IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


රූං කියා යන බස්රිය මේන් බලාපන්...

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ ජනවාරි පළමුවැනිදා සිට ධාවනය කිරීමට නියමිත සූඛෝපභෝගී බස්රථවල රියැදුරන්ට ප‍්‍රායෝගික පුහුණුවක් ලබාදීම කොට්ටාව පිවිසුම් මාර්ගයේ දී අද පැවැත්විණි. අනුරාධපුරයේ සහ ගාල්ලේ පෞද්ගලික බස් සමාගම් දෙකක බස් රථ දෙකක් මුලින් ධාවනයට යෙදවීමට නියමිතය. කොට්ටාවේ සිට ගාල්ලට ටිකට් පතක මිල රුපියල් 400කි. වායු සමනය කළ බස්රියේ ආසන 42කි. බසය පැයට කිලෝමීටර් 100ට වැඩි වේගයෙන් ධාවනය කෙරෙන්නේ නම් අනතුරු ඇඟවීමේ සංඥාවක් හැඬවෙන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ආරියසේන කුමාරපේලි පවසයි.



අදහස් (0)

රූං කියා යන බස්රිය මේන් බලාපන්...

කහවල Thursday, 29 December 2011 03:20 PM

මෙය ඉතාමත් හොද වැඩක්. ඒත් ගාස්තුව ලංකාවේ තරමට වැඩියි. ලාභයක් නොව සේවාවක් සැලසිය යුතුයි. එක දවසකට මිනිසෙකුට ලැබෙන වැටුපත් සමග සසදන විට මෙය ලොකු මුදලක්. සිතා බලන්න

:       0       0

චාමින්ද Thursday, 29 December 2011 04:13 PM

සීට් බෙල්ට් ඕනා නේද? ඩ්‍රයිවර් විතරක් සීට් බෙල්ට් දැම්මට වැඩක් නැහැ නේද?

:       0       0

චාමින්ද Thursday, 29 December 2011 04:15 PM

බස් කොහොමත් පාරෙ යන්නේ ඒවා අධිවේගී කියලා හිතාගෙන තමයි. 100 යනකොට බෙල් වදිනවා අනුරාධපුර-කොළඹ යන බස් වලත්

:       0       0

ගයාන් මධුසංක Thursday, 29 December 2011 05:14 PM

බස් වලට නම් හෙමින් යන එක ගැන ටිකක් හොදට කියා දෙන්න වෙයි

:       0       0

Chin Monday, 02 January 2012 10:10 PM

මේ බස් එකේ සිට බෙල්ට් තියෙනවලු. ඒ වුනත් බස් වල සිට බෙල්ට් දාන්නෙ නැහැ. මම රටවල් කීපයක ගියා බස් වල 90 -100kmph බෙල්ට් අවශ්‍ය නැහැ.

:       0       0

ඇන්ටන් Tuesday, 03 January 2012 06:53 AM

ගොඩාක් හොදයි

:       0       0

පාලිත Tuesday, 07 February 2012 01:38 PM

හොදයි

:       0       0

තෙනුදි Tuesday, 07 February 2012 01:38 PM

දුප්පත් මිනිසුන්ට හැමදාම හුළං නේද?

:       0       0

නුවන් දිනුෂ Saturday, 31 December 2011 11:19 AM

ඒක හොඳයි ගාන වැඩියි

:       0       0

senash Saturday, 31 December 2011 02:59 PM

නියමයි

:       0       0

MMhus Thursday, 29 December 2011 08:51 AM

සීට් බෙල්ට් තියනවද දැන් නෑ ?

:       0       0

වේරංග සූරියබණ්ඩාර Thursday, 29 December 2011 08:51 AM

නියමයි

:       0       0

නිලන්ත Friday, 10 February 2012 10:42 AM

ගොඩක් හොඳ වැඩක්. එත් ගරු ජනාධිපතිතුමනි මීට වඩා අපේ රටේ මිනිස්සුන්ට අවශ්‍ය දේ තියනවා පාන් කන්න ඕන කෙනාට කේක් වලින් වැඩක් නෑනේ

:       0       0

මිරංග සේනාරත්න Thursday, 29 December 2011 09:08 AM

නියමයි

:       0       0

නිසංසලා Thursday, 29 December 2011 09:30 AM

ඕක කොට්ටාවෙන් නැතිව කොළඹ ඉදන්ම පටන් ගත්තොත් කාටත් ‍ප්‍රයෝජනයි නේද?

:       0       0

jk Thursday, 29 December 2011 09:34 AM

කෝ සීට් බෙල්ට්?

:       0       0

සමිත් Thursday, 29 December 2011 09:42 AM

නියමයි දැන් රූං කියලා යන්න පුලුවන්. නමුත් ගාන පොඩ්ඩක් සැරයි නේද?

:       0       0

මිරංග සේනාරත්න Thursday, 29 December 2011 09:54 AM

නියමයි සමහරුන්ට මේවා බලන් ඉන්න බැ. ඉරිසියා කාරයෝ

:       0       0

Sector Thursday, 29 December 2011 10:24 AM

මම කැමති නෑ මේ ඉන්දියන් බස් වලට ඒවායේ සැප පහසුකම් මදියි. ඇයි බැරිද ජපානයෙන් හෝ කොරියාවෙන් බස් ගේන්න

:       0       0

රොෂාන් Thursday, 29 December 2011 10:52 AM

දැනටම රු. 20.00 ක් වැඩි වෙලානෙ..... කලින් රු. 380.00 යි. දැන් රු. 400.00 යි. ජනවාරි මාසෙ වෙනකොට තව වැඩි වෙයිද...???

:       0       0

එරංග Thursday, 29 December 2011 11:25 AM

වැඩේ හොදයි, ප්‍රශ්නය තියෙන්නේ මේ බස් එක පාරට ලොකු වැඩියි වගේ. ඕවර්ටේක් කරන අය පරිස්සමෙන්

:       0       0

ප්‍රදීප් Thursday, 29 December 2011 11:33 AM

ගොඩාක් සතුටුයි අපි හැමෝගෙම රට දිනෙන් දින වැජබීම ගැන. පාර්ලිමේන්තුවේ ඇමැති තුමන්ලා ඇතුලු හැමෝම තම තමන්ගේ රාජකාරිය හරියට කරපු දවසට ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්යය වෙයි

:       0       0

උදිත Thursday, 29 December 2011 11:36 AM

ආශ්චර්යමත් ශ‍්‍රී ලංකාවක්. අපේ රට තව තවත් දියුණු වේවා

:       0       0

විපුල Thursday, 29 December 2011 11:40 AM

හොද කාර්යයක්, මට ලංකාව ගැන ආඩම්බරයි. හැමතැනම මේ විදියට ඉක්මණින්ම දියුණු වෙන්න ලැබේවා

:       0       0

වජිර ජයරත්න Thursday, 29 December 2011 12:11 PM

ගොඩාක් සතුටුයි. ඒ වුණාට දුප්පත් මිනිසුන්ට මේ දේවල් වල ප්‍රයෝජනයක් නෑ නේද? බඩ පිරෙන්න ඉත් ටිකක් ගන්න නැති මිනිසුන්ට මොන අධිවේගීද? ඒ මිනිසුන්ට නැගිටින්න පුලුවන් විදියේ වැඩකුත් කරානම් වටිනවා

:       0       0

ජී. සිරානි Thursday, 29 December 2011 12:47 PM

ගාන වැඩියි. කිසිවෙකුත් මෙයින් කොපමණ ලාභ ලැබේ දැයි ගණනය කොට තිබේද?. අධිවේගී මාර්ගයේ නිතර යන ඒන බසයක් නිසා අධිවේගි පාරේ ගාස්තුව වෙනත් වාහන වලට වඩා අඩුකළ යුතුයි. පිටරටවල නිතර යන ඒන වාහන වලට අධිවේගී මාර්ග වල සහන ගාස්තු අයකරයි. මේ නිසා මෙහි ගාස්තුව සංශෝධනය වියයුතුය.

:       0       0

සරත් Thursday, 29 December 2011 12:55 PM

ඉතා හොදයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 655 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2328 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1722 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site