IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


රිකී පොන්ටිං ටෙස්ට් දිවියෙන් සමුගනී

අවුරුදු 17ක අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩා දිවියෙන් තමන් සමු ගන්නා බව  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු නායක රිකී පොන්ටිං අද (බ‍්‍රහස්පතින්දා) මාධ්‍ය සාකච්චාවකදී පැවසීය. මෙම සතියේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරගය ඔහුගේ අවසන් ටෙස්ට් තරගය වේ. රිකී පොන්ටින් ටෙස්ට් තරග 167කදී ලකුණු 13,366ක් රැස් කර ඇත. ටෙස්ට් කි‍්‍රකට් ඉතිහාසයේ පිතිකරුවකු ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව එය වන අතර  ඕස්ටේ‍්‍රලියානු පිතිකරුවන් අතර පොන්ටිං දෙවැනි වන්නේ ඩොන් බ්‍රැඞ්මන්ට පමණක් ලෙසද සැලකේ. ලබන මාසයේදී 38 වැනි වියට පා තබන රිකී පොන්ටිං පවසන්නේ දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේදී බලාපොරොත්තු වූ මට්ටමට ඔහුට ලගා විය නොහැකි වු බවයි. දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැත්වෙන තරගාවලිය ජයගැනීමට හැකිවීම තමන්ගේ කි‍්‍රකට් දිවිය ලද ගෞරවනීය සමාප්තියක් බවද පොන්ටිං පැවසීය. අවුරුදු 17කට පෙර පොන්ටින් ඔහුගේ මංගල ටෙස්ට් තරගයෙදී ශී‍්‍ර ලංකාවට එරෙහිව එක ඉනිමකදී ලකුණු 96ක් රැස් කිරීමට සමත් විය. එම තරගයේදී  ඕස්ටේ‍්‍රලියාව ලකුණු 36කින් ජයග‍්‍රහනය කළේය. ”මෙය මං ගොඩාක් දුරට හිතා බලා ගත් තීරණයක්. මෙම තරගාවලියේ මගේ ප‍්‍රතිඵල එයට ගොඩක් හේතු වුණා. එය මං මගෙන් බලාපොරොත්තු වුණ දෙය නෙමෙයි.  ඕස්ටේ‍්‍රලියා කණ්ඩායමේ පිතිකරුවෙක් ලෙස අවශ්‍ය මට්ටමත් මෙය නොවෙයි” යයිද ටෙස්ට් කි‍්‍රකට් දිවියෙන් සමු ගැනීම පිළිබඳ අදහස් දක්වමින් රිකී පොන්ටින් පැවසීය.



අදහස් (0)

රිකී පොන්ටිං ටෙස්ට් දිවියෙන් සමුගනී

ජසී Thursday, 29 November 2012 07:03 PM

ඊලඟට තෙන්ඩුල්කාර් තමයි (ස)

:       0       0

නුවන් Thursday, 29 November 2012 02:43 PM

ඒකට අපේ අයනම් ඔව වගේ මෝඩ තීරණ ගන්නේ නෑ (ස)

:       0       0

වර්ණපාල Friday, 30 November 2012 09:20 AM

සුභ පැතුම් ඔබට (දී)

:       0       0

සුගත් Thursday, 29 November 2012 08:20 PM

ඕස්ට්‍රේලියන් කණ්ඩායමේ සිටින හොදම ක්‍රීඩකයෙක් (දී)

:       0       0

ලාල් Friday, 30 November 2012 09:55 AM

සුභ පැතුම් (ස)

:       0       0

චමීර Friday, 30 November 2012 03:35 PM

ලෝකයේ සිටි අතිදක්ෂ නායකයෙක් (ස)

:       0       0

අසින්ත Thursday, 29 November 2012 03:07 PM

ගෞරවාන්විත සමුගැනීමක්. (නි)

:       0       0

සඳුනි Thursday, 29 November 2012 08:51 PM

සැබෑ ක්‍රීඩාශීලී ක්‍රීඩකයෙක් (ස)

:       0       0

අමිල Thursday, 29 November 2012 08:59 PM

අයියෝ පොන්ටින් (දී)

:       0       0

සංජිව Thursday, 29 November 2012 03:36 PM

ඔස්ට්‍රීලියා කණ්ඩායමට ලොකු පාඩුවක් (දී)

:       0       0

සිසිර Thursday, 29 November 2012 09:51 PM

අපේ සමහර අයට හොඳ ආදර්ශයක් ? (ස)

:       0       0

කපිල Thursday, 29 November 2012 03:59 PM

අනේ ඒකටත් එක්ක අපේ අයියලා? (නි)

:       0       0

සංජිව Thursday, 29 November 2012 04:24 PM

පොන්ටින් කියන්නේ හොද ක්‍රීඩකයෙක් (දී)

:       0       0

දමිත Friday, 30 November 2012 12:14 PM

විශිෂ්ටයෙකුගේ සමුගැනීමක්. (ස)

:       0       0

ලලිත් Friday, 30 November 2012 12:51 PM

ඔයා අපේ රටේ කෙනෙක් වුණානම් (ස)

:       0       0

අපොන්සු Friday, 30 November 2012 02:24 AM

සනා වගේම ගෞරවාන්විත සමු ගැනීමක් (නු)

:       0       0

මනෝජ් Thursday, 29 November 2012 06:11 PM

ඇත්තටම ඔබ හැබෑ දක්ෂයෙක්. (නි)

:       0       0

තුෂාර Friday, 30 November 2012 07:45 AM

ඔබට හා ඔබේ ක්‍රිකට් දිවියට සුභපැතුම් (දී)

:       0       0

දිලන්ක Thursday, 29 November 2012 06:20 PM

විශිෂ්ට ‍ක්‍රීඩකයෙක්. ඔබ කළ සේවය අමරණීයයි. (නි)

:       0       0

විමුක්ති Thursday, 29 November 2012 02:05 PM

ක්‍රිකට් ලොව මවිත කර දැවැන්තයෙක් .(ස)

:       0       0

ජසී Thursday, 29 November 2012 02:32 PM

හොඳ ක්‍රීඩකයෙක් සහ වැදගත් තීරණයක් සමුගන්නවා කියලා කිව්වේ නැත්නම් ඊලඟ මැච් එක‍ට සෙල්ලම් කරන්න වෙන්නේ නෑනේ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site