සරලා කවුද කියන වග ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න ඕන නැහැ. ශ්‍රී ලංකාව විතරක් නොවෙයි බොලිවුඩය මෙන්ම හොලිවුඩය ඇතුළු අන්තර්ජාතික සිනමාවටත් ඇය අමුත්තියක් නොවෙයි. ඒ හඳුනා ගැනීම සිදුවුණෙත් දීපා මේතා අධ්‍යක්‍ෂණය කළ ‘වෝටර්’ චිත‍්‍රපටයේ රඟපෑම නිසයි. මේ චිත‍්‍රපටියේ රඟපෑම නිසා සරලාට ඇමරිකාවේ පැවැති අන්තර්ජාතික සිනමා උළෙලක දී සම්මානයක් ද ලැබුණා. හැබැයි ඒ සියල්ල සිදුවුණේ මීට වසර කීපයකට පෙරදීයි. එතකොට සරලාගෙ වයස අවුරුදු 8ක් විතර ඇති. දැන්නම් එයා භද්‍ර යෞවනයේ පසුවන යෞවනියක්. ඒත් දැන් ඇය ගැන කතා කරන්නට හේතුව, නැවතත් රඟපෑමට එක්ව සිටීමයි. වෝටර් චිත‍්‍රපටියට එදා ඔබ තෝරා ගත්තෙ කොහොම ද? ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ඉගෙන ගනිද්දි, පාසලේ කලා අංශයේ විවිධ වැඩසටහන්වලට දායක වුණා. ඒ සියල්ලෙහි වීඩියෝ ක්ලිප් එකක් හදලා තිබුණා. කලින් ඔය වීඩියෝ ක්ලිප් එකක් දැකලා තියෙන්න ඇති. පසුව දීපා මේතා ඇන්ටි හමුවෙන්න ගියාම, පවුලේ කෙනෙක් මැරිලා කියලා හිතාගෙන අඬන්න කීවා. මම අඬලා පෙන්නුවා. වෝටර් චිත‍්‍රපටයට තෝරා ගත්තෙ ඒ විදියටයි. එදා ඔබ එහි රඟපෑවේ ළමා වැන්දඹුවක ලෙසයි. මේ නිසා සම්පූර්ණයෙන්ම හිස බූ ගාන්න සිද්ධ වුණා. ඒ කොණ්ඩය වැවෙන්න කොච්චර කල් ගියා ද? ඇත්තටම එදා කොණ්ඩය කපන්න එපා කියලා අම්මා කිව්වා. පාසල් යන නිසා මාත් කැමති වුණේ නැහැ. ඒත් ‘වෝටර්’ චිත‍්‍රපටයට එය අත්‍යවශ්‍ය වූ නිසා කරන්නම වුණා. හැබැයි ඉක්මනට කොණ්ඩය වැවුණා. එදා ඒ චිත‍්‍රපටයට සම්බන්ධ වූ නළු නිළියන් අදටත් ඔබ එක්ක කතා බහේ යෙදෙනව ද? ජෝන් ඊබ‍්‍රහිම් මහතා විශේෂිත අවස්ථාවක දී සුබ පතන්නට එහෙම කතා කරනවා. දීපා ආන්ටි ළඟ දී ආවා. එයා පුදුම වුණා. මාව බදාගෙන ගොඩක් වෙලා හිටියා. එදා හිටපු ඒ පොඩි කෙල්ල ද මේ කියලා එයා පුදුමයෙන් වගේ මා දිහා බලාගෙන හිටියා. ආයෙත් කවදාහරි වැඩක් කරමු කියලා කිව්වා. ලීසාරේ මහත්මිය රෝගාතුරව හිටියා කියලා ආරංචියි. ‘වෝටර්’ චිත‍්‍රපටයෙන් පසුව කළ දේවල් මොනවා ද? අධ්‍යාපන කටයුතු නිසා රඟපෑම ගැන හිතුවෙ නැහැ. ඒත් සිරස ‘පුංචි පැංචි’ සහ ‘අබා’ චිත‍්‍රපටයේ පුංචි කොටසකට දායක වුණා. මෑතක දී තමයි යළිත් රඟපෑමට සම්බන්ධ වුණේ. තුසිත ද සිල්වා මහතාගේ ‘‘යකඩ දෝලි’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. එය වසන්ති චතුරානි ඇන්ටිගෙ නිෂ්පාදනයක්. ‘හිරුණි’ කියන චරිතය තමයි මම රඟපාන්නෙ. දැන් පාසල් වැඩ කටයුතු එහෙම කොහොම ද? ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙළ කළා. දැන් ලන්ඩන් ඒ ලෙවල් විභාගය කරන අතරේ අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධිය සඳහා හදාරනවා. අම්මා කාලයකට ඉහත දී ඔබගෙ හඳහන බැලූවාම, හාමුදුරුනමක් ඔබ ලෝක ප‍්‍රකට වෙනවා කියලා අනාවැකි පළ කළාලූ නේද? ඇත්ත ද? අම්ම එහෙම කියලා තියෙනවා තමයි. ඒත් මම දැන ගත්තෙ පස්සේ දවසකයි. ‘‘යකඩ දෝලි’’ සමග දැන් දිගටම රඟපාන්න ද කල්පනාව? හොඳ චරිත ලැබුණොත් බාර අරගෙන කරනවා. සරලා දැන් නව යෞවනියක්නෙ. අද ඔබට ඔබ ගැන හිතන්නේ කොහොම ද? ‘සරලා’ හරිම සරල කෙනෙක්. ඕනෑවට වැඩිය කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. දෙමාපියන්ගෙ කීමට අවනතව ජීවත්වන කෙනෙක්. ඔබගෙ අරමුණ බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වීමට ද? හොලිවුඩයේ රංගන ශිල්පිනියක් වීමට ද? බොලිවුඩයට යන්න දීපා මේතා ඇන්ටි නිසා පුළුවන් වුණා. ඒක වාසනාවක්. ඇත්තටම හොලිවුඩයට යන්න ආසයි. එදා වෝටර් රඟපාලා ඉවර වුණු හැටියෙ හොලිවුඞ් චිත‍්‍රපටයක රඟපෑමේ අවස්ථාවක් ලැබුණා. ඒත් තාත්තා කිව්වේ අධ්‍යාපන වැඩ නිසා ඒක බාර ගන්න එපා කියලයි. ඉදිරියේ දී ඒ අවස්ථාව ලැබුණොත් බාර ගන්නවා. පවුලේ අය ගැන විස්තර කිව්වොත්? තාත්තා ක්ෂද්‍රජීවී අංශයේ විද්‍යාඥයෙක් ලෙස කාලයක් සවුදි අරාබියේ සේවය කළා. තාත්තා සහ අයියා උපාධි දක්වා ඉගෙන ගෙන රැකියාවල නිරත වෙනවා. අම්මා අපි ඔක්කෝටම සහයෝගය ලබා දෙනවා. අද ඔබ දකින අය හඳුනා ගන්නව ද මේ ‘සරලා’ කියලා? මම හිතන්නේ එක පාරටම හඳුනා ගන්නෙ නැහැ. එදා පොඩියට හිටපු මම දැන් ලොකුයිනෙ. තවත් මොනවද සරලාට කියන්න තියෙන්නෙ? මට එදා ඉඳලා මේ දක්වා උදව් කළ හැමෝටම ස්තුතියි කියලා කියන්න කැමතියි. සරලාගෙ පිළිසඳර අවසන එයා මොන වගේ කෙනෙක් ද කියලා අපි එයාගෙ අම්මාගෙන් ඇහුවා. ‘‘සරලා හරිම සාධාරණ නීතිගරුක කෙනෙක්. එක පාරටම තීරණ ගන්නෙ නැහැ. ගත්ත තීරණ හරි නිවැරදි බව පෙනෙනවා. ඒ වගේම ඒවා හරි සාධාරණ බව පෙනෙනවා. හැඩගැන්වීම (සැලෝන් ගයාත‍්‍රි)
සටහන/ඡායාරූප - සඳුන් ගමගේ |
සම්පූර්ණ නම:- ජයනි සරලා කාරියවසම් ගම:- ගාල්ල උණවටුන වයස:- අවුරුදු 17යි. පාසල:- සංඝමිත්තා බාලිකා (ගාල්ල) උස:- 5’ 4’’ යි ලග්නය:- වෘශ්චික පවුලේ විස්තර:- අම්මා, තාත්තා, අක්කා, අයියා
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකත් බලලාම මොකාක් හරි කියමුකෝ
ඔය ටෙලිනාට්‍ය වල ඉන්න සමහර මැඩම්ලත් එක්ක කතාකරන්නවත් එපා. (නි)
ඇත්තටම වෝටර් චිතුපටයේ ඔබේ රංගනය විශිෂ්ටයි. දුව රඟපානගමන් හොඳින් ඉගෙන ගන්න (ස)
සන්තෝසයි (දී)
සන්තොසයි දුවේ (දී)
ඔබ ලංකාවට ගෞරවයක් ගෙන දුන් රංගන ශිල්පිනියකි. හොලිවුඩ් දක්වා යාමට අපෙන් සුබ පැතුම් (ස)
මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න ඔබට ශක්තිය ලැබේවා (දී)
ඔබේ රඟපෑම විශිෂ්‍ටයි..තුට්ටු දෙකේ ටෙලිනාට්‍යවල රඟපාලා අකාලයේ පර වෙන්න එපා (ස)
බලන්නම වටිනවා (දී)
ඔබේ ආරම්භය බොහොම හොදයි. බුද්ධිමත්ව ඉදිරියට යන්න. (නි)
ටෙලි තරුවක් ඔබ
ඔබ හරිම හුරුබුහුටියි. සුභ පැතුම්! (නි)
තමන්ගේ ගරුත්වය, අභිමානය රැක ගනිමින් පමණක් ඔබගේ දක්ෂතාවය පෙන්වන්න (ස)
බොහොම පරිස්සමෙන් වැඩ කරන්න මේ ක්ෂේත්‍රයේ (දී)
සරල, ලස්සන නංගියෙක්. අපෙන් සුභ පැතුම්! (නි)
නංගියෝ ඔයාට හොද වාසනාවන්ත අනාගතයක් තියෙනවා. ඉක්මන් නොවී පරිස්සමින්, මිනිසුන් නොමිනිසුන් හදුනාගෙන, රටේත් ඔබගේත් ගෞරවය රැකගෙන කටයුතු කරන්න. ඇමරිකාවේදී මුණගැසුනු වෙලේ ඔයාගෙ දක්ෂතාවයන් දැක්කා. එතකොට ඔයා ගොඩාක් පුංචියි. මේ ඉන්නෙ ඒ ඔයාමද කියලා හිතෙනවා. එදා ඔයා ඉදිරිපත් කළ නැටුම හරිම ලස්සනයි. පැමිණි සිටි සියළු දෙනා ඔබගේ රංගනය දැක ගොඩාක් සතුටු වුණා. ඔයාට වාසනාවන්ත අනාගතයකට මම සුභ පතනවා! බුදු සරණයි! (නි)
ටෙලි ක්ෂේත්‍රය තුළ සිටින නාරි රූපය ලැබූ යක්ෂණියන්ගෙන් ප්‍රවේශම් වන්න. (නි)
අපි ආසයි ඔබව බලන්න (දී)
රඟපෑම අගය කරනවා . අධ්‍යාපනය සාරථකව කර ගන්න (ස)
තිළිණ ඔයාගේ කිලුටු හිත ලෝකෙට පෙන්වන්න එපා (ස)
17 දි මෙහෙම නම් 25 විතර වෙද්දි කොහොම දක්ෂකමක් තියෙයිද? (නි)
අපි ආසයි ඔබේ රඟපෑම් බලන්න
මුලින්ම හොඳට ඉගෙනගන්න . සුබ අනාගතයක් ! (ස)
අපි බලන්නම් ....අපි බලන්නම් .... (දී)
වයස 17 ???? (ස)
සුභ පැතුම්
සුභපැතුම් ඔබට (දී)
අම්මෝ...කොස් ගෙඩි වගේ... (ස)
මට නම් මොකක්ද මොකක්ද වගේ. (නි)