ලබන මාර්තුවේ ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර පැවැත්වීමට නියමිත ඵක්සත් ජාතීන්ගේ මානව හිමිකමි සැසිවාරය සදහා යුරෝපයේ කොටි හිතවාදීහු මේ වන විටත් සුදානමි වෙමින් සිටිති. ඔවුන් යුරෝපා රටවලට අයත් ප‍්‍රධාන නගරයන්හි දි රාජ්‍ය නොවන සංවීධානවල උදවු උපකාර ඇතිව නොයෙක් සම්මන්ත‍්‍රණ පවත්වමින් සිටිති. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා ඉතාලියේ ලෙචිචේ නගරයෙදි ඉන්තේග්රා ඔන්ලුස් නැමැති රාජ්‍ය නොවන සංවිධානයේ උදවි උපකාර ඇතිව ‘අපට ඔන අපේ බිම‘ නැමැති කොටී හිතවාදි සම්මන්ත‍්‍රණය සාර්ථක වු බව ඉතාලි මාධ්‍ය වර්තා කරයි. ඉදිරියේදි ද ඵවැනි සමිමන්ත‍්‍රණ ඉතාලියේ පලෙර්මෝ බියෙල්ලා බොලොඤේඤො නගරවල පැවැත්වීමට සුදානමි කර ඇත. යුද හමුදාව සාමාන්‍ය වැසියන් දහස් ගණනින් ඉතා අමානුෂික ලෙස මරණ බවට බාරවු කොටි සාමාජිකයින් විශාල පිරිසක් අතුරුදන් කර ඇතැයි යන අභුත චෝදනා ඔවුහු මතු කළහ. මේ පිළිබඳව විපරමින් සිටින දැනට ඉතාලියේ වෙසෙන හිටපු යුද හමුදා කොමාන්ඩෝ රෙජිමෙන්තු නිළධාරියෙක් ඵසෑන වෙබි පුවත් පතට කීවේය. රජය අපහසුතාවයට පත් කරන යුරෝපා කොටින්ගේ අසත්‍ය චෝදනාවලට ඵරෙහිව රජයද ඉතා ඉක්මනින් ක‍්‍රියා කළයුතූ ඔහු කියයි. කොටි සංවිධානයේ අත්අඩංගූවට පත් යුද සිරකරුවන් පිරිසකට කළ අමානුෂික ක‍්‍රියා දාමයක් ඵහිදි ඹහු අපට අනාවරණය කළේය. දිගු දුර විහිදුමි බළකායක සොල්දාදුවකූ ලෙසින් වන්නි මෙහෙයුම ආරමිභ වු අවදියත් සමග මුලතිවි උතූරු දෙසින් මුලතිවි වන මැද පිහිටි කොටි වධකාගාරයකට පහර දී ආනාවරණය කරගත් කරුණු කිහිපයක් ඡයාරුප සමගම ඔහු අපට විස්තර කෙළේය. කොටි අඩවියේ පැවැති මෙම වධකාගාරට රැගෙන ඵන හමුදා සෙබළු නොයෙක් වධ බන්ධනයන්ට ලක් කරමින් කාමරයකට දමා මරා පසුව ඇසිඩ් වීශේෂයක් වක්කර ඇත. හමුදා සෙබළුන් රදවා සිටී ඵක් සිර කූටීයක තිබු කවී නිසදැස් වැනි දෑ දුටු තමන්ගේ හදවත දා ගිය බවත් බිත්තිවල සටහන් කර තිබු ඇතැමි දුරකථන අංක වලට පසුව කතාකිරිමේදි දුරකථනයට පිලිතුරු දුන් ඵම සෙබළුන්ගේ මවිපිවරුන් හා බිරින්දෑවරුන් තම පුතා සැමියා වසර මාස ගණනක සිට අතුරුදහන්ව ඇති බවට තමාට කී බවත් නිළධාරියා අප සමග පැවසීය. යුද සිරකරුවනට ඉතා අමානුෂික ලෙස සැලකුයේ රජය නොව මිලෙජ්ජ කොටි සංවිධානය බවට මෙවැනි කරුනු සහිතව ඔප්පු කළ යුතූයැයි ඔහු කියා සිටී.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි දන්නෙ නැහැ එතකොට දමිළ අයව හමුදාවට බදවා ගන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ (නි)
මොහොමඩ් ට ඕන විසදුම ලගදීම ලැබේවි .අපේ බොදු බල සේනා හිමිවරු මේ දවස් වල විසදුම හොයනවා. කලබල නොවී ඉන්න . සෞදි අරාබියේ වැඩකරන බෞද්දයන්ට බුදුදහම අදහන්න අවස්ථාව හදල දෙන්න පුලුවන්ද ඔයාලට .මොකක්ද ඔයාලට මේ සිංහල බෞදධ රටේ ලැබිල නැත්තේ.අධ්‍යාපනයද සෞඛයද ..මොනවද තව ඕන ... (ස)
අප්පෝ... මිලානෝ පනාගොඩ මල්ලිත් මේවට උදවු කරනවා නේද? (ස)
නැති ප්‍රශ්න ඇතිකරගන්නේ නැතුව මිනිස්සුන්ට පාඩුවේ ඉන්න දුන්නා නම් ඉවරයිනේ. (නි)
ලංකාවට පහර දෙන්න කාටවත් බැහැ
හැම කෙනාටම දැන් ඕනැ මේ කුඩා රට බෙදාගන්න. (නි)
ජාතියක් වෙනුවෙන් නෙමෙයි ඔය හඩනගන්නේ.... (නි)
ඒවා කොහෙද අපිත් එක්ක
අපිට මොකුත් කරන්න කාටවත් බැහැ
මොහොමඩ්ලා යුද්දෙට ගියා නම් ඔහොම කියන එකක් නැහැ. අපි සියල්ලන්ටම අවශ්‍ය යුද්ධයෙන් තොර රටක්. (නි)
ඇයි මේ කට්ටිය මොහොමඩ්ව අල්ලගෙන දගලන්නේ? මට පෙනෙන්නේ මේ අයටත් මායාරෝගය වැළදිලා වගෙයි. (නි)
කොටින්ට ඉඩක් නැත
මොහොමඩ්ලාට ඕනෑ වෙලා තියෙන්නේ ආගම් භේදයක් ඇතිකරන්නද? (නි)
ලංකාවට නිගා කරන්න එපා
මොහොමඩ්ලට බනින්න එපා. අපේ ලංකාවට ඉන්නේ මොහොමඩ්ලගේ මුස්ලිම් රටවල් විතරයි (ස)
ඕවාට මොකට කලබල වෙනවද? (නි)
මොහොමඩ්ලා කරන්නේ අනුන්ගේ පහනින් එළිය බලන එක තමයි. (නි)
කොටි කරදර නැහැ ලංකාවේ
මොහොමඩ්ට කාත්තන්කුඩි සිද්ධිය අමතක වෙලාද? (නි)
අයියෝ සල්ලි
ඔව් කමල්, දැන් රටේ විවිධ තරාතිරමේ පුද්ගලයන්ව ඝාතනය කරනවා, කාන්තාවන් දුෂණය කරනවා, විදේශිකයන් මරා දමනවා, කුඩුවලින් සපිරි රටක්වෙලා. මෙවැනි දුෂිත බොහෝ දේ නැතිකරීමට තිබියදී වගකියවුත්තන් උඩබලාගෙන ඉන්නවා. (නි)
මේවා ඉක්මනින් මර්ධනය කල යුතුයි (දී)
අපි නිදහස් ජාතියක්
සැප විදිමින් එම රටවල් වල සිටින බලධාරීන් ඒවාට විරුද්ධ නොවීමයි මේවාට ප්‍රධානම හේතුව වන්නේ. (නි)
කොටි මෙහ්ත් කොටි රටත් කොටි (දී)
යුද්දය ඉවරවෙලා වසර ගණනක් ගියත් තවම දේශපාලනික විසදුමක් නැහැ,. විසඳුමක් දුන්නානම් වෙනත් රටවල ඉන්න කොටි හිතවාදීන්ට කතා කරන්න මොකුත් නැති වෙනවා. (ස)
ඇයි අපට දැන්වත් සමගි වන්න බැරි (දී)
මොහොමඩ්ලා කවදද මව්බිම වෙනුවෙන් කතා කරේ (ස)
අළු යට ගිනි (ස)
යුද්ධය අවසන් කළා සේම පසුව පැනනගින ගැටලු වලටද සාර්ථක විසදුම් සෙවිය යුතුයි. (නි)
අයි කොටින්ට දැන්වත් පාඩුවේ ඉන්න බැරි?
මොහොමඩ්, මොනවා නැතත් උපන් දේශය ගැනවත් සිතිය යුතුයි නේද? (නි)
රජය ඉක්මන් පියවරක් ගතයුතුයි නේද? (නි)
මොහොමඩ්ලා කවදද මව්බිම වෙනුවෙන් කතා කරේ (ස)
මෙවැනි සංවිධාන මුළුමුනින්ම ඉවත් කල යුතුයි (ස)
දේශපාලන විසදුම් දෙන්න මේ රට වෙන රටකට සීමා වෙලා නැහැනේ. ගිහින් බලන්න ත්‍රස්තවාදය නිසා දුක් විදපු මිනිස්සු අද කොහොම නිදහසකින් ඉන්නවද කියලා. යාපනය, පුදුකුඩුඉරිප්පු, වෙල්ලාමුල්ලිවයික්කාල ගිහින් බලන්න කලින් තිබුණු මරණ බය තියෙනවද දැන් කියලා. තිබුණු හෑමදේම විනාශ කළ ත්‍රස්තවාදය අතු ගාලා තමන්ව බේරගත්ත මේ රටේ ආණ්ඩුවේ හමුදාවට ඒ හෑම කෙනාම ණයගැතියි. ඒත් මේ රටේ මිනිස්සුන්ගෙ තියෙන කුම්මෑහිකම නිසා තාමත් ත්‍රස්තවාදය අලුයට ගිනි වගේ වෙලා. ආපහු ඒ මිනිස්සුන්ට ඕනෑ ඒ කාලකන්නි කාලයට යන්න නම් ඒකට අපිට කරන්න දෙයක් නැහැ. (නි)