මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව ගමට සිකුරාදා පස්වරු 3.10ට පමණ කොලපාට වැස්සක් වැටුණු බව ගැමියන් පොලීසියට කියා ඇත.
මද කොල පැහැයෙන් මුලින් වැටුණු වැස්ස ක්‍රමයෙන් පැහැය අඩුවී ගිය බව ද, එකතු කළ වතුර බෝතලයක් පොලීසියට බාරදී ඇති බව ද පොලීසිය කියයි.
මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව ගමට සිකුරාදා පස්වරු 3.10ට පමණ කොලපාට වැස්සක් වැටුණු බව ගැමියන් පොලීසියට කියා ඇත.
මද කොල පැහැයෙන් මුලින් වැටුණු වැස්ස ක්‍රමයෙන් පැහැය අඩුවී ගිය බව ද, එකතු කළ වතුර බෝතලයක් පොලීසියට බාරදී ඇති බව ද පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් විදේශීක කුමන්ත්‍රණයක් කියලයි මට හිතෙන්නේ (ස)
මෙතෙක් බලධාරීන් අසමත් මේ වහින වැසිවල වර්ණ ගැන්වීම පිළිබද හේතුව සොයා ගැනීමට ජාතියන්තර සහය පතා ඉක්මනින් කටයුතු කිරිමට. මෙහි ඇති යාදීන මහජනතාවට හිතකර ද අහිත කරද වත් ජනතාව මේ වන විටත් දැණුවත් වී නොමැත..කලකට ඉහත වැසි නොමැති විට ඉහල අහසේ වලාකුළු වලට වැසිවැස්සවීමට යම් යම් දේ කලා ඔබට මතක ඇතැයි මා සිතමි. බෞද්ධ කොඩියට අනුව මිලගට වැසිය යුත්තේ කොළ පාට නොවන අතර එය නිල් පාට වැස්සක් විය යුතුය... පාට පාට ලෝකයක පාට පාට වැස්සක්.... මෙයට පිළිතුරු මහජනතාව නොදෙන අතර මහජනතාව පත් කළ රජය කඩිනමින් පිළිතුරු දෙයි යන්නයි මාගේ අදහස... (නු)
මම කිවුවා නේද නිල් සහ කොළ වැසිත් ළගදීම වසීවි කියලා. (නි)
රතු , කහ , කොළ .... ඊලඟට (ස)
ලෝකයේ අමුතුම රට(නු)
පට්ට පට පට...ලෝකයේ අමුතුම රට (ස)
ලංකාවට අඩුවෙලා තියෙන්නේ මළපහ වැස්සක් විතරයි දැන්. ඔය දේශපලුවෝ කරන සෙල්ලම් වල හැටියට ළඟදීම එමෙස වැස්සකුත් වැටෙවි. (නි)
කොළ වැස්ස යකා වැවටම වැස්සේ ඇයි ? ඉස්සරහට මොකක් වේවිද ? බලාසිටිමු (ස)
මේක නම් විදේශීය කුමන්ත්‍රණයක්. මේකට නම් මාරාන්තික උපවාසයක් කළ යුතුයි. (නි)
රතු, කහ, කොළ වැස්සට හේතුව තවම හොයා ගන්න බැරි වුණානේ. මම හිතන්නේ මේ ඔක්කොම අර යවපු චන්ද්‍රිකාවට ගාපු පාට වෙන්න ඇති. (නි)
නිල් අහසින් කොළ වැස්සක් (ස)
මම මේ බලාගෙන ඉන්නේ සප්ත වර්ණයෙන් වැස්සක් වහිනකල්. (නි)
දැන් දැන් වහින වැහි ඔක්කොම පාට පාටයි නේද? (නි)
රිස්වි බලාගෙන ඉන්නේ මොනවා වැටෙනකම්ද (ස)
පාට පාට වැහි වහින්නේ ලංකාවේ විතරද ? (ස)
තව ටික දවසකින් කට්ටිය කියාවි මේක අධිරාජ්‍යවාදී කුමන්තුණයක් කියලා (ස)
අනාගතය වෙනුවෙන් එන්න තියෙන පාට තමයි වහින්නේ. (නි)
මේ දවස්වල මිනිසුන්ට තියෙන ප්‍රශ්ණ අමතක වෙන්න, බඩුමිල පෙට්‍රල් ජීවන වියදම වගේ දේවල් අමතක වෙන්න දවසින් දවස එක එක පාට වැහි වහිනවා...!(නු)
මේවා අරුමෝසම් වැහි (ස)
කමල්, අජිත් හා රිස්වි කිවුවා වගේ කොළ පාට වැස්සක් නම් දැන්ම වැටෙන්න ඉඩක් නැහැ. අකමැත්තෙන් වුණත් අපිට නිල් වැස්සේම ඉන්න වෙනවා. (නි)
නායකතුමා හිටියනම් ගොඩක් සතුටුවෙයි..!(නු)
තව අඩු නිල් පාට වැස්සක් විතරයි.. ඒකත් ළගදිම දකුණු පලාතටත් වැස්සොත් හොදයි..!(නු)
පොලිසිය මේ වතුර බෝතලේට නඩුවක් දායිද දන්නෙ නැහැ..!(නු)
රිස්වි කොළ පාට වහිනවා කියන්නේ කොළ පාට හේදිලාම යනවා කියන එකයි..!(නු)
රොකට් යවනාව කියලා පාට කඩාදාසි අලවලා උඩ යැව්වනේ. ඒවයේ පාට දොළහක් අලවලා තිබුනා. වහින කොට ඉතින් දියවෙලා වැටෙනවා.
හීනයට හරි භූමිතෙල් වැස්සක් වැටුණොත් තමයි හොද. (නි)
පාට පාට වැහි වහිනවා මේ දවස් වල (දී)
රතු,කහ, කොළ වැස්ස තවම හොයා ගන්න බැරි වුන.මම හිතන්නේ මේ ඔක්කොම අර යවපු චන්ද්‍රිකාවට ගහපු පාට වෙන්න ඇති.(නු)
මිනිසුනේ,මේ වැසි වලට රැවටෙන්න එපා. (නි)
මේ බේරෙ වැවේ වතුර වෙන්න ඇති.. බලන්න සුවද(නු)
@ අජිත්,රිස්වි සෑහෙන කාලෙකට මුළු ලංකාවටම කොළ වැහි වහින්න ඉඩක් නැහැ.(නු)
අනේ දේදුන්නෙ පාට ගැලවෙනවා වගේ පේන්නෙ.. මොකක් හරි නොදන්න දෙයක් වෙනවා මෙතෙක් අපි නොඅසපු..!(නු)
පොලිසියට කොළ පාට බෝතලයක් දීලා වැඩක් නැහැ. සුදු පාට එකක් තමයි එයාලට දෙන්න ඕනෑ. (නි)
සම්පත් අද වෙනකම්ම රතු සහ කහ වැසි පමණයි තිබුණෙ.. අපි බලාගෙන හිටියෙ කොළ වැස්සක්.. දැං ඒකත් හරි ඔන්න..!(නු)
බොහොම හොදයි..!(නු)
අපිත් කැමතියි කොළ වැස්සක් වහිනවානම්..!(නු)
නිල් පාට වැස්සකුත් ළගදීම බලාපොරොත්තු වෙන්න පුලුවන් වෙයි. (නි)
සම්පත්, අශෝකලා වැස්සෙනුත් බලන්නේ ජාතිවාදය අවුස්සන්න. (නි)
නිල් වැස්සකුත් වස්සයි ද දන්නේ නෑ. (ත)
අනේ නිල් වැස්සක් වහින්නකෝ..!(නු)
ඇත්තමට මේ වහින වැසි ගැන හොයලා බලන්න කවුරුත් විද්‍යාඥයෙක් නැද්ද?(නු)
අරක්කු වැස්සක් වහින්නේ කවදාද කියලයි මම මේ බලාගෙන ඉන්නේ. (නි)
පුදුමාකාර වැස්සක් නෙ මේක..!(නු)
පාට පාට ලෝකයක්(නු)
කොළ වැස්ස මුළු ලංකාවටම වහින්න ලඟයි වගේ (ස)
රතු කහ කොල වැටුණා.. තව එක පාටයි තියෙන්නේ වැටෙන්න. ඒක වැටෙයිද?(නු)
අජිත් ඔබ හරි , ලඟදිම බලාගන්න පුළුවන් (ස)