නැගෙනහිර පළාත් සාහිත්‍ය උළෙල වෙනුවෙන් වේදිකා ගත කළ කඳුවුර නාට්‍යයේ ඇතැම් දර්ශන සම්බන්ධයෙන් කොටි හිතවාදීන්ගෙන් බලපෑම් එල්ලවෙතියි පළාත් සංස්කෘතික අධ්‍යක්ෂ ඩී ඩබ් උපනන්ද වැළිකල මහතා කියයි.
පසුගිය තිස් වසරේ යුද්ධය අළලා නිෂ්පාදනය කරන ලද මෙම නාට්‍යයෙන් ඇතැම් දර්ශන ඉවත් කරන ලෙස බලපෑම් කරන බව ඔහු කියයි.
බාල වයස්කරුවන් යුද්ධයට බඳවාගැනීම සඳහා පැහැරගැනීම වැනි දර්ශන එසේ ඉවත් කරන්නැයි බලපෑම් කරත් ඉවත් නොකරන බව ඔහු කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක සාහිත්‍යමය නිර්මාණයක් නම් කාගෙවත් බල පෑම් වලට යට වෙලා වෙනසක් කරන්න ඕන නැහැ. හැබැයි අපි හමුදා කටයුතු ගැන විවේචනාත්මක විදියට සාහිත්‍යමය නිර්මාණයක් කලොත් ඒකත් ඉදිරිපත් කරන්න දෙන්න ඕන බලපෑම් වලට යටත් වෙලා වෙනස් නොකර. (ස)
කුමාර, සමහර විට ත්‍රස්තවාදී ක්‍රියාකලාප ගැන ඔයා දන්නෙ නැතුව ඇති. (නි)
ඩොන් , මේක දමිළ අයගේ ඉතිහාසය හෝ සාහිත්‍ය නෙමෙයි.මෙය ත්‍රස්තවාදී කණ්ඩායමක ම්ලේච්ඡත්වය ගෙනහැර පෑමක්. ඒ නිසා ත්‍රස්තවාදී ක්‍රියා ගැන සමබරව සිතන්න ඕනෑ නැහැ කියන එකයි මගේ හැගීම. ලුම්බිණි , කාටවත් විවේචනාත්මකව සාහිත්‍ය නිර්මාණ ඉදිරිපත් කරන්න දෙන්න බැහැ, පුද්ගලයන් විවේචනය කරන්න. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ- විදින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
ඉතිං කරන්න හොද නම් රගපාලා පෙන්නුවහම මොකද වෙන්නේ? (නි)
ඉය ඉතිරිවෙලා ඉන්න කොටි පැටව් තමයි කෑ ගහන්නේ..!(නු)
ඉස්සර ඉඳන්ම එයලගේ තිර රචනයට රඟපෑවේ අපි (ස)
පරණ කතාවම ආයෙත්....?? (නි)
ඩොන් කියන විදියට හැමතිස්සෙම අපි සමබර වෙමු. (නි)
මොකටද ඒ අය විරුද්ද වෙන්නේ
නාට්‍යයේ ප්‍රචාරණයද මේක වේවිද ? දන්නේ නැති නිසා අහන්නේ.(ස)
ලැජ්ජයිද? හිතට අමාරුයිද ?? (ස)
චැනල් 4 නාටකේ මේ ගොල්ල නළුවො වෙලා ඉන්න ඇති.. අපේ අය අද හෙට මේ නාටයම තහනම් කරයිද? නොකළොත් තමයි පුදුමෙ.. (නු)
කොටින්ගෙන් විතරක් නෙමෙයි වැරදි සිද්ධවුණේ. නේද? (නි)
මේ කරන්නේ රගපෑමක් තුළින් මිනිසුන්ට සත්‍යය වටහාදීමක් පමණයි. (නි)
එක කොටසත්වත් ඉවත් කරන්න එපා කියලයි මම නම් කියන‍්නේ. (නි)
චැනල් 4 කරද්දී නාටක කමක් නෑ නේද (ස)
අනේ මේ එයාලට ගිය රටනෙ මේක. (ස)
ඉතිං ඇයි ඔය බලපෑම් කරන කොටි හිතවාදීන්ව අල්ලන්න බැරි? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
අපි තවත් එයාලට ඕනි විදියට ඉන්නේ ? (ස)
ඇත්ත තිත්තයි නොවේද? (නි)
මෙහෙම චිත්‍රපට හදද්දී දෙපැත්තම සමබර වෙන්න ඕනෑ. කොටි ම්ලේච්ඡත්වය වගේම ඉතිහාසයේ වැරදි දේශපාලන තීණ්දු නිසා සිදුවුණු දේවලුත් ඇතුළත් වෙන්න ඕනෑ. (නි)