වසර දෙකක කාලයක් තිස්සේ රැකියාවක් නොමැතිව සිය කැපවීමෙන් පුහුණුවීම් කරමින් ළඟා කරගත් ජයග‍්‍රහණයක් බව ලෝක කැරම් ශූරතාවලියේදී රටවල් 18 ක ක‍්‍රීඩකයන් අභිබවමින් පිරිමි කේවළ ශූරතාව දිනාගත් නිශාන්ත ප‍්‍රනාන්දු පැවසීය.
කොළඹ ගලදාරී හෝටලයේදී ඊයේ (4) නිමාවු හය වැනි ලෝක කැරම් ශූරතාවලියේදී පිරිමි කේවළ ඉසව්වේ ශූරතාව දිනාගත් 33 හැවිරිදි නිශාන්ත මෙරට ක‍්‍රීඩා ඉතිහාසයට සුවිශේෂී ජයග‍්‍රහණයක් එක් කළේය.
”ගොඩක් සතුටුයි. බලාපොරාත්තුවක් තිබුණා කෙසේ හෝ මවුබිමට කීර්තියක් ගෙන දීමට. මෙවර තරගාවලියේ කණ්ඩායම් ශූරතාව අපෙන් ගිලිහී ගියත්, කේවළ ශූරතාව දිනා ගැනීමට හැකිවීම පිළිබඳව නායකයා ලෙස මම සතුටු වෙනවා යැයි” නිශාන්ත පැවසීය.
පිරිමි කේවළ ඉසව්වේ අවසන් තරගයේදී නිශාන්ත තරග වට 2/0 කින් ප‍්‍රබල ඉන්දිය ක‍්‍රීඩක භාරතී දාසන් පරාජය කිරීමට සමත්විය. නිශාන්තගේ මෙම ජයග‍්‍රහණයේ සුවිශේෂත්වය වන්නේ අවසන් පූර්ව තරගයේදී හිටපු ලෝක ශූරයා වන යෝගේෂ් පර්දේශි පරාජය කළ භාරතී දාසන් පහසුවෙන්ම පරාජය කිරීමයි. එහි ලකුණු පුවරුව 25/4, 25/10 ක් ලෙස සටහන්විය.
පිරිමි කණ්ඩායම් ඉසව්වේදී පරාජය කිරීමට නොහැකි වු ඉන්දිය ක‍්‍රීඩක ප‍්‍රකාශ් ගයික්වාල් පරදවා අර්ධ අවසන් පුර්ව වටය ජයගත් නිශාන්ත එතැන් සිට ශූරතාව හඹා ආවේය.
”මට රැකියාවක් නැහැ”
”මට පුතෙක් සහ දියණියක් ඉන්නවා. ක‍්‍රීඩාවෙන් ඉදිරියට යෑමට නම් ආර්ථිකය ශක්තිමත්විය යුතුයි. ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරගවලදී ජයග‍්‍රාහණ ලබාගෙන ලෝක ශූරතාව රැක ගැනීම අපේක්‍ෂාව” යැයි නිශාන්ත වැඩි දුරටත් පැවසීය.
මොරටුව වේල්ස් කුමර විදුහලේ ආදී ශිෂ්‍යයකු වන නිශාන්තගේ ගම් ප‍්‍රදේශය ද මොරටුවයි.
තරගාවලිය සාර්ථක කර ගැනීමට මුදලින් අනුග‍්‍රාහය දැක්වු ක‍්‍රීඩා අමාත්‍යංශයට මෙන්ම සමාගම්වලට ද ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස තමන් ස්තූතිවන්ත වන බව ද හෙතෙම පැවසීය.
නිශාන්ත, මෙවර ලෝක ශූරතාවලියට සහභාගිවුයේ මෙම වසරේ ජාතික කැරම් ශූරතාව ද හිමිකර ගනිමිනි. නිශාන්ත, වසර අටක් පුරා ජාතික ශූරතාව රැකගෙන සිටි චමිල් කුරේ එහිදී පරාජය කළේය.
ශ්‍රී ලංකාවේ බලාපොරෙත්තුවක් වු චමිල්, ලෝක තරගාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අර්ධ අවසන් පුර්ව වටයේදී යෝගේෂ් පර්දේශී හමුවේ පරාජය විය.
පිරිමි හා කාන්තා කණ්ඩායම් දෙකේ ශූරතාව සමඟ මෙවර තරගාවලියේ වැඩි ගෞරවය ඉන්දිය කැරම් කණ්ඩායම හිමිකර ගත්තේය.
තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණ.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ දක්ෂයින්ට තැනක් නැහැ (දී)
ජයවේවා ඔබට
පරිස්සම් වෙයන් කොල්ලෝ. උඹටත් තහනම් උත්තේජක ගත්තා කියලා අංචි අදීවි.... (නි)
රට වෙනුවෙන් ඔහුට උදව් කරන්න
සුභපැතුම් ඔබට
කවුරුත් නැද්ද මෙතුමාට රස්සාවක් දෙන්න රට වෙනුවෙන්
රටට ආඩම්බරයක් ඔබ
මගේ සුභපැතුම්
අපෙන් සුභපැතුම් (දී)
මවුබිමට ආඩම්බරයි සහෝදරයා (ස)
ඔබ පිට රටකට යන්න උත්සහ කරාන්න ලංකාවේ ඉන්න එපා (දී)
ගරු කරනවා ඔබට
කුඩු නිසා කඩු හොරකම් කරන රටක, අමන සල්ලාලයන් බේබද්දන්ගෙන් අපගේ කාන්තාවන් කෙලෙසී යන රටක, කාන්තාවන්ගේ හා මවුවරුන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න නොදන්නා පාදඩයින් ජීවත්වන රටක, රැකියා විරහිතවූවද යහමගක ගොස් රටට සමාජයට ඔබ වැනි නිහතමානී පුරවැසියෙක් එකතුකළ ආඩම්බරය අපි අගය කරන්නෙමු. මමත් කැරම්කාරයෙකු බැවින් මගේ සුභාෂිංශනය ඔබට පිරිනමමි. (නි)
මෙයා රට වෙනුවෙන් කලාට අපි මෙයාට මොකුත් කරන්නේ නැහැ (දී)
මට ඔබ ගැන කනගාටුයි
නියමයි ...නියමයි ... ඔබට සුභපතනවා මම
සුභපැතුම් ඔබට