(බර්ටි වීරසිංහ)

මිගමුව, කටාන සහ සිදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශවලින් ඩෙංගු රෝගීන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ වර්තා සඳහන් කරයි.

මේ වනවිට මිගමුව රෝහලේ ඩෙංගු රෝගීන් 60 ක් පමණ නෙවාසිකව ප්‍රතිකාර ලබන බවත්බන්ධනාගාරයෙන් පමණක් රෝගීන් 6 ක් වාර්තාවී ඇති බවත් මිගමුව සෞඛ්‍ය නිලධාරි ජයන්ත සිරිවර්ධන මහතා පවසයි.

මීගමුවේ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම පිලිබදව අප කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මෙම කරුණු අනාවරණය කළේය.

අධිකරණ ,රෝහල් ,පාසල් රජයේ කාර්යාල ආගමික මධ්‍යස්ථාන ව්‍යාපාරික ස්ථාන පුද්ගලික නිවාස ඇතුළුව අද වනවිට පරික්ෂාවට ලක්කළ බවත් බොහෝ ස්ථානවලින් මදුරු කීටයන් හමුවූ බවත් එම ස්ථාන පවිත්‍ර කරන ලෙස උපදෙස් ලබාදුන් බවත් සිරිවර්ධන මහතා පැවසිය.

මිගමුව රෝහල් පරිශ්‍රයේ රෝගීන් සහ මදුරුවන් සිටීමෙන් සිදුවන රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සදහා රෝහල් පරිශ්‍රය සහ ඒ අවට පාසල් දුමායනය කළ බව ද මිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා  සදහන් කළේය.

මීගමුව අවට ගම්වානවල සැම නිවෙසකම පාහේ එක් ඩෙංගු රෝගියකු සිටින බව නම හෙළි කිරීමට අකමැති වූ පුද්ගලයෙක් අප සමග පැවැසිය.