ටෙලිනාට්‍යයක රඟපෑමේ අවස්ථාවක් සලසා දෙන බව කියමින් රූපලාවන්‍ය ශිල්පිනියක බොල්ගොඩ වැවේ රවුම් ගස්සවා විවිධ ආකාරයෙන් ඇඳුම් අන්දවා ඡායාරූප ද ගෙන ඇගේ රන් බඩු සොරා ගත් බව කියන ධීවරයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ සිටියි. ඡායාරූප ශිල්පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.
ඇය ඇඳ සිටි ඇඳුම් මාරු කැර අඩ නිරුවත් ඇඳුමක් අන්දවා පින්තූර ගන්නට පෙර රන් බඩු සොරාගෙන ඇතැයි පොලිසිය කියයි. ඔහුගේ ජංගම දුරකථනය පිරික්සූ පොලිසිය කියනුයේ ඔහු ළඟ තුබූ දුරකතන අංකවලින් වැඩිහරියක්ම රූපලාවන්‍ය ශිල්පිනියන්ගේ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුවක් නොවෙයි තව පොඩ්ඩඩෙන් කොහෙන් කෙළවර වෙයිද දන්නෙ නැහැ. (නි)
මම නම් හිතන්නේ මත්වතුරත් පාවිච්චි කරලා ඇති. (නි)
මට මේකේ සමහර අදහස් දකිද්දී පුදුමත් හිතෙනවා. (නි)
මේ අය මුණු හැඩ ගැන්වූවට එයාලගේ මොළේ හැඩගන්වා නැහැ.. (ස)
අයියෝ සල්ලි (දී)
මේ වගේ නිලියෝ තමයි පොඩ්ඩක් ජනප්‍රිය වෙනකොට නලියන්න ගන්නේ (ස)
තව පොඩ්ඩෙන් කියන්න දෙයක් මෙතන නැහැ. (ස)
ඔය තරු ගොඩක් දැන් හොරෙන්ම ඉතාලි ඇවිල්ලා යනවා.. මම හිතන්නේ රූ ගත තරන්න තැන් බලන්න වෙන්න ඇති.. (ස)
ලෝකයේ වැඩිම ලනු කන මෝඩ අය ඉන්නේ ලංකාවේ. කන තරමක් කන්නේ ලණු.. (ස)
ඇම හොදටම කාලා වගෙයි. (නි)
හරියට 'මාලු නටනවා, මම නලියනවා' වගෙයි. (නි)
තරු වෙන්න දගලන නංගිලාට තරු පෙන්වන නියම කොල්ලෙක්... (නි)
ඉස්සර අම්මලා දුක් වින්දේ තමන්ගේ දුවව දොස්තර කෙනෙක්, ඉන්ජිනේරුවරයෙක් කරන්න. දැන් අම්මලා දගලන්නේ තමන්ගේ දුවව සුපිරි තරුවක් කරන්න. (නි)
මොළයක් කියලා දෙයක් ඇත්තෙම නැද්ද (ස)
දැන් කාලේ හැදෙන කෙල්ලන්ට ඕන ඇඟ පෙන්නල හරි නිළියක් වෙන්න (ස)
මේ වගේ හොරුන්ගෙන් ගැහැණු ළමයින් ප්‍රවේශම් වන්න. (නි)
අනෙ අපේ නංගිලාගේ මොළ කවදා පෑදෙයිද දන්නෙ නැහැ. (නි)