ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යුරොක් දහම් නිකේතන විහාරයේ කඨින පිංකම කෝට්ටේ සනතින්ද්‍රිය හා කෝට්ටේ පංචින්ද්‍රිය නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි.
උතුරු වික්ටෝරියා බෞද්ධ සංගමයේ සහ අන්‍යාගමිකයකු මූල්‍ය හා ද්‍රව්‍යමය ප්‍රදානයන්ගෙන් යුරොක් දහම් නිකේතන විහාරස්ථාන භූරියේ, සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම නෙලා ඇත. මතර තොරණින් ඇතුළුවනවාත් සමග වෙහෙර වහන්සේ නමක් අවලෝකිතේෂ්වර හිටි පිළිම වහන්සේ, බෝධින් වහන්නේ සහ අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුවක් ඉදි කැර ඇත.
කඨින චීවරය තැන්පත් කිරීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේ 21 නමක් අවුකන බුදුපිළිම වහන්සේ වැද නමස්කාර කළහ.
ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භඵික්ෂූන් වහන්සේ මෙන්ම, ඒස්ට්‍රේලියා, වියට්නාම සහ ලාඕස් භික්ෂූන් වහන්සේ ද මේ පිංකමට සහභාගී වූහ. මාලා විජේනායක පවුලේ ප්‍රධාන දායකත්වයෙන් පින්කම සිදු විය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම වටිනා පින්කමක්. විහාරස්ථානයද වෙනත් විදේශ රටවල නැති තරම් උසස් අන්දමට ඉදිකර පවත්වාගෙන යන බවක් පෙනෙන්නට තිබීමත් සතුට ගෙන දෙන්නක් වග කිවයුතුයි. කඨින පින්කමටද විශාල දායක පිරිසක් සහභාගී වී ඇති බවක් ද පෙනෙන්නට ඇත. ඉතාම වටිනා මෙන්ම කාලෝචිත වැඩ කටයුත්තක්. සංවිධානය කළ සියල්ලටම පින් සිදුවේවා. (නි)
කොහොමහරි මෙහෙම දෙයක් දැකගන්න මටත් පිනක් තිබුණා. ඒක ගැන සතුටුයි. (නි)
මේ පින්කම් කරන විදිය දැක්කම ඇතිවන සතුට වචනයෙක් කියන්න බෑ. ලෝකයට දහම් සිසිලස බෙදා දෙන්න හැකියාව ලැබේවා. (අ)
බොහොම හොද දෙයක්
සන්තෝසයි
සාදු සාදු සාදු !!! ඉතාම පින්වත්, හොඳ වැඩක්... (ස)
බුදු ගුණ දස අත පැතිරේවා! (නි)