ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් දග පන්දු යවන්නන් හමුවේ නිතරම කී‍්‍රඩා නොකරන හෙයින් දෙවැනි ටෙස්ට් තරගයේදී කඩුලූ දවාගැනීමේ අවස්ථාව තමන් සතුවන බව රංගන හේරත් පවසයි. ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගය ලබන 26 වැනිදා මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී ආරම්භ වෙයි.
වෝන් - මුරලිදරන් කු-සලාන වෙනුවෙන් දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී 1.0 ක් ලෙසින් ඕස්ටේ‍්‍රලියාව පෙරමුණ ගෙන සිටී.
” ඕස්ටේ‍්‍රලියාවේ දේශීය කි‍්‍රකට් තරගාවලියේදී පවා ඔවුන් වැඩි වශයෙන් (80% x 90% විතර) කී‍්‍රඩා කරන්නේ වේග පන්දු යවන්නන්ට එරෙහිවයි. ඒ නිසා දග පන්දු යවමින් කඩුලූ දවාගන්න මට අවස්ථාවක් තිබෙනවා” යයි ශී‍්‍ර ලාංකික වමත් දග පන්දු යවන්නා පැවසීය.
මේ වසරේදී පැවැති ටෙස්ට් තරග 9 කදී කඩුලූ 60 ක් දවාගනිමින් වසරේ වැඩිම ටෙස්ට් කඩුලූ ලාභියා බවට පත්ව සිටින රංගන හේරත්ට සිය කඩුලූ මල්ල තවත් තරකරගැනීමේ අවස්ථාවක් හිමිවී තිබේ.
ඕස්ටේ‍්‍රලියාවට එරෙහිව හොබාර්ට්හිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 95 කට කඩුලූ 5 ක් දවාගැනීමට සමත් වූ හේරත් පවසා සිටියේ මෙල්බර්න් තණතීරුවේ වත්මන් තත්ත්වය ද`ග පන්දු යවන්නන්ට වාසිදායක විය හැකි බවයි.
දෙසැම්බර් 26 වැනිදා (බොක්සිං දිනයේ) ටෙස්ට් තරගයකට සහභාගි වීම සුවිශේෂී අවස්ථාවක් බවත් පසුගිය වසරේදී මෙන්ම මේ වසරේදීත් තමන් ඒ වෙනුවෙන් සූදානමින් සිටින බවත් හේරත් පවසයි.
පසුගිය වසරේදී දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව සෙන්චූරියන්හිදී පැවැති පළමු ටෙස්ට් තරගය ශී‍්‍ර ලංකා පිල පරාජය වුවත් 2011 බොක්සිං දිනයේදී ආරම්භ වූ දෙවැනි ටෙස්ට් තරගය ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය. එම තරගයේදී කඩුලූ 9 ක් දවාගත් රංගන හේරත් තරගයේ වීරයා සම්මානයද දිනාගත්තේය.
ශී‍්‍ර ලංකා කණ්ඩායම තවමත් ඕස්ටේ‍්‍රලියාවේදී ටෙස්ට් තරගයක් ජයගෙන නැත.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රංගන හේරත් මෙල්බර්න්හිදීත් කඩුලූ සොයයි
දම්මි Tuesday, 25 December 2012 10:18 PM
කිසිම පළක් ප්‍රයෝජනයක් නැති ක්‍රිකට්(නු)
සිල්වා Monday, 24 December 2012 12:51 PM
රංග ඔබ අතේ අපේ ජය (ස)
සන්ජු Monday, 24 December 2012 01:06 PM
ජය ජය !! අපේ කොල්ලෝ ටිකකට (ස)
ගයාන් Monday, 24 December 2012 01:54 PM
ජයේදී මෙන්ම පරාජයේදීද අපි ඔබ සමගයි. (නි)
තත්සරණි Monday, 24 December 2012 08:27 PM
අපි නියම ලාංකිකයෝ. අපි ඔයාලගේ දිනුමේ මෙන්ම පැරදුමේදිත් ඉන්නවා. (නි)
රිස්වාන් - සවුදි Monday, 24 December 2012 02:47 PM
දෙවැනි තරගයෙන් ජය ලැබීමට මා සුභ පතනවා. (නි)
සමන් Tuesday, 25 December 2012 07:45 PM
රංගන හේරත් ඔබට සුභ පැතුම්..!(නු)
කමල් Monday, 24 December 2012 03:02 PM
අපේ කණ්ඩායමට සුබ පැතුම් (ස)