(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

දූෂිත වෙළෙන්දන්ගේ නියෝජිතයින් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ තවමත් පැල් බැඳගෙන සිටින බව ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

"මහජන මුදල් කොල්ල කාලා අල්ලස් කොමිසමෙන් එන්න කිව්වාම නයා කෑවා කියපු උදවිය අද හැකරුන් ගැන කතා කරනවා.රාජපක්ෂලා පස් දෙනෙක් ආර්ථික අපරාධකරුවන් බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කියා තිබෙනවා.ආර්ථික ඝාතකයො දැන් හීනෙන් බය වෙලා වගේ කතා කරනවා. ආර්ථික ඝාතකයන්ට නිසි තැන දීම ගැන රටේ ජනතාවට ස්තුතිවන්ත වෙනවා. මෝටර් රථ දෙපාර්තමේන්තුව කියන්නේ සුවිශාල දූෂණයට ලක් වූ ආයතනයක්. ඊට විරුද්ධව අපත් කටයුතු කරගෙන යනවා.හිටපු කොමසාරිස්වරුන් දෙන්නාම අත්අඩංගුවට පත්වුණා.නියෝජ්‍ය කොමසාරිස්වරුන් අත්අඩංගුවට පත්වුණා. තවමත් එහි විවිධාකාරයේ වංචා දූෂණ සිදුවෙනවා.දැනට තිබෙන දත්ත අනුව යම් ප්‍රමාණයක් මෙහි දූෂණ අඩුවී තිබෙනවා" යනුවෙන්ද අමාත්‍යවරයා කීය.