(කේෂර ගුණතිලක)

රුපියල් පනස් දහසක අල්ලස් මුදලක් ලබා ගැනීමේ චෝදනාව මත සැකපිට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මඟින්  අත්අඩංගුවට ගත් මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයා ලබන (11) වන දා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි මොනරාගල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ෆාතිමා දීප්‍රියා මහත්මිය නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාරගත කෙරුණේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි මොනරාගල ප්‍රාදේශීය සභාවේ ආදායම් පරිපාලකවරයා ය.