(රවින්ද්‍ර ලියනගේ)

යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි පහන් කණුවක ගැටිමෙන් දරුවන් දෙදෙනකු මියගොස් ඔවුන්ගේ මව බරපතල තුවාල ලබා ඇති බව මාදම්පේ පොලිසිය කියයි.

මාදම්පේ කුලියාපිටිය මාර්ගයේ හැළ බණ්ඩාරගම ප්‍රදේශයේදි අද  පාන්දර 5.00 ට පමණ  අනතුර සිදුවි ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ දුම්මලසුරිය විරකොඩියානේ පදිංචි වයස 17 හා 11 වයස්වල පිරිමි දරුවන් දෙදෙනකි. තුවාල ලබා ඇති මව හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව පොලිසිය කියයි.