2012 දෙසැම්බර් 09 | ප.ව. 03:46
බැලුවෝ - {{hitsCtrl.values.hits}}
-
Share
අරුණි මධුෂා රාජපක්‍ෂ නමැති මේ සුරූපිනිය ගැන මුලින්ම කලා ක්ෂේත‍්‍රයේ අය කතා බහ කිරීමට පටන් ගත්තේ 2004-2005 සමයේදීයි. 2004 දී උඩරට මැණිකේ ලෙස කිරුළ දිනා ඉන් අනතුරුව නිරූපණ ක්ෂේත‍්‍රයට ආ අරුණි 2005 දී කැප්රි ක්වීන් ලෙස තේරුණා. ඊට පසු මෝස්තර නිරූපණය වෘත්තිය මට්ටමින් කරගෙන ආ ඇය 2007 දී ශ්‍රී ලංකා රැජින වී ඊට සමගාමීව සංචාරක රූ රැජින තරගයට ගොස් එහි අංශ දෙකකින් ජයග‍්‍රහණය කළා. ඊටත් පසුව 2008 දී අන්තර්ජාතික රූ රැජින තරගයට ගිය අරුණි එහිදී ලෝකයේ අවසන් 18 දෙනා අතරට තේරුණා. මේ විදියට රූ රැජින ලෙස ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දෙමින් කටයුතු කරන ඇය අද රූපවාහිනී නිවේදිකාවක මෙන්ම චිත‍්‍රපට හා ටෙලි නාට්‍ය නිළියක ලෙස ද කටයුතු කරනවා. මේ සියල්ල අතරේ නැවතත්, ඇය ගැන ලෝකය මේ දිනවල කතා කරන්නේ ලෝකයේ හොඳම මනාලිය ලෙස තෝරා ගන්නා මනාලියන් තේරීමේ අපූරු තරගයේදී හොඳම දෙවැනි ස්ථානය දිනාගත් තැනැත්තිය වන නිසයි. ‘‘බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ්’’ නමින් මෙම තරගාවලිය පසුගියදා පැවැත් වුණේ ‘මකාවෝ’ කියන දුපතේ දීයි. අපි ඒ ගැන විස්තර අරුණිගෙන්ම අසා දැන ගනිමු.
ලෝකයේ ලස්සනම මනාලියක් වූ
|
අරුණි රාජපක්ෂ
|
”බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ්’’ කියන මේ තරගාවලිය පැවැත් වුණේ මකාවෝ කියන දුපතේයි. රටවල් 38 ක තරගකාරියන් මේ සඳහා සුදුසුකම් ලැබ සිටියා. ඒ සියලූ දෙනාම ඒ රටවල පැවැති රූ රැජිණ තරගවලදී ජයග‍්‍රහණ ලබපු අයයි. මෙහිදී පළමු ස්ථානය හෙවත් ලෝක මනාලිය ලෙස කිරුළ හිමි කරගත්තේ ඩෙන්මාර්ක් සුරූපිනියයි. ඊළඟට පළමු සහ දෙවන ස්ථාන අතරින් පළමු තැන ලැබුණේ හොංකොං ජාතික සුරූපිනියටයි. දෙවැනියා වුණේ මම. (2nd Runner up) මකාවෝ දුපතේදී අවසන් 38 දෙනාට පෙර පසුගිය පෙබරවාරි මාසයේදී බ‍්‍රයිඞ් ඔෆ් ද වර්ල්ඞ් ෆිෂර්ටා හෙවත් චිංගි පැරඞ් එක පැවැත් වුණේ සිංගප්පූරුවේදීයි. ඒ අවස්ථාවටත් මේ සුරූපිනියන් සියලූ දෙනාම සහභාගි වුණා. මට මේ අවස්ථාව ලැබුණේ මෙරට දී රූරැජින තරග ජයග‍්‍රහණය කර තිබීම නිසයි. ඕනෑම රටක මෙම රූ රැජින තරග සඳහා ජාතික සංවිධායකවරයෙක් පත්කර තිබෙනවා. ඒ කාලයේ ඉඳලාම රූ රැජිණ තරග අයිතිය ශ්‍රී ලංකාවේ හිමිව තිබෙන්නේ රාෂිටා වික‍්‍රමසිංහ මහත්මියටයි.
එතුමිය තමයි මේ තරගයට මාවත් යොමු කළේ. මෙහිදී මනාලිය ලෙස මා හැඩ ගැන්වූ නිල ඇඳුම නිර්මාණය කළේ මයිකල් විජේසූරිය මහතායි.
මේ ලෝක මනාලිය තේරීමේ තරගයේ වැදගත්කම සහ ඇති වෙනස්කම් ගැන සඳහන් කළොත්?
1980 ගණන්වලදී තමයි මෙම මනාලිය තේරීමේ තරගය ආරම්භ වෙලා තියෙන්නෙ. ගිය වසරේදීත් මෙය පවත්වලා තියෙනවා. ඒත් ලංකාවෙන් කෙනෙක් ඉදිරිපත් වෙලා නැහැ. 2010 දී නොෂින් කියන තරුණිය ශ්‍රී ලංකාව නියෝජනය කරලා තියෙනවා. මෙය නිකම්ම මනාලිය ලෙස හැඩ ගන්වා තෝරණ තරගයක් නෙවෙයි. තමාගේ රටේ දී කාන්තාවක ලෙස මාතෘත්වයට සහ කාන්තාවකට ලැබෙන තැන ගැන වගේම එය අරුත් ගැන්විය හැකි දේ ගැන මාතෘකා කොට කතා කරන්න තිබුණා. ඇයගේ දැනුම සියල්ල මැන බලන අතර ප‍්‍රශ්න මාලාවකට උත්තර සපයන්නත් වෙනවා. මේ තරගය එක්තරා විදියකට රටක කාන්තාවකගේ පැතිකඩ ඉදිරිපත් කිරීමක් ලෙස දක්වන්න පුළුවනි
ලංකාවට මේ නිසා මොන වගේ දෙයක්ද ලැබෙන්නෙ?
ලංකාව ක‍්‍රිකට්වලින් මොනතරම් නම් ප‍්‍රසිද්ධියක් ලබනවාද? මලල ක‍්‍රිඩාවලින් මොන තරම් ප‍්‍රසිද්ධියක් ලබනවාද? ඒ හා සමානව මෙවැනි තරගවලදී ශ්‍රී ලංකාව ගැන ලෝකය දැන ගන්නවා. ඒ හැරත් රූ රැජිනක කියන්නෙ රටක සබඳතා ලෝකයට ප‍්‍රකාශ කරන තානාපති කෙනෙක් හා සමානයි. මෙම රූ
රැජින තරග අපේ රටේ එතරම් ප‍්‍රචලිත නොවූවාට වෙනත් රටවල අතිශයින්ම ජනපි‍්‍රය ඉසව් ලෙස සඳහන් කරන්න පුළුවනි. ඒ හැරත් මේ ලෝක මනාලිය හෙවත් Bride කියන වචනයෙන් ඔවුන් අර්ථ දක්වන දේ බොහෝමයි.
මෙම තරගාවලිය පැවැත් වූ මකාවෝ දුපත ගැනත් පැවැත් වූ විදිය ගැනත් ලෝකයේ බොහෝ දෙනා කතා බහ වෙනවා නේද?
මකාවෝ කියන්නෙ හොංකොං අවට පිහිටි දුපතක්. පුදුම ලස්සන තැනක්. සංචාරකයින් සඳහාම වෙන් වූ පාරාදීසයක්. අතීතයේදී පෘතුගිසි ග‍්‍රහණයට නතුව තිබී දැන් චීනයට අයත් දුපතක්. මුළු දුපතේම සිටින්නෙ ලක්‍ෂ භාගයකට වඩා අඩු ජනගහණයක් සංචාරක කර්මාන්තය මත ප‍්‍රධාන වශයෙන් යැපෙන අතර ඇඟලූම් නිෂ්පාදන සඳහාත් ප‍්‍රසිද්ධියක් උසුලනවා. මෙම තරගය පැවැත් වුණේ වෙනිෂියන් මැකාවෝ කියන සුපිරි හෝටලයේයි. එය හෝටලයකට එහා ගිය අපූරු නිර්මාණයක්. වෙනිෂියන් කියන නම යොදා තිබෙන්නෙ එය වැනීසිය විදියට නිර්මාණය කර තිබීම නිසයි. වැනීසියේ ආකෘතියක් විදියට හදලා තියෙන්නෙ. සුපිරි කඩ සාප්පු ඇවිදීමට ඇති තැන් වගේම වැනිසියේ ඇති සියල්ල මෙහි ඇති බව කියන්න පුළුවනි. සැබැවින්ම එය සංචාරකයින් මවිත කරවන අපූරු ස්ථානයක්. එහි වහලය පවා හදලා තියෙන්නෙ සැබෑ ආකාශය විදියටයි. ගෘහ නිර්මාණයේ අපූරු නිමැවුමක්. හොංකොං සිට ෆෙරි නෞකාවක නැගී පැයක් විතර ගමනාන්තයකින් පසුව මකාවෝ දුපතට ළඟා විය හැකියි. නැතිනම් ගුවන් මගින් යාහැකියි.
මෙහිදී ඔබට උකහා ගත හැකි තවත් සුවිශේෂි මතකයන් මොන වගේද?
මනාලියක ලෙස හැඩ වී සිටියද මෙම තරගාවලියට ඉදිරිපත් වූ සියලූම දෙනාට තම තමන්ගේ රට නියෝජනය කිරීමේ ප‍්‍රධාන අරමුණ නිසා ඒ රටේ ජාතික ඇඳුම නිතරම ඇඳීමට සිදුවුණා. ඒ මගින් රටේ අනන්‍යතාවය ඔප්පු කිරීම ප‍්‍රධාන තේමාවයි. මොහොතකට හෝ එලෙසින් හැඩ වී මේ අපේ රට මේ මොහොතේ නියෝජනය කරන කෙනා මම නේද කියන සිතිවිල්ල ඇත්තටම පුදුම අභිමානයක් ගෙන දෙන්නක්. ඒ අභිමානය ගැන සදාදරණීය වූ මතකය හැමදාම මගේ හිතේ තියේවි. ඒ වගේම ශ්‍රී ලංකාව ගැන බොහෝ රටවල් දන්නා අතර නොදැන සිටි රටවල් දෙක තුනට මගේ රට ගැන විස්තර කරන්න ලැබීම මම ලබපු තවත් විශාල භාග්‍යයකි.
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ
|
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම ලස්සනයි (ස)
ඇත්තටම ඔබ හරි ලස්සනයි දුවේ. ලංකාවටම ඔබ ආඩම්බරයක්. (නි)
ලස්සනයි (ස)
ඇත්තටම ලස්සනයි නංගියෝ , ඔබ අපේ රටට ආඩම්බරයක් (ස)
අපිට ඔයාගේ දුරකථන අංකයක් දෙන්නකෝ අනේ (ස)
ලස්සනයි බලන්නකෝ ඔයාගේ මල්හිනා... (නි)
ඔබට සුභ අනාගතයක්! (නි)
තානාපතිවරියක් ?? (ස)
ඔබගේ සම්මානය ක්‍රිකට් සහ අනෙකුත් මළල ක්‍රීඩා සමග සංසන්ධනය කරන්න එපා.. මේක අපේ සංස්කෘතිය නෙමෙයි...!(නු)
මේ කොහෙ තානාපතිද?(නු)
ඔබ අපේ රටට ආඩම්බරයක්. සුභ පැතුම් අරුණි! (නි)
අරුනි අද නුවර එලියේ ගියා නේද?(නු)
ඔයා ගැන අපිට ආඩම්බරයි. (නි)
ඇත්ත ඒ කතාවනම් ඇත්ත (දී)
ලස්සන කන්නද? (පැහැදිලි ඊර්ෂියාව)... (නි)
නීලා, ඇය පැමිණ ඇත්තේ හොද පාරම්පරික නැටුම් කලා පවුලකිනි. (නි)
එන්න දියණියේ, අපි රට ජාතිය ගොඩනගමු. (නි)
ලස්සනයි බලන්න ඔයාගෙ මල්හිනා... (නි)
රූපයෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද ලස්සන වෙන්න. (නි)
අරුණි නම් ඇත්තටම හරිම ලස්සනයි.(නදී)
අරුණි ඔබ ඉතාමත්ම ලස්සනයි... ඉතාලියෙ රූපවාහිනී නාලිකාවලට ඔබට හොද තැනක් තියෙයි.. උත්සාහ කරලා බැලුවොත්..!(නු)
ඇත්තෙන්ම ඔබ ගැන ආඩම්බරයි. ඒ වුණත් සමහරුන්ට අඩු සැළකිළි, සමහරුන්ට වැඩි සැළකිළි. ඇයි මේ වෙනසක්? (නි)
ඔයා අපේ මව් රටට ආඩම්බරයක් .තරඟය හා එහි අරමුණු පැහැදිලි කිරීම අති විශිෂ්ටයි . ඔයාට සුබ පැතුම් (ස)
ඇත්තටම ලස්සනයි (ස)
ආ.... ඔයත් අර පවුලේ කෙනෙක්ද ? (ස)
නියමයි. (නි)
ලස්සනයි. සුභ පැතුම්! (නි)
තව ටික කාලයක් යද්දි ලංකාවෙත් මේ ක්‍රමයෙන් අවුරුදු කුමාරි තෝරනවා නියතයි. (නි)
ලංකාවට යන කලක්... (නි)
වැස්සකට අහුවුනොත් ඉවරයි..!(නු)
නිළියක් නේද ? (ස)
සුභ පැතුම්..!(නු)
හුගකාලෙකට පස්සේ ලංකාව තම දෑස හැර බලා ඇති හැඩයි. (නි)
ලංකාවේ කොච්චර ලස්සන ගැහැණු ළමයි ඉන්නවද? (නි)
පුන් සදෙන් ගලා එන රැස්දහරක් මෙන් ඔබ ලස්සනයි. (නි)
ඔබ ඉතාම ලස්සනයි සුභ පැතුම්..!(නු)
ලාල් ගලබඩ අයියයි, රංජිත් අයියයි රණ්ඩු වෙන්න එපා ඉතිං එයාගේ ලස්සනට. (නි)
නියමයි. (නි)
ලංකාවේ කොච්චර ලස්සන ගැහැණු ළමයි ඉන්නවද? (නි)