මෙම වසරේ පාසල් බැඩ්මින්ටන් ජයග්‍රහණ රැසක් හිමි කර ගැනීමට ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ සමත් වූහ.
විදුහල්පතිනි හේමා ජයවර්ධන මහත්මිය , ක්‍රීඩා බාර ආචාරිනී දීපානි ගුණරත්න මහත්මිය සහ ක්‍රීඩා පුහුණුකරු ඒ ජයග්‍රහණයන්ගේ නියමුවෝය.
ශ්‍රී ලංකා පාසැල් බැඩ්මින්ටන් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 16න් පහළ බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය බණ්ඩාරවෙල ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්විණි. එහි ඊ කොටසේ බාලිකා අනුශූරතාවය රත්නාවලී බාලිකා විද්‍යාලයයේ කණ්ඩායම විසින් දිනා ගනු ලැබීය.
කුරුණෑගල වෙලගෙදර ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති සමස්ත ලංකා පාසල් 15න් පහළ යුගල බැඩ්මින්ටන් තරඟාවලියේ ඊ කොටසේ බාලිකා ශූරතාවය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයට හිමි විය.
ශ්‍රී ලංකා පාසල් බැඩ්මින්ටන් සංගමයෙන් ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති අවුරුදු 14න් පහළ බැඩ්මින්ටන් තරගාවලියේ ඊ කොටසේ බාලිකා ශූරතාවය ද දිනාගත්තේ රත්නාවලි බාලිකා විද්‍යාල ශිෂ්‍යාවෝය.
නුවර එළිය නගර සභා ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැති අවුරුදු 18න් පහළ බැඩ්මින්ටන් තරඟාවලියේ සී කොටසේ බාලිකා ශූරතාවය රත්නාවලි බාලිකා විද්‍යාලයීය කණ්ඩායම දිනා ගනු ලැබීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසලටත් රටටත් විශාල වටිනාකමක් ඇති දරු පිරිසක් - හැබැයි පැටවුනේ ඉගෙන ගන්න එකත් ඉහලින්ම කරගන්න ඕනෙ හොඳේ.........(ස)
මගේ උණුසුම් සුබ පැතුම් ..(ස)
හොදයි හොදයි. ඔහොම යමු. (නි)
ගමටත්, පාසැලටත්, රටටත්, කීර්තියක් ගෙන දෙන මෙවැනි දක්ෂ දරුවන් ඇගයිය යූතුමයි. නමූත් නොවන්නෙත් ඒකමයි. මේවැනි දරුවන්ගේ අඩූ පාඩූ, කුසලතාවයන් හොදින් හදුනාගෙන තව තවත් ඉදිරියටම යෑමට අත දියයූතුයි. සියලුම දරුවන්ට ජයෙන් ජය නියතයි. මගේ උණුසුම් සුභ පැතුම්! (නි)
සුබ පැතුම් . ගම්පහට ගෞරවයක් (ස)
ලෝකයේ තියෙන හොඳම ක්‍රීඩාව බැඩ්මින්ටන්...ලංකාවෙත් මෙම ක්‍රීඩාව ජනප්‍රිය කරමු (ස)
දුප්පත් පාසලකින් පැමිණ ලබා ගත් දිනුමට අපේ තුති (ස)
රත්නාවලී බාලිකාව සුපිරි පාසලක් , O/L ප්‍රතිඵල අතිනුත් විශිෂ්ටයි ලංකාවේ (ස)