
(අකිලා නදීෂානි බණ්ඩාර)
මීගමුව බන්ධනාගාරයේ ඇතිවූ ගැටුමේදී පොදු දේපලවලට අනර්ථයක් සිදු කිරීමේ චෝදනාව යටතේ තවත් සැකකරුවන් 25 දෙනකු නම් කර ඇති බවත් එම සැකකරුවන් 25ම මීගමුව බන්ධනාගාරයයේ කාන්තා රැඳවියන් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.
එම කාන්තා රැඳවියන් සම්බන්ධයෙන් පොදු දේපල පනත යටතේ නඩු පවරන බවත් නඩුව අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් නඩුකරය මීගමුව ප්‍රධාන මහෙස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබීය.
ඒ අනුව මේ වන විට සැකකරුවන් 106 දෙනකු නම් කර ඇති බවත් ඉන් 81ක් පිරිමි පුද්ගලයන් සහ 25ක් කාන්තාවන් බවද නිලධාරීහු සඳහන් කලහ.
එමෙන්ම සාක්ෂිකරුවන් වන බන්ධනාගාරය නිලධාරීන් 20දෙනකුට නොතිසී නිකුත් කරන ලෙසද ඉල්ලා සිටියේය.
සැකකරුවන් 23 දෙනෙකු ( සැකකරු අංක 07 සිට 30 දක්වා) හඳුනා ගැනීමේ පෙරටුවක් සඳහා ඉදිරිපත් කළ අතර මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් ශීලනි පෙරේරා මහත්මිය හමුවේ මෙම හඳුනා ගැනීමේ පෙරටුවේදී සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වූ බන්ධනාගාර නිලධාරීන් විසින් එම සැකකරුවන් හඳුනාගනු ලැබීය.
සැකකරුවන් 106 දෙනාම සැප්තැම්බර් 17 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, පෙරට්ටුවට ඉදිරිපත් නොකරන අනෙක් සැකකරුවන් වට්ස්ඇප් තාක්ෂණය ඔස්සේ අධිකරණට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd