(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණය - 2026 / 2027 සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ජාතික මට්ටමේ සෞඛ්‍ය සංවර්ධන ඉලක්ක මෙන්ම, ගෝලීය වශයෙන් 2030 දී අත්කර ගැනීමට අපේක්ෂිත තිරසර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීමේ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා අවශ්‍ය තොරතුරු ලබා ගන්නා ප්‍රධාන දත්ත මූලාශ්‍රය ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යා හා සෞඛ්‍ය සමීක්ෂණය වේ. අවසන් වරට 2016 වර්ෂයේදී එම සමීක්ෂණය පවත්වා ඇති අතර, ගෝලීය තිරසර සංවර්ධන අභිමතාර්ථයන්හි සෞඛ්‍ය සහ යහ පැවැත්මේ ඉලක්ක වලට අදාළ දත්ත හා දර්ශක කඩිනමින් ලබා දීමට හැකි වන පරිදි යාවත්කාලීන දත්ත ලබා ගැනීම පිණිස ශ්‍රී ලංකා ප්‍රජා විද්‍යා භා සෞඛ්‍ය සමීක්ෂණය පැවැත්විය යුතුව ඇත. 

ඒ අනුව, එකී සමීක්ෂණය පැවැත්වීම සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.