IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


යුරෝපයේ කොටි හම ගැලවෙන හැඩයි

ප්‍රංසය මධ්‍යස්ථානය කරගත් " දෙමළ සම්බන්ධීකරණ කමිටුව" නමින් පිහිටුවාගෙන ඇති සංවිධානයක සභාපතියයි කියූ නඩරාජ් මතීන්දිරන් හෙවත් පාරිතී හෙවත් රේගන්ගේ ඝාතනය සම්බන්දයෙන් දැනට ඇගිල්ල දික්වෙන්නේ කොටි සංවිධානයේම ප්‍රධානියෙකි කියාගන්න විනයාගම්ට බව විදෙස් පුවත් අනුව පෙනී යයි. පැරිස් නුවරදී පාරිතී ඝාතනය කරන ලද්දේ පසුගිය 8 වැනි දා රාත්‍රියේදී ය. මෙම ඝාතනය  ශ්‍රී ලංකා රහස් ඔත්තු සේවා පිට පැටවීමට කොටි හිතවාදීන් ඉමහත් උත්සාහයක් ගත්තද එහි ඇත්තක් නැති බව ප්‍රංශ පුවත්පත් කියයි. මෙම ආරව්ලේ සුල මුල සොයා බැලීමේදී පෙනීයන කරුණක් වන්නේ යුරෝපයේ කොටි සංවිධානයේ නමින් සැප ජීවිත ගෙනියන පිරිස අතරේ ගැයුම් ඉස්මතුවී ඇති බවයි. ලබන 27 වෙනිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට සුඋදානම්කර ඇති " මහවිරු " සමරුවේදී නායකත්ව බල අරගලයක පැටලී ඉන්නා රුද්‍රකුමාර් සහ නදියවන් යන දෙදෙනාම ප්‍රධාන දේශනය පවත්වන බවට විශාල ප්‍රචාරයක් පවතී. කොටි මහවිරු උතසවයන්හිදී මින් පෙර සිදුවූයේ වේළුපිල්ලේ ප්‍රභාකරන් පරණ කතා ඉදිරිපත් කිරීම වුවද මේ අව්රුද්දේ එම දේශනා ඉදිරිපත්කිරීමේ අවස්ථාව තමන්ට ලබාගෙන එමගින් දියාරුවී යන යුරෝපා කොටි බලය තමන් අතට පත්කර ගැනීමට මේ දෙදෙනාම උත්සහ කරන බව පෙනීයතියි බොහෝදෙනා කියති. එංගලන්තයේ හැර යුරෝපයේ අන් හැම  නගරයකම මෙම වසරේ එක දිනයකදී  මහවිරු උත්සව දෙක බැගින් පැවැත්වීමට කටයුතු යොදා තිබීම මගින්ද විදෙස් කොටි බලය දෙදරා ඇතිබව පෙනීයතියි තතු දන්නෝ කියති. කොටි සංවිධානය ශ්‍රී ලංකාවේ නැතිවීමෙන් පසුව විදෙස්ගත කොටි හිතවාදීන් කොටිහම පොරවාගෙන සැප ජීවිත ගත කරමින් ඉඳහිට ශ්‍රී ලංකාව කොනිත්තන බව බව යුරෝපයේ ජීවත්වන ශ්‍රීලාංකික දෙමළ ජන කොටස් ද කියති.  



අදහස් (0)

යුරෝපයේ කොටි හම ගැලවෙන හැඩයි

වන්නි Wednesday, 21 November 2012 01:42 PM

අයියෝ සල්ලි නියමයි

:       0       0

කමල් Wednesday, 21 November 2012 06:23 PM

ලංකාවට ජයවේවා

:       0       0

රිෆායි Wednesday, 21 November 2012 01:57 PM

රටවලට ජාතිවාදී අදහස් ලියන අයගේ අවදානයට .! කොටි මාවිරු රැළිය කොහේ හරි මුස්ලිම් රටක හෝ මැදපෙරදිග රටක තියන්න ඉඩ දෙනවද. කවදාවත් නැහැ .සියලු යුරෝපා රටවල කොටි සමිති , සංගම් ,රැළි ,කොටි ප්‍රතිමා සියලු දේ කරනවා . ඒඋනාට බනින්නෙම මුස්ලිම් අයට. (ස)

:       0       0

මංජුල Wednesday, 21 November 2012 06:46 PM

ජයවේවා

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 21 November 2012 02:10 PM

ආයෙත් ඉල්ලන් කන්න හදන්නේ (ස)

:       0       0

සිල්වා Wednesday, 21 November 2012 02:12 PM

අපි ලෝකෙම කොටි හැම ගලෙවුවා

:       0       0

නාපාවල කටාර් Wednesday, 21 November 2012 07:22 PM

ලංකාවෙන් පැනපු කොටි කටාර් වලත් ඉන්නවා. (නි)

:       0       0

නිමල් Wednesday, 21 November 2012 02:51 PM

කොහේ උනත් ත්‍රස්තවාදය ඉවර වෙනවානම් හොදයි (දී)

:       0       0

නාරද Wednesday, 21 November 2012 03:04 PM

ලංකාවේ දෙමළ මිනිසුන්ට නිසි විසඳුමක් දෙනතුරු මේක ඉවර වෙන එකක් නෑ (ස)

:       0       0

සම්පත් Wednesday, 21 November 2012 11:11 AM

අපි කැමති කකුල් 4 කොටීන්ට විතරයි (ස)

:       0       0

සනත් Wednesday, 21 November 2012 03:29 PM

ලෝකෙන්ම තුරන් කරමු

:       0       0

ප්‍රියදර්ශන Wednesday, 21 November 2012 11:59 AM

කළ කළ දේ.. පල පල දේ... (ස)

:       0       0

නිරාන් Wednesday, 21 November 2012 12:50 PM

බොරුවට ආයුෂ අඩුයි කියන්නේ කට කහනවට නෙමෙයිනේ (ස)

:       0       0

ජසී Wednesday, 21 November 2012 05:25 PM

කවුද මේ ෆොටෝ එකේ ඉන්නේ (ස)

:       0       0

තරුෂ Wednesday, 21 November 2012 05:24 PM

තනි අතින් අත්පුඩි ගසන්න බැරිය. අනිත් අයට ඇඟිලි 1ක් දික්කරන විට තමන් දෙසට ඇඟිලි 4 ක් දිශානත වී ඇති බව සිතිය යුතුය. (නි)

:       0       0

මධූ Wednesday, 21 November 2012 01:20 PM

කොටි දැන් කොහෙන් හොයන්නද ? යන එන මගක් නෑ (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 23 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site