ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර ඇඩිලේඞ් ක‍්‍රීඩාංගනයේ පැවැත්වෙන සිවුවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවැනි දිනය වූ අද (25) සවස තරගය නතර කරන විට ඉන්දීය පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 61 ක් ලබා සිටියේය.
මෙම තරගයේදී හිටපු නායක රිකී පොන්ටිං ලකුණු 221 ක් ලබා සිය ටෙස්ට් දිවියේ 41 වැනි ශතකය වාර්තා කළේය. පොන්ටින් ලකුණු 81 ක් ලබා ගැනීමත් සමග සිය ටෙස්ට් තරග දිවියේ ලකුණු 13000 වාර්තා කිරීමට ද සමත්විය. ඕස්ටේ‍්‍රලියා පිතිකරුවකු ලබා ඇති වැඩිම ලකුණු සංඛ්‍යාව ද මෙය වේ.
ලකුණු 13140 ක් ලබා සිටින පොන්ටින් ටෙස්ට් ක‍්‍රිකට් තරගවල වැඩිම ලකුණු ලබාගත් පිතිකරුවන් අතරේ තෙවැනි ස්ථානයේ පසුවෙයි. ඉන්දීය සුපිරි පිතිකරු සචින් තෙන්ඩුල්කාර් ලකුණු 15444 ක් ලබා ටෙස්ට් පිතිකරුවන් අතර පළමු ස්ථානයේ සිටියි. රාහුල් ඩ‍්‍රාවිඞ් ලකුණු 13263 ක් ලබා එහි දෙවැනි ස්ථානයේ පසුවෙයි.
ඕස්ටේ‍්‍රලියාව කඩුලූ 7 ක් දැවී ලකුණු 604 ක් ලබා සිටියදී පළමු ඉනිම අත්හිටුවීය. එහිදී රිකී පොන්ටින් සහ නායක මයිකල් ක්ලාක් (210) සමග එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 386 ක සම්බන්ධතාවක් පැවැත්වුහ.
ටෙස්ට් තරග 4 කින් සමන්විත දෙරට අතර ටෙස්ට් තරගාවලිය 3-0 ක් ලෙස ඕස්ටේ‍්‍රලියාව පෙරමුණේ සිටියි.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම කඩුලූ 7 ට 604 (රිකී පොන්ටිං 221, මයිකල් ක්ලාක් 210, බ‍්‍රැඞ් හැඩින් නොදැවී 42, රයන් හැරිස් නොදැවී 35, ආෂ්වින් 194/3)
ඉන්දියාව පළමු ඉනිම කඩුලූ 2 ට 61 (ගෞතම් ගම්බීර් නොදැවී 30)
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොන්ටින් ලෝකයේ ඉන්න හොදම පිතිකරුයි. ඒකෙ සැකයක් නැහැ. සචින් අතිවිශිෂ්ඨයි
සුබ පතමි