දකුණු ඇමෙරිකාවේ, පුවර්ටෝ රිකෝ ඇමෙරිකාවේ ෆ්ලෝරිඩා සහ එංගලන්තයේ වේල්ස්හි පැවැති අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලි තුනකින් රන් පදක්කම් දිනාගත් නිලූක කරුණාරත්න ඊයේ (25) අලූයම දිවයිනට පැමිණියේය.
බැඞ්මින්ටන් ඉතිහාසයේ වසරක් ඇතුළත පැවැති මෙවන් අන්තර්ජාතික තරගාවලි තුනකින් රන් පදක්කම් තුනක් හිමිකරගත් එකම ක‍්‍රීඩකයා නිලූක බවට ශ්‍රී ලංකා බැඩිමින්ටන් සම්මේලනයේ සභාපති පරාක‍්‍රම බස්නායක මහතා පැවැසීය.
මෙම තරග සංචාරයට පෙර බැඞ්මින්ටන් ලෝක ශ්‍රේණිගත කිරීමේ 165 වැනි ස්ථානයේ සිටි නිලූක මෙම තරගාවලියේදී දැක්වූ දස්කම් මත මේ වනවිට ශ්‍රේණිගත කිරීම් 73 ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ.
නිලූක රන් පදක්කම් හිමිකර ගත් තරගාවලි අතර පුවර්ටෝ රිකෝ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය, ඇමෙරිකාවේ පැවැති බිල් ග‍්‍රැහැම් මියාමි අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලිය සහ එංගලන්තයේ වේල්ස්හි පැවැති වේල්ස් ජාත්‍යන්තර තරගාවලිය විය.
1
Ceylon Green Life Plantation සමාගම Ceylon ECO Resort ව්‍යාපෘතිය අරඹයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුභපැතුම්