යාපනයේ බීට් රූට් කිලෝවක තොග මිල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද රුපියල් 8 -10 අතර විය. කිලෝ මීටර් 265ක් ගෙවා දඹුලු අවුත් රෙද්දේ අත පිසදාගෙන යෑමට සිදුවී ඇතැයි උතුරු ගොවියෝ කියති. කිලෝ 50ක බීට් රූට් ගෝනියකට රුපියල් 270ක් ගෙවීමට සිදුවේ. කිලෝව රුපියල් අට ගණනේ බීට් කිලෝ 500 ලැබෙනුයේ රුපියල් 400කි ඒ අනුව අත ඉතිරිවන රුපියල් 130 මඟ වියදමවත් මදි බව ගොවියෝ කියති.
.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බීට් රූට් බයිට් එකට ගම්මු. අරක්කු මිල අඩු කලොත් බීටුත් ගොඩ අපිත් ගොඩ.(නදී)
බීට්රූට් වලින් සීනි හදන්න කතා කරන අය දන්නෙ නැතුව ඇති සීනි හදන්න ගන්නෙ කෑමට ගන්න බීට්රූට් නොවන වග. හැබැයි බීට්රූට් වල සීනි වැඩියි කියල කට්ටියක් ඒවා කෑමට ගන්නෙ නැහැ. බීට් හදවත් රෝග වලට ඉතා හොඳයි කියල සොයාගෙන තියෙනවා. (නදී)
යාපනෙන් දකුනට ගේන බීට් එක සැරයක් කුණුකොල්ලෙට යනකොට මේ අය නහයෙන් අඬනවා, ඒත් දශක ගානක් තිස්සේ ලංකාවේ ගෑණු ලෝකෙ වටේ කුණුකොල්ලෙට විකිනෙනවා. (දී)
ගෙන්නකෝ ගම්පහ, නුගේගොඩ, මහරගම පැත්තට කිලෝ එක කීයකට විකුනන්න පුලුවන්ද බලන්න. ගොවියා අනාතයි, අතර මැද ඉන්න මුදලාලි මඩිය තර කරගන්නවා. (දී)
බීට් රූට් යුෂ පානයක් ලෙස ගැනීමෙන් හෝ බීට් යොදා සකසන පාන් ආහාරයට ගැනීමෙන් ශරීරයේ අධි රුධිර පීඩනය පාලනය වන අතර හෘදයාබාධ 38% කින්ද වෙනත් හෘද රෝග 23% කින්ද අඩු කරගත හැකි බව නවතම පර්යේෂණ අනුව තහවුරු වී තිබෙනවා. ගොවියෝ නිකම්ම හූල්ලන්නේ නැතුව නව ව්‍යාපෘති වලට අත ගැසිය යුතුයි. (නි)
වරුණ, ඩ්‍රයිවින් අතහැරලා බීට් බිස්නස් එකට බහින්න. (නි)
ගෙනෙන්නකෝ කොළඹට,මිල කීයද බලන්න.දඹුල්ලේ තියෙන්නේ මාෆියාවක්.කොළඹ බීට් කිලෝවක් කීයද? ගන්නේ අටට විකුණන්නේ කීයටද? (නි)
රජයෙන් පාලන මිලක් තැබීම තමා හොඳම විසදුම.අතරමැදියෝ බංග වේවා! (නි)
මේ බීට්රූට් ද ? බොම්බි ලුණුද ?(නදී)
පලතුරු බිමක් ඇගට ගුණයි .පෙති බිමට වඩා හොදයි. බිම හදන උපකරණය නම් ටිකක් මිල අදිකයි. (දී)
අපි වවමු රට නගමු ,වවන්නෝ දිනන්නෝ... කෝ මේ අපේ කට්ටිය? අල,ළූණු ගොවියා රකින්න කියලා ආනයනික ඒවාට බදු වැඩිකර මේ අසරණ ගොවීන් වෙනුවෙන් මොනවද කරන්නේ? (නි)
කිලෝව 8යි? (නි)
එයාලට ඉල්ලීම් දෙන එක සාදාරණයි. අඩුම ගණනේ එයාලවත් සතුටින් ඉදීවි (නි)
ඇත්තටම ගොවියන්ව රැකගන්න කවුරුවත්ම නැද්ද? (නි)
ඉතින් කොහොමද ජාතික සමගියක් ගොඩ නගන්නේ? (නි)
බීට්රුට් වලින් සීනි නිපදවිය හැකියි. ඒ ගැනත් උනන්දු උනොත් ඔය ප්‍රශ්නයට විසදුමක් සොයාගත හැකියි.(නදී)
මේවා නම් පව් වැඩ.(නදී)
මේකට හේතුව තමයි කිසිම කලමනාකරණයක් නැතිව වැඩ කරන එක. ක්‍රම වේදයක් ගොවියටත් නැහැ, රටෙත් නැහැ. ආසියාවේ ආස්චර්‍ය වෙන්නේ තව අවුදුදු 100කින් වත් බැරිවෙයි මෙහෙම ගියොත්.(නදී)
අපිට සීනි බයිට් හදන්න කාලය ඇවිත්.(නදී)
නිල රනා ගේ කතාව මම අනුමත කරමි. (අ)
මේ සම්බන්ධව ඉන්න අයගේ හැටියට තමා ප්‍රතිපල. (නි)
හොදම විසදුම සීනි සැදීමයි. යුරෝපයේ පරිභෝජිත සිනි වලින් 68% ලබා ගන්නේ බිට් රූට් වලිනි. මේවා සුදු සිනි වන අතර රසයේ වෙනසක් නැත. මීට අමතරව බිට් රූට් හුමාලයෙන් තම්බා, විනාකිරි වල බහාලීම මගින් මාස 6 පමණ කල් තබා ගත හැක. මේවා අච්චාරු දැමු බිට් ලෙස බාවිතා කරන අතර පාන් පෙති අතරට යොදා සාදන සැන්විච් ඉතා ප්‍රණීතය,නිහාල් මහතා පවසන පරිදි ඇවසි වන්නේ ආහාර තාක්ෂණය සහ පර්යේෂණ කටයුතුය.අප රටේ සරසවි වල අවදානය යොමු විය යත්තේ මෙවැනි දෙයටය,නමුත් අවසනාවක තරම නම් එහි උගන්වන්නේ හදට රොකට් යැවීමට සහ මිසයිල් ලෝන්ච් කිරීමට අවශ්‍ය තාක්ෂණය පමණි. මේවා අපට අනවශ්‍ය සිහින බව දැනේනේ විදේශගතව හැදෑරීමක් කරන විට පමණි. (නි)
අදහසක් දාන්න පරක්කු උනා ඇත්තටම මේවා සහගහන අපරාධ, රටේ වටේ ඉන්නා සියලු ගොවි ජනතාවට නිසි ගෞරවය ලැබෙන වැඩ පිළිවෙලක් හදන්න බැරි මැති ඇමතිවරු රාජ්‍ය නිලධාරින් කන්නේ මොනවද කියලා හිතෙනවා මේ වැනි පුවත් විටින් විට නොකඩවා දකිද්දී.(නදී)