
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ බරපතළ ගෑස් හිඟයක් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) චෝදනා කළේය
එයට හැකි ඉක්මනින් විසඳුමක් දෙන්නැයි පාරිභෝගිකයන් වෙනුවෙන් ඉල්ලීමක් කරන බවද ඔහු ප්‍රකාශ කළේය.
වෙළෙද අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා:
ලාෆ්ස් බෙදා හැරීමේ ගැටලුවක් තියෙනවා. ගෑස් හිගය මැඩ පවත්වන්න ගෑස් වැඩිපුර බෙදා හරින්න කටයුතු කරලා තියෙනවා. ඉරිදා අඟහරුවාදා තව නැව් එනවා.
ලාෆ්ස් සමාගමට නිසි දැනුම්දීම් කරලා තියෙනවා. වහාම ගෑස් ගෙනල්ල බෙදා හරින්න කියලා. කලබලය නිසා ඉල්ලුම වැඩි වෙලා. ඒක තමයි මෙතන වෙලා තියෙන්නේ. වෙළඳපොලේ ගෑස් හිගයක් නෑ. පාරිභෝගිකයා රවටන්න එපා. ඉක්මනට ගෑස් ගෙනල්ලා බෙදන්න. මේ ප්රශ්නය ඇතිවෙලා තියෙන්නේ කහ පාට ගෑස් පාවිච්චි කරන අයට.
ගෑස් හිඟයක් තියෙනවා කියලා ප්රවෘත්ති මවන පිරිසක් ඉන්නවා. කිසිසේත්ම ගෑස් හිඟයක් ඇතිවන්න ඉඩ තියන්නේ නෑ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි නැවත අරගලයක් ඒවි කියලා සතුටක්ද? හිතාගෙන ඉන්නවා ඇති එහෙම ජනාධිපති වෙන්න පුළුවන් කියලා...
සජිත්ව මානසික වෙදෙක් ළගට ගෙනියන්න කවුරුවත් නැද්ද?