IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රජත මයුර සම්මානය ලංකාවට

43 වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල‘ ඔබ සමග ඔබ නැතුව‘ චිත්‍රපටයේ රඟපෑ ඉන්දියා නිලි අන්ජලී පටිල් හොඳම නිළිය ලෙස රජත මයුර සම්මානය දිනා ගත්තාය. මෙම සම්මානය සමග  ඉන්දියානු රුපියල් දස ලක්ෂයක හෙවත් ලංකා මුදලින්  රුපියල් විසිතුන් ලක්ෂයක් ඇයට හිමි විය. ශ්‍රී ලංකා ඉන්දියානු සම නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටයේ අනෙක් ප්‍රධාන චරිත ශ්‍යාම්  ප්‍රනාන්දු සහ වසන්ත මොරගොඩ රගපෑහ. හොඳම නළුවා ලෙස පෝලන්ත රුසියන් ජර්මන් සම නිෂ්පාදනයක් වූ ‘රෝසමල‘ චිත්‍රපටයේ රඟපෑ මාර්සින්  ඩොරසින්ස්කියට හිමි විය. මෙවර උළෙලේ හොඳම චිත්‍රපටය ලෙස  ස්වර්ණ  මයුර සම්මාන දිනාගත්තේ  පන්ජාබ් භාෂාවෙන් නිෂ්පාදිත ‘අන්ධ  අශ්වයාට දානයක්‘ චිත්‍රපටයයි. ඉන්දියා රජයේ ජාතික චිත්‍රපට ප්‍රවර්ධන මණ්ඩලයේ නිෂ්පාදනයක් කළ එය ගුර්වින්දා සිං ය  අධ්‍යක්ෂණය කෙළේය. හොඳම අධ්‍යක්ෂ සම්මානය දකුණු කොරියාවේ ක්වියු හුවාන් ජෝන්ට හිමිවිය. ගෝවේ නුවරදී පැවැත්වුණු මේවසරේ  සිනමා උළෙලේ තවත් විශේෂ ලක්ෂණයක් වුයේ බෞද්ධ කතා තේමාවන් ඇතුලත් සිනමා පට සඳහා වෙනම අංශයක්  ඇතුළත කර තිබීමයි. මේ පිළිබඳව කරුණු පැහැදිලි කල ඉන්දියාවේ ප්‍රවෘත්ති සහ සන්නිවේදන ලේකම් උදය කුමාර් වර්මා පැවසුවේ බුදුදහමෙහි ඇති පරම විඥානය ලෝකයාට පෙන්වාදීමට දැන් හොඳම කාලය බවයි. මේ සඳහා සිනමාව මෙවලමක් ලෙස යොදා ගැනීම ඉතාම වැදගත් මෙන්ම සුදුසු වන බැවින් මෙවර සිනමා උළෙලට බෞද්ධ චින්තනය ඉස්මතු කෙරෙන  සිනමා නිර්මාණ ඇතුලත් වෙනම අංශයක් අන්තර්ගත කිරීමට තීරණය කල බව ඔහු පැවසුවේය. තරඟකාරී අංශයෙන් බැහැරවූ බෞද්ධ චිත්‍රපට අඅංශයට ඉන්දියාවේ සහ ලෝකයේ විවිධ රටවල නිෂ්පාදිත සිනමා කෘතීන් නමයක් ඇතුලත්විය.



අදහස් (0)

රජත මයුර සම්මානය ලංකාවට

ටෙනිසන් Saturday, 14 January 2017 08:31 PM

සුබ පැතුම්!

:       0       0

අසේල Saturday, 01 December 2012 06:42 PM

නිළිය එහෙ වුණත් චිත්‍රපටිය අපේ කියලා හිත හදා ගමුකො. (නි)

:       0       0

කෞශල්‍ය Saturday, 01 December 2012 08:10 PM

සුභපතනවා මම (දී)

:       0       0

දංගොඩ Saturday, 01 December 2012 08:46 PM

දයා, ඔයාගේ ඔය විදියට හිතන මානසිකත්වය නැති කරගන්න. එයා ඉන්දියන් නිලියක් වුණාට, ලංකාවේ අධ්‍යක්ෂවරයකුගේ නිෂ්පාදනයක්. (නි)

:       0       0

සාමා Saturday, 01 December 2012 09:21 PM

මගේ උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

දයා Saturday, 01 December 2012 03:15 PM

සතුටුයි. ඒත් නිළිය අපේ රටේ නෙමෙයිනේ (ස)

:       0       0

අනුර Saturday, 01 December 2012 03:13 PM

සුබ පැතුම් ප්‍රසන්න (ස)

:       0       0

සුනිල් Sunday, 02 December 2012 02:16 AM

සිංහල, දෙමළ, මුස්ලිම් අපි සියල්ලන්ම එක මවකගේ දරුවන් බව මෙම දියණිය ලොවටම පසක් කළා. (නි)

:       0       0

මහික Sunday, 02 December 2012 02:11 AM

ලංකා මාතාවට සුභපැතුම් (දී)

:       0       0

මාලක Sunday, 02 December 2012 02:13 AM

ජය ශ්‍රී ලංකා මාතා (දී)

:       0       0

ලියන්ජෝන් Saturday, 01 December 2012 04:38 PM

දයා ඔයා වගේ අය ඉන්නකල් මේ ලෝකෙ හරියන්නෙ නැහැ.. (නු)

:       0       0

දමිත් Saturday, 01 December 2012 05:43 PM

ලංකාවට සුභපැතුම්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site