(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රට ලෝකෙට එකතු කරන්නේ නැතුව ලංකාවට ඩොලර් ගේන්න බැරි බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය පැවසීය.

දේශීයව රෙදි පිළි විකුණන අයට අසාධාරණයක් වන්නේ නැතැයි මෙහිදී සඳහන් කෙරුණා.ඔබතුමාලා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් ආර්ථික පරිවර්තන පනතට එරෙහිව නඩුවක් දැම්මේ ඒකද?ඒ නඩුවෙන් කිව්වේ මොකක්ද? ආනයන ආදේශන සඳහා මූලිකත්වයක් දිය යුතු බව එයින් කියවුණා.අපට අවශ්‍ය වන්නේ අපනයනය ශක්තිමත් කිරීමයි.කළ යුත්තේ දේශීය නිෂ්පාදකයා අපනයනයට තල්ලු කිරීමයි.ලංකාව ඇතුලේ වෙළඳම් කිරීමට එහා යා යුතුයි.මේ අවුල පැන නගින්නේ එහිදීයි.ඔබලා බලයට ආවෙ දේශීය නිෂ්පාදකයා බල ගැන්වීම සඳහායි. අයි.එම්.එෆ් එක කියන හැම පදයටම නටන්න එපා.දේශීය නිෂ්පාදකයා ජාත්‍යන්තරයට ගෙනයාම රජයේ දැක්ම බව අයි.එම්.එෆ් එකට කියන්න යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.