එක්සත් ජාතික පක්ෂ නායකත්වය අද සිට තවත් සය වසරකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් අද උදේ 9.57 ට සම්මත විය. නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රීන් වන දයාසිරි ජයසේකර, තලතා අතුකෝරළ හා බුද්ධික පතිරණ ඊට විරුද්ධ වූහ. එහෙත් දේශපාලන, ආර්ථික, සංස්කෘතික හා සංවර්ධන අංශ වලින් ඇතිකරන රැඩිකල් දේශපාලන වෙනස පිළිබඳ යෝජනාවට ඔවුන් ද ඡන්දය දීමෙන් ඒකමතිකව සම්මත විය. 2014 දී රජයක් පිහිටුවීම රැඩිකල් යෝජනාවේ අරමුණයි. නිල කාලයක් වසර හයකින් දීර්ඝ කිරීමේ යෝජනාව ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් මන්ත්‍රී විසින් ඉදරිපත් කැරුණි. අජිත් පී. පෙරේරා එය ස්ථිර කළේය. රැඩිකල් යෝජනාව මංගල සමරවීර මන්ත්‍රී විසින් ඉදිරිපත් කැරුණු අතර මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා එය ස්ථිර කළේය. පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා 9.32 ට සමුළුවට පැමිණියේය. සය අවුරුදු යෝජනාවට විරෝධය පාමින් තම අදහස් දැක්වීමට සජිත් ප්‍රේමදාස මහතාට මූළාසනයෙන් අවසර ලැබිණි. යෝජනාවෙන් අනතුරුව නියෝජිතයෝ අදහස් දක්වමින් කතාකරන්නට වූහ. පක්ෂ නායක වික්‍රමසිංහ මහතා එම කතාවලට පසුව කතා කිරීමට නියමිතය. සමුළුවේ කිසිම කලබලයක් ඇතිවූයේ නැත.


1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියමයි ..(ස)
අනිත් පැත්තේ අය ලබබු ලොකු ජයග්‍රහණයක් මේක ..(ස)
ලොක්කෝ දෙන්නම් දිනුම් ..(ස)
තව අවුරුදු 6 කට හරි එහෙනම් ..(ස)
යූඑන්පී අපේ අන්තිම බලාපොරොත්තුවත් ඉවරයි.. මේ යෝජනාවට අත උස්සපු සේරම යූඑන්පී එකට ඡන්දය දීපු මිනිසුන්ගේ අදහස් තේරුම් ගන්න බැරි මිනිස්සු ඉල්ලන වෙනස ගැන පොඩි හරි අවබෝධයක් නැති අය ටිකක්... මේ අයව තවදුරටත් අපේ ගම් නගර වලට එන්න දෙනවාද කියන එක ගැන 1994 ඉදං අනාථ උන යූ.එන්.පී මිනිස්සු තීරණ්ය කරන්න ඕන...!(නු)
මම නම් කියන්නේ ඔය කවුරු ආවත් නැතත් අපිට නම් පලක් නැ කියලයි ....(ස)
ආණ්ඩුවට කඩේ නොගිහිං දැන්වත් විපක්ෂ නායක භූමිකාව හරියට රැකගන්න ලැබේවා ජය වේවා...!(නු)
නවීන් ඉල්ලන් කෑවා.. සජිත් ඉල්ලන් කනවා.. අනේ අපේ රුව්න් ඔබ පරිසසමින්.. යූ.එන්.පී එක ගොඩගන්න ඔබ තුමයි..ඒ වගේම රනිල්ට පස්සේ ඔබේ නායකත්වය ඔබට ජය..!(නු)
අවසානය උදාවුණා ..(ස)
අනේ මෙහෙම තණ්හාවක්. අපේ රටේ මිනිසුන් ඉතාම අවාසනාවන්ත ජාතියක්. ..(ස)
තවත් වසර 6 ක් විපක්ෂයේ ඉන්න ලැබේවා ..(ස)
කවදාවත් UNP ගොඩ ගන්න බැරි වේවි ..(ස)
සදාකල් විපක්ෂ නායක.. අපි කවදා ආණුවක් පිහිටවන්නද ?? ..(ස)
එහෙනම් තව අවුරුදු 6 ක් පුළුවන්..ජය වේවා ..(ස)
2014 වෙනකොටත් විපක්ෂයෙම තමයි ..(ස)
ජනපතිට ලොකු ජයග්‍රහණයක් මේක නියමයි ..(ස)
රන්ල් මහතාට තවත් වසර 6 ක් නෙවේ, තව වසර 12 ක් නායකත්වයේ ඉන්න ලැබේවා ! ජනපති තුමාගෙ ජය නියතයි.. ජය වේවා ! ..(ස)
එජාපය ජයග්‍රහණය කරා ගෙනයාමට නායකතුමාට සියලුදෙනාගේ සහයෝගය දැන්වත් ලබා දියයුතුයි. ..(ස)
පව් ... නියමයි (ස)
රනිල් මහත්තයෝ ඔබ පක්ෂය කවදාවත් නැවත ගොඩනගන්න නොහැකි වේද?(නු)
එකම කණගාටුව රජය කරන අනවශ්‍ය වරදි සහගත ක්‍රියාවන්ට විරුද්ධ වීමට හරි කොන්ද පණ තියෙන විපක්ෂයක් නැති වීමයි.. අනේ මන්දා බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ..!(නු)
මෙයත් අර අනුරාධපුරේ එක්කෙනා වගේ මැරෙනකම්ම විපක්ෂනායක.. දෙවි පිහිටයි යූ.එන්.පී.(නු)
මෙන්න තේරවිලි ප්‍රකාශයක් ඔබට. හිටියත් බැරි නැතුවත් බැරි නායක තුමා කවුද?(නු)
රනිල් මහත්තයගේ නායකත්වයෙන් සාධාරණ ආණ්ඩුවක් පිහිට වෙන්න ලැබේවා (ස)
ජනාධිපතිතුමාට අද තමා පදවි ප්‍රාප්තිය සමරන්න තිබුණේ. (නි)
එජාපය සිංහල බෞද්ධ පදනම මත පිහිටා කටයුතු කරන්න සූදානම් නැති තෙක් එජාප යට පරාජය හැරෙන්න වෙනයමක් නැහැ. (නි)
මෙහෙම ගියොත් එ.ජා.පයට දෙයියන්ගේම පිහිටයි! (ස)
මම දැන් චන්දෙ දෙන්නේ නැහැ (දී)
කොහොමද මිනිස්සු චන්දය දුන්නේ, දැක්කාද (දී)
අයියෝ සල්ලි පාක්ෂිකයෝ පව් (දී)
සජිත්ට මොකද උනේ අපි නම් දැනගෙන හිටියා (දී)
මටනම් මේ සිද්දිය ඉවසන්න බැහැ, මම දන්නවා අර මනුස්සයෙක් ඇවිත් සිරි කොත ළඟ ගිනි තියා ගත්තෙත් මට වගේ ඉවසා ගන්න බැරිව තමයි (දී)
හිට්ලර්ලා ගොඩයි ලංකාවේ (ස)
මමනම් කවුරු ආවත් කැමතියි (දී)
නමට නම් නායකයෝ කවුරුත් අනාගත නායකයෙක් පෙනෙන තෙක් මානෙක නැහැ.. රනිල් මහත්තයා දැන්වත් හිතන්න ඕන පක්ෂය ගැන... රට ගැන.. (නු)
සජිත් මහත්තයාට තව 6ක් බලන් ඉන්න වෙනවා (දී)
ලාම්පු කළගෙඩි සෙල්ලම හොද නම් මේක නරකයි කියන්නේ කවුද?(නු)
තව අවරුදු 6කට රජයට කිසිම කරදරයක් නැතුව දිනන්න පුළුවන් වේවි. (නි)
නායකතුමාට ජය වේවා ! සුබ පැතුම් (ස)
නියම නායකත්වයට දැන්වත් කෙනහිලි කම් නොකර ජයග්‍රහනය සදහා සහයෝගය දෙන්න දැන්වත් පෙල ගැසෙන්න (ස)
යූ.එන්.පී. එකට සක්විති රජතුමාගේ පිහිටයි ආරක්ෂාවයි..!(නු)
රට ගොඩගන්න ඉන්න එකම නායකයා රනිල් ටික දෙනෙක් සද්දෙ දැම්මට බහුතරය කැමැත්ත එයයි.. යූ.එන්.පී එකට ජය වේවා.. රනිල්ට කැමති අය කාට වහගෙන හිටියට කාලෙ ඇති දැං රනිල් වෙනුවෙන් කතාකරන්න.. රටේ එක ඉන්න එක ශ්‍රී ලාංකිකයාගේ නායක ආරක්ෂා කරන්න..රනිල්ට ජය වේවා..!(නු)්
තව අවුරුදු 10කට ජනාධිපති මහින්ද මහත්තයාමයි..!(නු)
ලංකාවට සදාකාලික ජනාධිපතිවරයෙක් සහ සදාකාලික විපක්ෂනයකයෙක් හරියන්නේ නෑ !!!
ගහපු පොල් වල හැටියට රනිල්ට ඊට ඉස්සර මොනවා හරි වෙයිද?(නු)
අරමුණක්,සැලසුමක්,නොමැතිව මොනවා කරනවද මන්දා (ස)
ඒජාප ආන්ඩුවක් තව අවුරුදු 6 යනකම් පත්වෙන්නේ නෑ...........අපි අපේ වෑඩක් කරගෑනීමට අනිත් පැත්ත හැරෙමු..!(නු)
විධායකය ප්‍රතිපත්ති තීරණය කරන අතර ඒ අනුව ව්‍යවස්ථාදායකය නීති සම්පාදනය කරන බවත් අධිකරණය විසින් සිදු කරනු ලබන්නේ එම නීති ක්‍රියාත්මක කිරීම හා අර්ථකථනය ලබාදීමත් කරනවා. මේක බැලුවහම තේරෙනවා මොකක්ද කලයුත්තේ , හරියට කලානම් , ඕනැකමක් තියෙනවනම් වට්ටන්න පුළුවන් තුරුම්පු වලින් හරි ප්‍රයෝජනය ගන්නේ නෑනේ , එත් සුභ පතනවා ! (ස)
විපක්ෂ නායකතුමාට ජය වේවා.!(නු)
රනිල් විපක්ෂ නායකත්වයේ ඉන්නකම් යූ.එන්.පී.එකට දෙයියන්ගෙම පිහිටයි...!(නු)
ජනාධිපති තුමාට තවත් ජයක්!
චිරන් ජයතු..!(නු)
සුබ පැතුම් රනිල් මහත්තයෝ (ස)
සමහරු කියනවා නේ මැරෙනකල් මම අහවලා කියලා ඒ උනත් ඒවා එහෙම උනේ නැහැ.. හැබැයි මැරුණට පස්සෙත් ඔය තත්වයෙන් යන්නෙ නැහැ.. ජයවේවා නිත්‍ය විපක්ෂ නායක තුමාට.. ජය වේවා..!(නු)
මහින්ද රාජපක්ෂ ජනපති තුමාට හා රජයට සුභ පැතුම්..!(නු)
ලංකාවේ ඉදිරි දේශපාලන පසුබිම කොහොම වෙයිද (දී)
මමනම් කවදත් රනිල් මහත්තයා පැත්තේ (දී)
මිනිස්සු දැක්කාද අත් උස්සලා කැමැත්ත පල කළා (දී)
අපි කවදත් ප්‍රේමදාස පවුලට සහාය දෙනවා (දී)
ලොක්කෝ දෙන්නම දිනුම් (ස)
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල චරිත මේ නිසා නැති වෙන්න පුළුවන් (දී)
විරවංශ මහත්තයා අනුගමනය කරන්න (දී)
මම හිතන්නේ සජිත්ට තව කල් තියනවා නායකයා වෙන්න. අත්දැකීම් නැති කෙනෙක් විපක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ නායකයා වෙනවට වඩා රනිල් වික්ක්‍රමසිංහ නායකත්වයේ ඉන්න එක හොදයි. රටක් කරන්න පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙකුට අමාරුයි කියන එකයි මගේ මතය. (ස)
ලංකාවට සදාකාලික ජනාධිපතිවරයෙක් සහ සදාකාලික විපක්ෂනයකයෙක් හරියන්නේ නෑ ලොක්කෝ දෙන්නම දිනුම් (ස)
මිනිස්සුන්ගේ කැමැත්ත තමයි දේශපාලනය කියලා කියන්නේ (දී)
දේශපාලනය තුල දේශපාලකයන් හැර අනෙකුත් විවිධ චරිත ( නළුවන්, පඹයන්, රූකඩ, මැරයන් , හොරුන්, මිනී මරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර චූදිතයන්, ජනතාවට විහිලු සපයන මහල්ලන්, බොරු කාරයන් ) සිටින රටක එකම සැබෑ දේශපාලකයා රනිල් වික්‍රමසිංහ පමණි. කවදා හෝ මේ රට ගෝත්‍රික බවින් මුදවා නැවත ශිෂ්ට සම්පන්න රටක් කළ හැක්කේ එවැනි නායකයෙකුට පමණි. (නි)
සුබ පැතුම් රනිල් මහත්තයෝ (ස)
ඕන තරම් කාලයක් ඉන්න පුළුවන් විදියට ව්‍යවස්ථාව වෙනස් කර ගත්තනම් හරි (ස)
සදාකාලික පක්ෂ විපක්ෂ නායකවරු පත් වෙන්නේ අපේ රටේ කතාවෙලාවත්ද දන්නෙ නෑ නේද...? (ස)
සජිත් මහත්තයාට කියන්න මමනම් චන්දෙවත් දෙන්නේ නැහැ (දී)
ලුම්බිණි ඇයි මෙහෙම කියන්නේ ....? (ස)
ලංකාවේ දේශපාලනය කොයිබට යයිද (දී)
කෝ සජිත්ට තියනවා කියපු සීයට පනහක මන්ත්‍රී සහය? (ස)
සුබ පැතුම් (ස)
සජිත් මහත්තයා මොකද්ද දැන් කරන්න හිතාගෙන ඉන්නේ (දී)
රටට වැඩක් කරන්න නම් තව කාලයක් යයි. ඊලඟ ඡචන්දෙ ප්‍රතිපලත් දැන් පැහැදිලිනේ. ඔබතුමාට කැමති ජනතාව දෙපැත්තෙම ඉන්නවා. (නි)
වෙනම පක්ෂයක් ගොඩ නගන්න (දී)
ජනතාවටනම් සොරිම තමා . (ස)
unp අන්තයටම....(ස)
යු.එන්.පි එකේ ඉදිරි ගමන කොහොමද (දී)
ජය වේවා !!! (ස)
ආණ්ඩුවටත් සුභ පැතුම් (ස)
සජිත් මහත්තයා පව් (දී)
පාක්ෂිකයන්ගේ බලාපොරොත්තුව යූ.එන්.පී. ආණ්ඩුවක්. ඒක රනිල්ට බැරිබව පසුගිය ඡන්ද සියල්ලෙන්ම හොඳින් පැහැදිලි වුණා. ඒ බව ඔය වටේ ඉන්න අයට තේරෙන්නේ නැහැ. පාක්ෂිකයිනි, තව අවුරුදු 6ක් ඉවසන්න. (නි)
දැන්වත් ජෙනරාල් ෆොන්සේකා මැතිතුමා වටා එකතුවී මේ අක්‍රමිකතා වලක්වමුද..?(ස)
මම හිතන්නේ විජය කුමාරතුංග මහත්තයා වගේ නව පක්ෂයක් හදා ගත්තානම් සජිත් මහත්තයා ඇතුළු පිරිස ඉවරයි (දී)
සාධාරන ඡන්දයක් පැවැත්වුණොත් රනිල් මහත්තයා දිනුම් .රනිල් මහතාට ජය වේවා ! සුබ පැතුම්! (නි)
එරෙහි උනාට වැඩක් නැත (දී)
හොදයි ...හොදයි ... (දී)
කෙනෙක් ඇදුම් නැතුව ජනතාව ඉස්සරහා ඉන්නවා. ජනතාව එය දැක සිනහා වෙනවා. ඔහු හිතනවා මේ අය හිනාවෙන්නේ මට කැමති නිසා කියලා. ඉතින් එයත් අර සිනාවට එකතුවෙලා මහා හයියෙන් හිනාවෙනවා. පුලුවන් නම් තේරුම්ගන්න. (නි)
රනිල් ගිනස් වාර්තාවක් තියයි වගේ..!(නු)
ගිනස් වාර්තා පොතේ රනිල් වෙනුවෙන් වෙනම පිටුවක් වෙන්කර ඇත. (නු)
රනිල්ට ලංකාවේ ඡන්දයක් දිනා ජනාධිපති වීමට නොහැකි වීම රනිල්ගේ වැරැද්දක් නොව, එය ලංකාවේ ජන සමාජයේ වරදකි. මක් නිසාද යත් රනිල් වික්‍රමසිංහ යනු සිංගප්පුරුව, දකුණු කොරියාව, ජපානය වැනි දියුණු රටක සිටිය යුතු නායකයෙක් විනා හොරුන් මිනීමරුවන් කර උඩ තබා ගන්නා ලංකාවේ ජන සමාජයේ සිටිය යුත්තෙක් නොවන නිසාය. (නි)
නව නායකයෙක් එපා කියලානේ කියන්නේ (දී)
මිනිස්සුන්ගේ චන්දයෙන් නම් පත් වෙන්නේ මිනිස්සුන්ට අවශ්‍ය කෙනා පත් කරනවා (දී)
මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මම කියන්නේ ඕනෑම කෙනෙක් ලොක්කා උනාට කමක් නැහැ (දී)
පක්ෂය ඇතුලේ ප්‍රශ්න ඇති කර ගන්න එපා (දී)
සුභපැතුම් රනිල් (දී)
සජිත්ට පුළුවන් නම් ගිහින් නගර සභාවකට ඉල්ලන්න කියන්න. රනිල්ට අපේ සුභ පැතුම්!!! (නි)
රනිල්ගේ මෙම ජයග්‍රහණය ගැන අපට සතුටුයි. මේ අනුව එ .ජ .නි.ප .ට දිගටම ජය නියතයි. (නි)
ඔබතුමා දිනපු එක ගැන වැඩිපුරම සතුටු වෙන්නේ කවුද කියලා දන්නවද ? .(ස)
රනිල් මහත්තයෝ සුභ පැතුම්. !! (ස)
මිනිස්සුන්ගේ කැමැත්තනේ (දී)
දැන් ඉතින් බය නැතුව 6 අවුරුද්දක් ඉන්න පුළුවන් .(ස)
පක්ෂය ස්ථාවර කරගන්න උත්සාහ කරන්න (දී)
තමන්ගේ වළ තමන්ම කපා ගන්නවා කියන්නේ ඕකට තමා. (නි)
අභියාචනා කරන්න බැරිද (දී)
සජිත් මහත්තයාගේ නරක කාලයක් (දී)
අයියෝ සල්ලි
පක්ෂයේම ඉන්නවා අකමැති අය (දී)
කට්ටියට වෙනසක් ඕනේ නැහැ වගේ (දී)
වැඩිම කාලයක් එකදිගට හිටිය විපක්ෂ නායක (දී)
චිරං ජයතු! (නි)
දැන් ඉතින් එ.ජා.ප යේ මළගමට මල්වඩම් අවශ්‍ය නැති බවකුයි මට නම් හැගෙන්නේ. (නි)
අපි කවදත් සජිත් මහත්තයත් එක්ක ඉන්නවා (දී)
මේ විදිහ හොදයිනේ මොකටද වෙනසක් (දී)
යූ.එන්.පී. එකේ ඉන්න සමහර ඉහළ අය ජන හද ගැස්ම හඳුනන්නේ නැහැ. (නි)
රනිල් මහත්තයා දිනන අන්තිමට (දී)
මමනම් කැමති මේ වෙච්ච දේට (දී)
අයියෝ සජිත් (දී)
දැන් මොකද සජිත් මහත්තයෝ අපි කරන්නේ (දී)
ඉවසන්න තමයි තියෙන්නේ සජිත් මහත්තයෝ (දී)
ඔයා දිනුම් ඒත් UNP එක පරාදයි (ස)
චේතනාව පිරිසිදුනම් කරන ක්‍රියාවන් යහපත්වනවා සේම කරණ ක්‍රියාවේ යහපත් ප්‍රතිපල ලැබෙනවා. මෙහි බොහෝ දෙනක් රටට සංස්කෘතියට අපේකමට ආදරය ඇති අය නොවෙයි. කෙසේ හෝ බලය ලබාගන්න උත්සාහ කරන උදවියයි. මෙහෙම අය බලයට පත්වුණත් රටට වෙන්නේ මහා විපත්තියක්. මෙහි සිටින මිසනාරීන් බලාසිටින්නේ ලංකාව තවත් රෝමයක් කරන්නයි. ජාතිවාදීන් බලාසිටින්නේ අපේ රට තවත් තමිල්නාඩුවක් කරන්නයි. යුක්තිය අයුක්තිය හා ස්වභාවධර්මයා විසින් මාගේ උතුම් මාතෘභූමිය අරක්ෂා කරනු ඇත. (නි)
ඉවසන දනා රුපු යුදයට ජය කොඩිය (දී)
කිසිදා නොවෙනස් විපක්ෂයක් (දී)
කොළ පාට ඇදලා නිල් පාටින් බලන්න එපා. (නි)
සුභ පැතුම් ජනාධිපතිතුමනි! (නි)
කට්ටියට සතුටු ඇති.!(නු)
රනිල් මෙතුමට ජය වේවා.!(නු)
අසරණ ලංකාව (දී)
හසිතගෙ මතයට සීයට සීයක් එකගයි. රනිල් මහත්තයට විරුද්ධ අය මට කියන්න, සජිත් මහත්තයා අපිට ඉදිරිපත් කරලා තියෙන අනාගත වෑඩ පිළිවෙල මොකක්ද කියලා. (නි)
ජනාධිපතිතුමාට ජය වේවා! (නි)
අනේ පවු! (නි)
සජිත් කොන්ද පන තියෙන නායකයෙක් (දී)
2/3 බලයක් තිබුණු යූ.එන්.පී. යමද මේ? (නි)
ලංකාව කියන්නේ ඉතිහාසය පුරාම බටහිර රටවල් වල කුහකකම් වලට ගොදුරු වීමේ තර්ජනය තිබෙන රටක්. කොටි යුද්දෙත් ඒ වගේ දෙයක් තමයි. මේ වගේ දේවල් වලදී ඔය එජාපෙ දැන් ඉන්න බොහෝ දෙනා දරන ආකල්ප නම් රටට ජාතියට හරියන ඒව නෙමෙයි කියලයි මට හිතෙන්නෙ. මේ සිද්ධිය නිසා එජාපෙ තව බොහෝ කාලයකට දිනන්නෙ නැති තත්වයකට පත්වීම රටට ජාතියට එක්තරා විදියකට යහපතක් ආශිර්වාදයක් වනු ඇත. (නි)
නියමයි.... (දී)
රනිල් ඔබට ජය වේවා
සජ්ත් ගැන අපිට ආඩම්බරයි (දී)
රජය තව වසර 6ක් යනකල් දීර්ඝ කළා (දී)
මමනම් දැනගෙන හිටියා (දී)
කට්ටියකට වාසියි. මහජනතාවට තමයි අවාසි .(ස)
සජිත් මහත්තයාට තියෙන්නේ වෙනම පක්ෂයක් හදන්න අපි ඉන්නවා ඔබට (දී)
මොකද්ද එතකොට වෙනසක් ඕනේ කිය කියා මිනිස්සු කියෙවුවෙ, කෝ (දී)
අපිටනම් කවුරු ආවත් එකයි (දී)
සිංහලයට බැරි මොනවද ආයුබොවන්ඩ.. (ස)
මෙච්චර කල් ඉල්ලන් කෑවා. දැන් කාලා ඉල්ලනවා...අනේ මන්දා .(ස)
රටක සංවර්ධනයට දුෂණයන් වංචාවෙන් තොර රජයක් මෙන්ම ශක්තිමත් විපක්ෂයක් තිබිය යුතුයි .....අපේ දුප්පත් ලංකාවේ අපේ අවාසනාවට ඒ දෙකම නැහැ ....(ස)
තව 6ක් ඉන්න වෙනවා නව නායකයෙක් ලබන්න (දී)
දැන් අපි මොකද කරන්නේ (දී)
කැමැත්ත මත තමයි ඔක්කොම වෙන්නේ (දී)
සජිත් මහත්තයෝ මොකද කරන්නේ දැන් (දී)
දෙවි පිහිටයි (ස)
දේශපාලනය තුල දේශපාලකයන් හැර අනෙකුත් විවිධ චරිත ( නළුවන්, රූකඩ, මැරයන් , හොරුන්, මිනී මරුවන්, ස්ත්‍රී දූෂකයන්, ළමා අපචාර චූදිතයන්, ජනතාවට විහිලු සපයන මහල්ලන්, බොරු කාරයන් ) සිටින රටක එකම සැබෑ දේශපාලකයා රනිල් වික්‍රමසිංහ පමණි. කවදා හෝ මේ රට ගෝත්‍රික බවින් මුදවා නැවත ශිෂ්ට සම්පන්න රටක් කල හැක්කේ එවැනි නායකයෙකුට පමණි. රනිල්ට එරෙහි වන සියල්ලෝම තමුන්ගේ හොර මැර කම්වලට කවද හෝ දඬුවම් විදීමට සිදුවේයැයි බියෙන් සිටිනවුන්ය රනිල්ට ලංකාවේ ඡන්දයක් දිනා ජනාධිපති වීමට නොහැකි වීම රනිල්ගේ වැරද්දක් නොව. එය ලංකාවේ ජන සමාජයේ වරදකි. මක් නිසාද යත් රනිල් වික්‍රමසිංහ යනු සිංගප්පුරුව, දකුණු කොරියාව, ජපානය වැනි දියුණු රටක සිටිය යුතු නායකයෙක් විනා ලංකාවේ ජන සමාජයේ සිටිය යුත්තෙක් නොවන නිසාය (දී)
සජිත්ට කොන්දක් තියෙනවා (දී)
අශෝක කියන දේ හරි. රනිල්ගේ අදහස් හරියන්නේ දියුණු රටටකට. නමුත් මේ නිසා ආණ්ඩුව වෙනස් වෙන එකක් නැ (ස)
අසෝක හරි (දී)
අයියෝ සජිත්
දැන් මොකද කරන්නේ (දී)
මොකද්ද මොකුත් වෙනසක් උනේ නැහැනේ (දී)
මේ ඔක්කොම එකයි. රටේ මනිස්සුන්ට මීට වඩා ප්‍රශ්න තියෙනවා මුහුණ දෙන්න ...මේවා විහිලු .(ස)
රනිල් මහත්තයෝ, ජය වේවා .(ස)
අශෝක ඔබ හරියටම හරි . කට්ටියට තාම තේරෙන්නේ නෑ මොකද්ද මේ වෙන්න යන්නේ කියලා .(ස)
මොනක්ක එතකොට මිනිස්සු ඉල්ලුවේ වෙනසක් කෝ ඒ වෙනස (දී)
අශෝක හරි .(ස)
ඔබතුමා කාටද නායක කම් කරන්නේ, මිනිස්සු කියනවා ඔබතුමා එපා කියලා (දී)
ජයවේවා රනිල් මහත්තයෝ (දී)
රනිල්ට බලය නොලැබෙන්නේ රටේ මිනිසුන්ගේ වරදින් යැයි කීම වැරදි කතාවකි. යම්කිසිවෙක් යම් දෙයකට දක්ෂනම් ඔහු හෝ ඇය එය ලබාගන්නේමය. ඔහුගේ අදහස් දියුණු රටකට ගැලපෙතියි කීම විය හැක. නමුත් ලංකාව දියුණු වෙමින් පවතින රටකි. බලය ලබාගැනීමට නම් රටක පවතින ජන විඥානය තේරුම් ගත යුතුය. මිනිසුන් තමාව තේරුම් ගනීවි යයි බලා සිටීමෙන් පලක් නොවේ. (නි)
එරෙහි උනාට වැඩක් නැහැනේ (දී)
රනිල් හොද නායකයෙක් (දී)