
(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාවට, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබා ගැනීමට රුසියාවේ සහාය හිමිවන බව විදේශ කටයුතු අමාත්‍ය සර්ගෙයි ලැව්රොව් මහා මණ්ඩල සැසිවාරය අමතමින් ප්‍රකාශ කර ඇත.
ආසියාව, අප්‍රිකාව සහ ලතින් ඇමෙරිකාව නියෝජනය කරන රටවලට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ වැඩි නියෝජනයක් ලබාදීමට රුසියාව සහාය දක්වන බවත්, බ්‍රසීලය සහ ඉන්දියාව ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂකත්වයට සහාය දක්වන බවත් ලැව්රොව් එහිදී පැවැසුවේය.
කෙසේ නමුත් තවත් බටහිර රටවලට ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබා නොදිය යුතු බවත් රුසියාව එයට විරුද්ධ බවත් රුසියානු විදේශ කටයුතු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. විශේෂයෙන් ජර්මනිය සහ ජපානය ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය ලබාදෙනවාට රුසියාව විරුද්ධ බවද ඔහු පැවැසුවේය.
“මිලිටරිවාදය සහ පළිගැනීමේ ප්‍රවණතාවක්” තිබෙන රටවල් දෙකක් ලෙස ඔහු ජර්මනිය සහ ජපානය හඳුන්වා ඇත. ඒ හේතුවෙන් ආරක්ෂක මණ්ඩල ප්‍රතිසංස්කරණ යටතේ තවත් අමතර ස්ථිර සමාජිකත්ව යුරෝපා රටවලට ලබාදිය නොහැකි බවද ඔහු ප්‍රකාශ කළේය. එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් 15ක් සිටින අතර චීනය, ඇමෙරිකාව, ප්‍රංශය, එක්සත් රාජධානිය සහ රුසියාව නිශේධ බලය හිමි ස්ථිර සාමාජිකයන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd