
(අංජුල මහික වීරරත්න)
විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන් යෝජිත දායක විශ්‍රාම වැටුප් ක්රමයේ පවතින ගැටලු කඩිනමින් නිරාකරණය කර එය මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.
ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයට අදාළව 2026 වසරේ වෙන් කෙරුණු අයවැය ප්‍රතිපාදන මත ක්‍රියාත්මක ව්‍යාපෘතිවල ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය පූර්ව සාකච්ඡාවකට අද (16) ජනාධිපති කාර්යාලයේදී එක් වෙමිනි.
මේ වන විට රටට විදේශ විනිමය ගෙන එන ප්‍රධානතම ක්ෂේත්රයක් වන විදෙස්ගත ශ්‍රමිකයන් වෙනුවෙන්
වඩාත් විධිමත් විශ්‍රාම වැටුප් ක්රමයක අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළේය.
සංචාරක කටයුතු වලට අදාළ යෝජනා දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව ක්‍රියාවට නැංවීම සඳහා එම ව්‍යාපෘතිවලට වෙන් කෙරෙන මුල්‍ය ප්‍රතිපාදන දිස්ත්‍රික් ලේකම්වරුන් වෙනුවෙන් ඇති මුදල් සංචිතයට සෘජුවම යොමු කරන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දුන් අතර, මෙමගින් දිස්ත්‍රික් සංවර්ධන කමිටු සහ සංචාරක කමිටුවල මනා සම්බන්ධීකරණයෙන් යුතුව අදාළ සංචාරක සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කළ හැකි බවද පෙන්වා දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි බලාපොරොත්තු වෙනවා අපිට විශ්‍රාම වැටුපක් ලැබෙයි කියලා,,අනික වැටුප් සංශෝධනයක් අවශ්‍යයි සෑම රටකම,, සයිප්‍රස් වැඩකරන ජනතාවගේ පඩියෙන් කපන සොසල් ඉන්සුවරන්ස් එක අපට අරන් දෙන්න.
කුඩු විරුවන්ව මේ වැටිල ඉන්න තත්වයෙන් ගලවගන්න අවශ්‍යයි. ඒ වගේම අව්වට තෙමි තෙමි වැස්සට වේලි වේලි ඉන්න හිඟන විරුවන්ටත් සහනයක් සැලසිය යුතුයි නේද?
රටේ තත්ත්වය නොදැන සුවදායක දිවියක් ගතකරන රටවිරු ඔබේ චන්දය මංකොල්ලකෑම දෙවන පියවරයි!
මෙය 2007 මහින්ද ජනාධිපති රජය යටතේ මුල් වරට යෝජනා කර පසුව 2011,2015 දක්වා නොයෙක් සංශෝදන සමග ඉදිරියට ආව එහෙත් කරගන්න බැරිවුණා. ඒකට හේතුව වෘර්තිය සමිති... විශේෂයෙන් ජෙ.වි.පි.ය මේ ඒ කලෙ එයාලා කියපුවා. “ජෙ.වි.පි වෘත්තීය සමිති එදා දැඩිව ප්‍රකාශ කළේ රජය මෙම ක්‍රමවේදයන් සකස් කරන්නේ ශ්‍රමිකයාට සැබෑ සහනයක් දීමට නොව, පවතින ආර්ථික සහ විදේශ විනිමය අර්බුද මඟහරවා ගැනීම සඳහා ශ්‍රමිකයන්ගෙන් බලහත්කාරයෙන් හෝ සූක්ෂ්ම ලෙස මුදල් එකතු කරගැනීමට.“ තව ද “වෘත්තීය සමිති දිගින් දිගටම කියා සිටියේ රජය ශ්‍රමිකයාගෙන් මුදල් ලබාගන්නා විශ්‍රාම වැටුප් ගැන සිතීමට පෙර, ඔවුන්ට විදේශයන්හිදී සිදුවන හිරිහැර වැළැක්වීම, නීතිමය ආරක්ෂාව සැලසීම, සහ මෙරටට පැමිණි පසු ඔවුන්ගේ පවුල්වල සුරක්ෂිතතාවය වෙනුවෙන් නොමිලේ ලබාදෙන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් රජයේ වියදමින් ස්ථාපිත කළ යුතු බවයි.“