැහැනේ එතකොට. (නි)
කාටද එතකොට මේ හෝටලේ අයිති? (නි)
ගමට වැඩකරන කෙනා කොහොමත් රටටත් වැඩකරනවා. (නි)
වැව් ඉස්මත්තක හෝටල් හැදුවාම වැවට වතුර දෙන්නෙ කොහොමද? අපේ රට වගේම රටේ ඉන්න ව්‍යාපාරිකයනුත් දියුණු වෙන්න ඕනෑ. ඒත් මේ කරන වැඩෙන් ඒ පැත්තෙ ඉන්න අහිංසක ගොවියන්ට තමන්ගෙ ගොවිතැන් කරගන්න බැරි වුණොත් කවුද ඒකට වගකියන්නේ? (නි)
මේ කට්ටිය එතකොට මේ වැදගෙන ඉන්නේ නාමල් මහත්තයාටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)