
(අංජුල මහික වීරරත්න)
රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන් සඳහා නොමිලේ සංචාරක විසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් තෝරාගනු ලැබූ රටවල් 39 ක විදේශ ගමන් බලපත්‍ර දරන්නන්ට ගාස්තු අය කිරීමකින් තොරව මාස 6 ක කාලසීමාවක් සඳහා නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම පිණිස 2025-07-21 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
ඒ අනුව, නොමිලේ සංචාරක වීසා නිකුත් කිරීම සඳහා ආගාමික හා විගාමික පනතේ විධිවිධාන අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත් නියෝග, අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම පිණිස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd