IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


යුරෝක් වස් පින්කම

ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා ප්‍රාන්තයේ ක්‍රෙගීබර්න් නගරයේ යුරොක් දහම් නිකේතන විහාරයේ කඨින පිංකම කෝට්ටේ සනතින්ද්‍රිය හා කෝට්ටේ පංචින්ද්‍රිය නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් අද පැවැත්විණි. උතුරු වික්ටෝරියා බෞද්ධ සංගමයේ සහ අන්‍යාගමිකයකු මූල්‍ය හා ද්‍රව්‍යමය ප්‍රදානයන්ගෙන් යුරොක් දහම් නිකේතන විහාරස්ථාන භූරියේ, සිදුහත් උත්පත්තියේ සිට පිරිනිවන් මංචකය දක්වා පිළිම නෙලා ඇත. මතර තොරණින් ඇතුළුවනවාත් සමග වෙහෙර වහන්සේ නමක් අවලෝකිතේෂ්වර හිටි පිළිම වහන්සේ, බෝධින් වහන්නේ සහ අවුකන බුදු පිළිම වහන්සේගේ අනුරුවක් ඉදි කැර ඇත. කඨින චීවරය තැන්පත් කිරීමෙන් අනතුරුව භික්ෂූන් වහන්සේ 21 නමක් අවුකන බුදුපිළිම වහන්සේ වැද නමස්කාර කළහ. ශ්‍රී ලංකාවෙන් වැඩම කළ භඵික්ෂූන් වහන්සේ මෙන්ම, ඒස්ට්‍රේලියා, වියට්නාම සහ ලාඕස් භික්ෂූන් වහන්සේ ද මේ පිංකමට සහභාගී වූහ. මාලා විජේනායක පවුලේ ප්‍රධාන දායකත්වයෙන් පින්කම සිදු විය.  



අදහස් (0)

යුරෝක් වස් පින්කම

සෑම් Monday, 19 November 2012 09:33 AM

සාදු සාදු සාදු !!! ඉතාම පින්වත්, හොඳ වැඩක්... (ස)

:       0       0

පනාගොඩ Sunday, 18 November 2012 06:31 PM

කොහොමහරි මෙහෙම දෙයක් දැකගන්න මටත් පිනක් තිබුණා. ඒක ගැන සතුටුයි. (නි)

:       0       0

කුමුදු Monday, 19 November 2012 10:50 AM

බුදු ගුණ දස අත පැතිරේවා! (නි)

:       0       0

ලක්ෂාන් Sunday, 18 November 2012 08:02 PM

මේ පින්කම් කරන විදිය දැක්කම ඇතිවන සතුට වචනයෙක් කියන්න බෑ. ලෝකයට දහම් සිසිලස බෙදා දෙන්න හැකියාව ලැබේවා. (අ)

:       0       0

හේරත් Monday, 19 November 2012 07:49 AM

බොහොම හොද දෙයක්

:       0       0

ලංකා Monday, 19 November 2012 08:31 AM

සන්තෝසයි

:       0       0

සිරිමල් Sunday, 18 November 2012 05:10 PM

ඉතාම වටිනා පින්කමක්. විහාරස්ථානයද වෙනත් විදේශ රටවල නැති තරම් උසස් අන්දමට ඉදිකර පවත්වාගෙන යන බවක් පෙනෙන්නට තිබීමත් සතුට ගෙන දෙන්නක් වග කිවයුතුයි. කඨින පින්කමටද විශාල දායක පිරිසක් සහභාගී වී ඇති බවක් ද පෙනෙන්නට ඇත. ඉතාම වටිනා මෙන්ම කාලෝචිත වැඩ කටයුත්තක්. සංවිධානය කළ සියල්ලටම පින් සිදුවේවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site