රාජ්‍ය සේවය නම් වූ පිරුවටය කිළිටි කරන්න හොඳ නැහැ. තමන්ගෙන් පසුව එය තවත් කෙනකුට අඳින්නට හැකි පරිදි පිරිසිදුව තබාගත යුතුයැයි තංගල්ල හිටපු පළාත් බඳ මහාධිකරණ විනිසුරු චන්ද්‍රසේන රාජපක්‍ෂ මහතා පැවැසීය. රාජපක්‍ෂ මහතා විශ‍්‍රාම ලැබීම නිමිත්තෙන් තංගල්ල පළාත් බඳ මහාධිකරණ ශාලාවේ අද පැවැති උපහාර උත්සවයේදී විනිසුරු එසේ කීය. රාජ්‍ය සේවකයන් පඩි ගන්නේ ජනතා බදු මුදලින් බවත් අසරණ මිනිසුන් අධිකරණයේ පිහිට පතා එන්නේ කණකර පවා උගස් කර බවත් විනිසුරු පැවැසීය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකනෙ අපේ අය චේචර ඇහුවත් වැඩක් නැහැ පිරුවටේ කිළිටි කරගන්නවානේ..?(නු)
මොනවා කලත් පුද්ගලික අංශයට වඩා මිනිස්සු රාජ්‍ය සේවයට තවම කැමතියි (දී)
සබන්සද , මෙය කිළිටි කළේ අද ඊයෙ නොවන වග පවසමි..!(නු)
කාලෝචිත ප්‍රකාශයක් (ස)
ඔන්න දැන්වත් ජනතාව දැනගන්නකෝ එහෙනම් සමහරුන්ගේ කිල්ලෝට වල හුණු තියෙනවා කියලා. (නි)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. එතකොට දේශපාලඥයින් වැටුප් ලබන්නේ කාගෙන්ද?
මඩ ගාගෙන, මඩ නාගෙන ඉන්න දේශපාලඥයින්ගේ පිරුවටය අස්සේ හැංගිලා ඉන්න සමහර රාජ්‍ය සේවකයින්ගේ ඇගේ මඩ නොතිබෙන්න පුලුවන්ද? (නි)
කාටද මහත්තයෝ ඕවා කියන්නේ..ලංකාවේ අයටද ? (ස)
මේක තමයි අපේ කරුමය සහ උරුමය... (නි)
හිරගේ ඇතුලේ කැරලි ගහපු ජුලම්පිටියේ අමරේව ඇපදීලා ගෙදර යවපු වෙලාවේ ඔය පිරුවටේ සුදුපාටින් බැබළුණා. (දී)
විනිසුරුතුමනි සමහර අය පිරුවටේ කුණු ගාගෙන මයි ඉන්‍නෙ..(නු)
හැමකෙනාම ඔහොම හිතන්නෙ නැහැ මහත්තයෝ. (නි)
හැම කෙනාම ඔහොම හිතන්නෙ නැහැ මහත්තයෝ..!(නු)
මෙය රාජ්‍ය සේවයට පමණක් නොව සියලුම සේවා වලට පොදුය. (නි)
ඉතා වටිනා ප්‍රකාශයක්..!(නු)
කතාව ඇත්ත ඒත් එහෙම හිතන්නේ කීයෙන් කී දෙනාද? (නු)
වටිනා වැදගත් කියමනක්.. එතුමාගේ චරිතයත් ඒ වගේ ඇති කියලා හිතනවා..!(නු)
කෙනෙක් ඇහුවොත් ලොන්ඩරි සෝදන යන්ත්‍ර තියෙන්‍නෙ මොකටද කියලා මොකද කියන් නෙ?(නු)
නියමයි හොද වැඩක්..!(නු)