හොර උප්පැන්න සහතිකයක් ඉදිරිපත් කර විදේශ ගමන් බලපත්‍රයකින් ත්‍රිකුණාමලය රිසානා නෆීක් දැරිය සෞදි අරාබියේ ගෘහ සේවයට යැවීමට ආධාර අනුබල දුන් අබ්දුල් සලාම්ට කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ මහත්මිය අද (24) පස් වසරකට අත්හිටවූ සිව් වසරක සිරදඬුවමක් සහ රුපියල් 10000 ක දඩයක් නියම කළාය. මෙම සිද්ධියට අදාලව අධි චෝදනා ලැබසිටි අනෙක් විත්තිකරුවන් දෙදෙනාට ඉකුත් ජනවාරි මාසයේ දඬුවම් නියම කර තිබුණු අතර මෙම විත්තිකරු මාස 15ක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. සෞදි අරාබි දරුවකු මරා දැමීයැයි මරණ දඬුවම නියම වී සෞදි හිරගෙදරක සිටින රිසානා බේරාගැනීමට ලොව විවිධ සංවිධාන ශ්‍රී ලංකා රජය ද මැදිහත් වී සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හිරගෙදර කට්ටියත් අබ්දුල්ට සලාම් කියයිද දන්නෙ නැහැ, අර ගොලුමඩමේ කෙනාට වගේ. (නි)
මේ එක කතාවක් පමණයි. මෙවන් පුද්ගලයින් තවත් ඕනෑතරම් ඇත. (නි)
නසාර් කියන විදියට කරන්න පුලුවන් නම් ලොකු දෙයක්. (නි)
වැරදිකරන්නාට උපරිම දඩුවම් දීමෙන් අනෙක් පුද්ගලයින්ද වරදට බිය වනු ඇත. (නි)
මුදලට කෑදරකමින් මෙවන් අපරාධ වැඩි වශයෙන් කරන්නේ කවුරුන්ද? කුමන ජාතීන්ද? (නි)
අපේ එක් නත්තල් පැතුමක් තමයි රිසානා නිදහස් වීම. (නි)
මේ දඩුවම මදි මට නම්. (නි)
රිසානාට ඉක්මනින් නිදහස ලැබේවා (ස)
එයාව ඇපයට දීලා අපිට බැරිද රිසානාව නිදහස් කරගෙන එන්න? (නි)
අල්ලා දෙචියන් සිටින නිසා අප කලබල වන්නෙ ඇයි? (නි)
මේ දඩුවම මදි... (නි)
එතකොට භාරතට වෙඩි තබපු අයටත්, මිනිසුන් ගස්බැඳපු අයටත්, මේජර්ගේ ඔලුව පලපු කෙනාටත්, අධිකරණ කොමිසමේ සභාපතිට පහරදුන් කෙනාටත්, අගවිනිසුරුවරියට අපහාසකල අයටත්, ඔයවගේ දඬුවම් දෙන්නේ නැත්තේ ඇයි??? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
ඔය වගේ සල්ලි වලට කෑදර කරන මිනිසුන්ට සිර දඩුවම් ලබා දිය යුතුයි..!(නු)
සිල්වා, සෑම ජාතීන්ම ඔවැනි පහත් වැඩ කරනවා. සෑමි, අන්න ප්‍රශ්ණ. දෙන්නකො උත්තර. (නි)