ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දග පන්දු යවන්නන් හමුවේ නිතරම කී‍්‍රඩා නොකරන හෙයින් දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ දවාගැනීමේ අවස්ථාව තමන් සතුවන බව රංගන හේරත් පවසයි. ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 26 වැනිදා මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි.
වෝන් - මුරලිදරන් කු-සලාන වෙනුවෙන් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1.0 ක් ලෙසින් ඕස්ටේ‍්‍රලියාව පෙරමුණ ගෙන සිටී.
” ඕස්ටේ‍්‍රලියාවේ දේශීය කි‍්‍රකට් තරගාවලියේදී පවා ඔවුන් වැඩි වශයෙන් (80% x 90% විතර) කී‍්‍රඩා කරන්නේ වේග පන්දු යවන්නන්ට එරෙහිවයි. ඒ නිසා දග පන්දු යවමින් කඩුලූ දවාගන්න මට අවස්ථාවක් තිබෙනවා” යයි ශී‍්‍ර ලාංකික වමත් දග පන්දු යවන්නා පැවසීය.
මේ වසරේදී පැවැති ටෙස්ට් තරග 9 කදී කඩුලූ 60 ක් දවාගනිමින් වසරේ වැඩිම ටෙස්ට් කඩුලූ ලාභියා බවට පත්ව සිටින රංගන හේරත්ට සිය කඩුලූ මල්ල තවත් තරකරගැනීමේ අවස්ථාවක් හිමිවී තිබේ.
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 95 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් වූ හේරත් පවසා සිටියේ මෙල්බර්න් තණතීරුවේ වත්මන් තත්ත්වය ද`ග පන්දු යවන්නන්ට වාසිදායක විය හැකි බවයි.
දෙසැම්බර් 26 වැනිදා (බොක්සිං දිනයේ) ටෙස්ට් තරගයකට සහභාගි වීම සුවිශේෂී අවස්ථාවක් බවත් පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත් තමන් ඒ වෙනුවෙන් සූදානමින් සිටින බවත් හේරත් පවසයි.
පසුගිය වසරේදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ශී‍්‍ර ලංකා පිල පරාජය වුවත් 2011 බොක්සිං දිනයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය. එම තරගයේදී කඩුලූ 9 ක් දවාගත් රංගන හේරත් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම තවමත් ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන නැත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම පළක් ප්‍රයෝජනයක් නැති ක්‍රිකට්(නු)
රංග ඔබ අතේ අපේ ජය (ස)
ජය ජය !! අපේ කොල්ලෝ ටිකකට (ස)
ජයේදී මෙන්ම පරාජයේදීද අපි ඔබ සමගයි. (නි)
අපි නියම ලාංකිකයෝ. අපි ඔයාලගේ දිනුමේ මෙන්ම පැරදුමේදිත් ඉන්නවා. (නි)
දෙවැනි තරගයෙන් ජය ලැබීමට මා සුභ පතනවා. (නි)
රංගන හේරත් ඔබට සුභ පැතුම්..!(නු)
අපේ කණ්ඩායමට සුබ පැතුම් (ස)