(සුජිත් හේවාජුලිගේ)

"අපේ වැඩේ අපි කළා. දැන් තියෙන්නේ ඕගොල්ලන්ගේ වැඩේ. ඔයගොල්ලන්ගේ වැඩේ හරියට කරන්න යැයි කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ මැනුම් ක්ෂේත්‍ර සහායක නිලධාරීන්ට  පත්වීම් ලිපි ප්‍රධානය කිරීමේ උත්සවයේදීය

කේ.ඩී. ලාල්කාන්ත මහතා මෙසේද පැවසීය

ඕනම ගමක රාජ්‍ය සේවකයෙක් හිටියා නම් එයා ගෞරවණීය කෙනෙක් බවට පත්වෙලා හිටියා. දැන් ඒ කාලය වෙනස්. 1960 ගණන්වලින් පස්සේ රාජ්‍ය සේවය කියන එක බිඳ වැටුණා. රාජ්‍ය ආයතනත් බිඳ වැටුණා. කලාතුරකින් යම් රාජ්‍ය ආයතනවල  වෙනසක් තියෙනවා. රාජ්‍ය බැංකු පද්ධතියේ යම් වෙනස්කම් තියෙනවා.

තවමත් සමහර රාජ්‍ය ආයතනවල වෙලාවට වැඩ වෙන්නේ නැහැ. තවමත් කීයක් හරි දුන්නම තමයි වැඩේ කරන්නේ. මිනිස්සු කාර්යාලවලට ඇවිත් ගොඩක් රස්තියාදු වෙනවා. එන පුරවැසියන්ට ලබාදෙන පිළිගැනීම තවමත් අඩුයි. ජනතාවට වඩා උඩින් ඉන්නවා වගේ එකක් තමයි තියෙන්නේ. ඒ නිසා මේක වෙනස් කරගන්න ඕනේ. ඒක තමයි ඔබගේ වගකීම.