
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සහකාර අධ්‍යක්ෂවරුන් (පරිපාලන) සිවු දෙනෙකු ඇතුළු උසස් නිලධාරීහු 18 දෙනෙක් අද (01) සිට ක්‍රියාත්මක වන පරිදි එහි වෙනත් අංශවලට මාරු කරනු ලැබ සිටිති.
ආරංචි මාර්ග සඳහන් කරන්නේ පාර්ලිමේන්තුවේ අංශ රැසක නිලධාරීන් විශාල පිරිසක් එකවර මාරු කෙරුණු මෑත භාගයේ පළමු අවස්ථාව මෙය බවයි.
උමංගා පණ්ඩිත, පී එච් කුමාරසිංහ, එච්. ඒ. ටී. ඩී හේවාආරච්චි, පී.කේ.ඩී.එස් ඩබ්ලිව් විජයගුණවර්ධන මාරු කෙරුණු එම සහකාර අධ්‍යක්ෂකවරු වෙති.
පාර්ලිමේන්තුවේ මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය විසින් මෙම ස්ථාන මාරුවීම් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd