මලල ක්රීඩාවෙන් නව තරග වාර්තා හතක් වාර්තා වූ 38 වැනි ජාතික මහා ක්රීඩා උළෙල ඊයේ (2) නිමාවට පත්විය. මෙවර ක්රීඩා උළෙලේත් කිසිදු අපහසුවකින් තොරවම බස්නාහිර පළාත ජයග්රහණය කළේය.
සුගතදාස ක්රීඩාංගනයේ දී දින තුනක් පුරා පැවැති මලල ක්රීඩා තරගාවලියේ දී මීටර 100X4 සහය දිවීමේ ඉසව් දෙකේ දී කාන්තා සහ පිරිමි කණ්ඩායම් 5ක් තරග නීති රීති උල්ලංඝනය වන පරිදි ධාවනයේ යෙදීම නිසා තරගයෙන් ඉවත් කරන ලදී.
මීටර් 100X4 කාන්තා ඉසව්වෙන් වයඹ හා බස්නාහිර යන පළාත් කණ්ඩායම් ද මීටර 100X4 පිරිමි ඉසව්වෙන් ඌව, දකුණ හා නැගෙනහිර යන පළාත් කණ්ඩායම් ද තරග වැදීමෙන් පසු තරගයෙන් ඉවත් කරන ලද සහය දිවීමේ කණ්ඩායම් වෙති.
සීමා ප්රදේශයෙන් පැන යෂ්ටි හුවමාරු කිරීම ඔවුන්ට එල්ලවූ ප්රධාන චෝදනාවයි.
උස පැනීම පිරිමි ඉසව්වෙන් මංජුල කුමාර (දකුණ මීටර 2.23), මීටර් 800 හා මීටර් 1500 කාන්තා ඉසව්වලින් එන්.එම්.පී. දිල්රුක්ෂි (වයඹ විනාඩි 2 තත්ත්පර 07.10 හා විනාඩි 4 තත්තපර 20.25), මීටර 400 කඩුලූ පැන දිවීමේ (කාන්තා) ඉසව්වෙන් ඩබ්.කේ.එල්.ඒ. නිමාලි (දකුණ විනාඩි 1.00.85), මීටර 5000 පිරිමි ඉසව්වෙන් ජී.වී.ඒ. අබේරත්න (දකුණ විනාඩි 16 තත්ත්පර 51.55), උස පැනීම කාන්තා ඉසව්වෙන් ප්රියංගිකා මධුවන්ති (වයඹ මීටර 1.79) හා මීටර 100X4 පිරිමි ඉසව්වෙන් දකුණු පළාත් කණ්ඩායම (තත්ත්පර 40.43) මෙවර 38 වැනි ජාතික මහ ක්රීඩා උළෙලේ දී නව තරග වාර්තා පිහිටුවූහ.
නිමාවට පත්වූ ක්රීඩා උළෙලේ දී බර ඉසිලීමේ ඉසව්වෙන් කාන්තා හා පිරිමි නව ශ්රී ලංකා වාර්තා හතර බැගින් සටහන් විය. එහිදී වාර්තා වූ බර ඉසිලීමේ නව තරග වාර්තා ගණන 24කි.
පිහිනුම් ඉසව්වෙන් කාන්තා නව තරග වාර්තා තුනක් ද පිරිමි නව තරග වාර්තා පහක් ද බිහි විය.
මෙවර මලල ක්රීඩා තරගාවලියේ දී දකුණු පළාතේ මංජුල කුමාර හා වයඹ පළාතේ ජානි චතුරංගනී ද සිල්වා දක්ෂතම ක්රීඩකයා හා ක්රීඩිකාවට හිමි සම්මාන ලැබූහ. ඔවුන් දෙදෙනා උස පැනීම (පිරිමි) හා මීටර 100 (කාන්තා) ඉසව්හි රන් පදක්කම් ලාභීන් වෙති.
මෙවර ජාතික මහ ක්රීඩා උළෙලේ වේගවත්ම ක්රීඩිකාව බවට ජානි චතුරංගි (තත්. 11.78) පත්්වූයේ ඇයගේ ප්රතිවාදිනිය වන සුජානි බුද්ධිකා (තත්ත්පර 11.88) පරාජය කරමිනි. ශ්රී ලංකාවේ වේගවත්ම ක්රීඩකයා බවට පත්වූ මොහොමඞ් සෆ්රාන් රන් පදක්කම දිනා ගත්තේ තත්ත්පර 10.64කට ය. නිමාවට පත්වූ මලල ක්රීඩා තරගාවලියේ දී වැඩිම රන් පදක්කම් ගණනක් (11) දිනා ගත්තේ දකුණු පළාත විසිනි.
38 වනජාතිකමහාකී්රඩාඋළෙල - 2012
සමස්ත පදක්කම්සටහන රන් රිදි ලෝකඩ
01 බස්නාහිර පළාත 78 53 52
02 මධ්යමපළාත 35 42 36
03 වයඹ පළාත 28 27 29
04 දකුණු පළාත 25 29 40
05 උතුරු මැද පළාත 14 12 23
06 සබරගමුව පළාත 12 16 39
07 ඌව පළාත 05 14 20
ඡායාරූප : ශාන්ත රත්නායක විසිනි
2025 දෙසැම්බර් මස 04
739
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
565
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්රී ලංක
2025 නොවැම්බර් මස 17
454
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රන්පදක්කම් 78 ක් සමග සමස්ත ශූරතාව බස්නාහිර පළාතට
රුවන් Monday, 14 January 2013 03:17 PM
උතුරු සහ නැගෙනහිර පළාත් වලට මොකද වුණේ? (නි)