
(අංජුල මහික වීරරත්න)
රජයේ ඉඩම් ආඥාපනතේ සහ ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන පරිදි නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛ වර්තමාන අවශ්‍යතාවන්ට අනුව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රජයේ ඉඩම්, දීර්ඝකාලීන බදු ක්‍රමවේදය අනුගමනය කරමින් බැහැර කිරීම සඳහා 1947 වර්ෂයේදී සම්පාදිත රජයේ ඉඩම් ආඥාපනතේ විධිවිධානද, මධ්‍යම පන්තිය වෙත වෙන් කරනු ලැබ ඇති ඉඩම් බැහැර කිරීම, දීමනා පත්‍ර නිකුත් කිරීම හා පැවරීම සඳහා 1935 වර්ෂයේදී සම්පාදිත ඉඩම් සංවර්ධන ආඥාපනතේ විධිවිධාන ද අනුගමනය කරනු ලැබේ.
එකී ආඥාපනත්, ඒවායේ පවත්නා නෛතිකමය කරුණු එලෙසම පවත්වා ගනිමින් වරින්වර සංශෝධනයන්ට ලක් කරනු ලැබ ඇති අතර, ඒ ආශ්‍රිතව චක්‍රලේඛ ද නිකුත් කරනු ලැබ තිබේ
කෙසේ වුව ද, රජයේ ඉඩම් දීර්ඝකාලීන බදු පදනම මත ලබා දීමේදී සහ ඉඩම් සඳහා දීමනා පත්‍ර නිකුත් කිරීමේදී හා පැවරීම් සිදු කිරීමේ දී අනුගමනය කරනු ලබන ක්‍රියාපටිපාටීන්, බදු ගණනය කරනු ලබන ක්‍රමවේදයන් සහ අය කරනු ලබන තක්සේරු මුදල් වර්තමානයට ගැලපෙන අයුරින් යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව හඳුනාගනු ලැබ ඇත.
ොඑසේම, දේශීය සහ විදේශීය ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී චක්‍රලේඛ මඟින් සිදුවන අනවශ්‍ය ප්‍රමාදයන් සහ බාධා ඉවත් කර ආයෝජකයින් දිරි ගැන්වීම සඳහා වඩාත් පහසු සහ සරල ක්‍රමවේදයක් ඇති කිරීම අත්‍යවශ්‍යව තිබේ.
ඒ අනුව, එම ආඥාපනත්හි විධි විධානයන් යටතේ ඉඩම් කොමසාරිස් ජනරාල් විසින් නිකුත් කරනු ලැබ ඇති චක්‍රලේඛයන් වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි සංශෝධනය කිරීම සඳහා වන නිර්දේශ ලබා ගැනීම පිණිස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරි මාර්ග අමාත්‍යාංශයේ ලේකම්ගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කිරීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd