ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්තරන් කිලෝ සියයක් විකිණීම උත්සාහ කළැයි සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාව් දෙදෙනකු ඇතුළු 11 දෙනකු ඇප මත මුදා හරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා නියෝග කළේය.
රුපියල් දස දහසක ශරීර ඇප හා රුපියල් ලක්ෂය බැගින්වූ ශරීර ඇප ඔවුනට නියම විය.
ඔවුන්ගේ නීතීඥවරුන් වන ජයන්ත ඩයස් නානායක්කාර හා කිංසි හෙට්ටිආරච්චි මහත්වරුන් පැවසුවේ මුදල් හෝ රන් හුවමාරුවක් හෝ ගණුදෙනුවක් සිදුවී නැති බවයි.
යුද හමුදා බුද්ධි අංශ නලධරයකු කෝටිපතියකු ලෙස කොළඹ හෝටලයකදී මෙම පිරිස හමුවූ බව පැමිණිල්ලෙන් කියැවිණි.
චිත්‍රා මාසකෝරාල, බුද්ධිකා මනිමේන්ද්‍ර, ජයදේව පීරිස්, චන්ද්‍රකුමාර සංජීව නදීර්, ආනන්ද රණසිංහ, කිත්සිරි ජයවික්‍රම, කෝසල රාජපක්ෂ, පාලිත ද සිල්වා, තරංග ඩයස් හා රෝයි ගුණවර්ධන ඇප ලැබුවෝ වෙති.
තවත් සැකකරුවකු පොලීසිය සොයයි.
වැඩිදු විභාගය මැයි 20ට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද ඒ ක්‍රිකට් ක්‍රීඩකයාගේ නෝනා ? දන්න කෙනෙක් ඉන්නවා නමි කියන්න.(නදී)
පුංචි රටක් වුනාට හොරුන් දැන් වැඩිවෙලා.(නදී)
රජයේ දේවල් හොරකම් කරන්න ගිය හින්දා මුන්ට නම දාන්න ඕනෑ රාජකීය හොරු කියලා (නි)
ඇප දෙනවා ඇරෙන්න වෙන මොනා කරන්නද? ඕවා අපේ රටේ සාමාන්‍ය දේවල් නේ. (නි)
ලොකු හොරකම් ලොකු නම්බුකාරයින්ගෙ වැඩම තමා. (නි)
මුස්ලිම් ආගමේ කෙනෙක් හිටියොත් පම්පෝරිලා කොයි වගේ අදහස් දායිද? (නි)
අනේ මෙහෙම තණ්හාවක්... අනේ මෙහෙම ආසාවක්... මිනිසුනේ ලැබේද ඉන් සැනසීමක්...(ස)
හිතාදර සහ පම්පෝරි ගහන සියල්ලන්ටමයි මේ කියන්නේ. බලපල්ලා අපේ ලොකු උන්නැහේලා දෙන හයේ පහරවල්.(නදී)
ලොකු අයත් ගෑවීලාලු නේද? (නදී)
කොටින්ගෙන් ගත්ත රත්තරන් ටික කෝ? ඒවාට කවුරුවත් වගකියන්නේ නැද්ද? (නි)
කොහොමද ටිකිරි මොලේ.. (නි)
දැන් කියන්න මේක බෞද්ධ රටක් කියලා. ඒක තමයි කියන්නේ ෂරියා නීතිය තම හරි. ඒකෙක් දෙන්නෙක්ගේ අත කැපුවොත් ආයේ ජීවිතේට ඕවා වෙන්නේ නැහැ. (නි)
ඒ ගොල්ලන්ට නෝනලා කී දෙනෙක් ඉන්නවාද? (නදී)
එතකොට රන් හොරකමත් ලස්සනට ගලා ගියා... (නි)