රජයේ උත්සාහය අදිකරණයේ ස්වාධීනත්වය සුරැකීම බවත් රජය එසේ කරන්නට යනවිට ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණ නිදහස නැතිකරතියි කෑ ගසන බවත් මහින්ද රාජපක්ෂ ජනපති අරලියගහ මන්දිරයේදී ප්‍රකාශ කළේය. ‘‘විනිශ්චයකාරවරුන්ට අපේ රටේ ලොකු ගෞරවයක් තිබෙනවා. නඩුකාර හාමුදුරුවන් යනුවෙන් අමතන්නේ ඒ නිසා. ජනාධිපති හාමුදුරුවන් ලෙස අමතන්නේ නැහැ. විනිසුරුවරුන් තම කාර්යයෙන් බැහැරව ආර්ථික වාසි තකා ක්‍රියා කළහොත් මිනිසුන් බලාපොරොත්තු වන යුක්තිය ඉටුවන්නේ නැහැ. රජය උත්සාහ කරන්නේ එවැනි දේට ප්‍රතිකර්ම යෙදීමයි. එය අධිකරණයට ඇඟිලි ගැසීමක් නොවේ.‘‘ ජනපති මේ අදහස් ප්‍රකාශ කළේ රෝහිත අබේගුණවර්ධන මහතා විසින් පලකළ පොත් කිහිපයක් දොරට වැඩීමේ උත්සවයකදී ය.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇඟිලි ගැහැව්වේ නෑ තමයි ඒ වුණත් පයින් ගහනවානේ!(ස)
එසේ කරන්න අයිතියක් නැහැ (දී)
ඒක තමයි වෙන්න ඕනේ (දී)
ඕවා අහලා අපිට ඇති වෙලා (ස)
එසේ කලහොත් අධිකරණයේ තියෙන විනිවිධ බව නැති වෙනවා (දී)
ඒක හොදයි
අධිකරණයට ව්‍යවස්ථාදායකයටවත් හා විධායකයටවත් බලපෑම් කරන්න බැහැ (දී)
ඒ කතාව හරියටම හරි (ස)
මම නම් මොකුත් කියන්න කට අරින්නේ නැහැ, මොකද වැඩක් නැති නිසා (දී)
දැං මේ රගපාන්නේ මේ කතාවේ අනිත් පැත්තතයි.. නඩුත් බඩුත් හාමුදුරුවන්ගේ කතාව මට මතක් වෙනවා.. හරිම කැතයි..!(නු)
සාධාරණයේ සංකේතයයි අධිකරනයා කියන්නේ (දී)
අධිකරණයට මොකවත් කරන්න එපා (දී)
වඩාත් උත්තරීතර වන්නේ කුමක්ද ?? (ස)
එසේ නොකරන්නේනම් හොදයි (දී)
ඇත්ත නේන්නම්.... (නි)
මම කිසි දෙයක් දකින්නේ නැහැ..... මට කිසි දෙයක් ඇහෙන්නේ නැහැ.....මට කිසි දෙයක් කියන්නේ නැහැ (දී)
ඒකනම් ඇත්ත. රජය අධිරකනයට ඇඟිලි ගහන්නේ නැහැ. ඒ වගේම් අධිකණය ගනන්ගන්නෙත් නැහැ.(නු)
එහෙනම් එහෙනම්..!(නු)