යාපන සරසවියේ ආචාර්යවරුන්ගේ සංගමයේ සභාපති ආචාර්ය අමිර්තලිංගම් රාසකුමාර හා සෙසු ඇදුරන් ද, සිසුන් ද වව්නියා පොලීසියේ ත්‍රස්ත විමර්ශන අංශයෙන් ප්‍රශ්න කිරීම හෙලා දකින බව ලංකා ගුරු සංගමය කියයි.

අත්අඩංගුවේ සිටින සිසුන් නිදහස් කර සරසවිය විවෘත කරනු වෙනුවට මෙවැනි දේ කිරීමෙන් බරපතල තත්ත්වයක් උද්ගතව ඇති බවත්, සරසවි ඇදුරන් හා සිසුන් මර්දනය හා බිය ගැන්වීම නැවැත්විය යුතු බවත් සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.