රජයේ සේවක වැටුප් රුපියල් 1500කින් වැඩි කර දෙවරකදී ගෙවන බව ජනපති කීවේය. රජයේ හා පෞද්ගලික අංශයේ වැටුප් ව්‍යූහ වඩාත් ක්‍රමවත් කිරීමට වැටුප් කොමිසමක් පත් කරන බව ද ජනපති පැවසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට කොයින්ද පූසෝ මාලු? (නි)
ඔක්කොම ඉතින් රජයේ සේවකයන්ට. වැඩි පඩි, නිවාඩු, විශ්‍රාම වැටුප්. පෞද්ගලික අංශයේ අපි මෙයාලටත් එක්ක හම්බ කරන්න ඕනෑ. ඇයි අපි මේ රටේ මිනිස්සු නෙමෙයිද? (නි)
අනේ අර ඇමතිතුමා කිවුවේ 4 දෙනෙක් ඉන්න පවුලකට ජීවත් වෙන්න හොඳටම ඇති කියලා. ඒකට මේකත් එකතු වුණහම බඩ පැලෙන්නම කන්න පුළුවන්නේ. දැන් ලංකාවේ හැම බඩුවක්ම අඩුවෙලානේ තියෙන්නේ. ඉස්සර බඩු ගත්තේ රුපියල් සත වලට. දැන් බඩු ගන්නේ නිකන්ම සත වලටනේ. ඉතින් 1500 ක් කියන්නේ මොනතරම් ලොකු ගණනක්ද? මට නම් මේ ගණන හොඳටම වැඩියි වැඩි වගේ අප්පා. මාසේ අන්තිමට බැංකු පොතටත් කීයක් හරි දාගන්න පුළුවන් දරුවන්ගේ අනාගතේට. අනේ වාසනාවන් අපිට ලොකුම හැන්දෙන් බෙදුවට. (නි)
මිනිස්සුන්ට අස්වැසිල්ලක්
පුළුවන් නම් තව වැඩි කරන්න
අර 2500ට හුළංද? (නි)
අර 2500 ට හුළං (ස)
1500 තියාගෙන බඩු මිල අඩු කළා නම් තව හොදයි නේද? (නි)
වැටුප් කොමිසම ?? ආයෙත් තවත් වැඩක් පටන්ගන්නයි යන්නේ. (නි)
අද කාලේ හැටියට 1500 ලොකු ගාණක්නේ. (නි)
නිකන් පුටු රත්කරනවට ඔය වැඩිත් එක්ක. (නි)
දුන්නත් බැනුම්, නොදුන්නත් බැනුම්. ඇයි මේ විපත? (නි)
රජයේ සේවකයන්ට වැඩි නොකර කොහොමද? (නි)
පොඩිවුන්ට අයිස් ක්‍රීම් දුන්නා වගේ වැඩක්. (නි)
පුද්ගලික අංශයේ සේවකයින් දිහාත් බැලුවොත් නේද හොද? (නි)
ජනතා සේවය
ෆොන්සේකා මහත්තයා ආවා නම් 10,000ක් ගන්න තිබුණා. අපරාදේ. (නි)
ඕකට මොකටද කොමිසන්? වැඩිකරනවා නම් එක පැයෙන් වැඩිකරන්න පුලුවන්නේ. (නි)
අපේ ගෙදර අයට ඇහුණද දන්නෙ නැහැ. හැබැයි අපි නම් රැවටෙන්නෙ නැහැ. (නි)
අනේ වසනාවන්.....(ස)
ඉතා හොද වැඩක්
පෞද්ගලික අංශයේ අයට හුළංද ? (ස)
ජයවේවා
මන්ත්‍රී, ඇමති හා පළාත් සභා නිලධාරීන්ගේ පඩි අඩු කරන්න අදහසක් ඇත්තෙම නැද්ද ?? (ස)
අපෝ අපිට එපා, ඕකත් ඔයාම තියාගන්න .(ස)
අනේ අපිට බුදු සරණයි.(ස)
රු. 1500 මාසෙට දෙවරකදී ගෙවනවද රුපියල් 750 ගණනේ - මොකද්ද හොරයක් තියනවා අනේ මන්දා..... හක්කෙ බුදුරස් බොක්කෙ දඩමස්.....(ස)
ඕක මොකද්ද අප්පා දෙපාරට ගෙවන්නේ..එකෙන්ම ගෙව්වනම් ඉවරනේ .(ස)
මෙච්චර වැඩියි නේ .(ස)
අඩු ගනනේ එක සැරේවත් දෙනවනම් .(ස)
ඕකත් තියාගන්න. අපිට එපා. (නි)
ඉතින් ඕකත් නොදී හිටිය නම් හරිනේ.. ඕක දුන්න නොදුන්නා කියල කිසි වෙනසක් නෑනේ බඩු මිල අහස උසට අපි පොළොවෙන් පල්ලෙහට.........(නු)
අයිස් ගහන රජයේ සේවකයන්ට බද්දක් ගහන්න ඕනෑ. (නි)
මේ රටේ කන්නෙ බොන්නේ රජයේ සේවකයෝ විතරයිනේ. අනේ මෙහෙමත් ආශ්චර්යක්? පණ ඇති විපක්ෂයක් නැති වුණානේ. (නි)
මම හිතන්නේ මේ රටේ පෞද්ගලික සේවා නැතුව ඇති. ජිවත් වෙන්නේ රජයේ නිළධාරීන්ම විතරක් වෙන්න ඇති. අනේ අපිට බුදු සරණයි !!! (නි)
අපි ඒකෙන් සතුටු වෙමු .(ස)
1500කින් මොනවා කන්නද? (නි)
මාගේ බලවත් ශෝකය! (නි)
1500කින් දවසක්වත් ජීවත් වෙන්න පුලුවන්ද? (නි)
කියලා වත් කර ගන්න බැරි වැඩක්
එතකොට රජයේ සේවකයන් නොවන අපි? (නි)
ඒකත් නොදීම තියාගත්තා නම් හරිනේ. (නි)
අපිට කොයින්ද පූසෝ මාලූ? අපි යනවද මූහුදු? (නි)
ඒ වැඩේ වටිනවා
කියපු විදිහට 2500 ට තව 1000 යි අඩු. දැන් ඉතින් බෑංකු පිරෙයි මිනිස්සු සල්ලි ඉතුරු කරලා. (නි)
රගර් තරගයක් බලන්න බස් එකකවත් යන්න මදි. (නි)