
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු අයවැය කාර්යාලය පිහිටුවීම සුදුස්සන් ඉදිරිපත් නොවීම හේතුවෙන් දිනෙන් දින කල් යමින් පවතින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
මේ කාර්යාලය සඳහා සුදුස්සන් බදවා ගැනීමට පුවත්පත් දැන්වීම් පළ කළත් ගැලපෙන පුද්ගලයන් නොපැමිණි බව රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පැවසීය.
මේ අනුව මෙම කාර්යාලය ගොඩනැඟීම කාලයක් තිස්සේ ප්‍රමාද වෙමින් පවතින බවද ඔහු සඳහන් කළේය.
පාර්ලිමේන්තු අයවැය කාර්යාලයට ජාත්‍යන්තර පළ පුරුදුකම් සහිත අයවැය නිලධාරියෙකු අවශ්‍ය බව මන්ත්‍රීවරයා කීය.
අයවැය කාර්යාලයේ වැටුප් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට අවශ්‍ය බව ප්‍රකාශ කර අැතැයි පැවසූ මන්ත්‍රීවරයා මුදල් කාරක සභාවට මේ සම්බන්ධයෙන් ඇති වෘත්තීමයභාවය ප්‍රමාණවත් නොවන බවද සඳහන් කළේය.
ආචාර්ය හර්ෂද සිල්වා මහතා මෙසේ පැවසීය.
මේ සඳහා අයවැයෙන් වෙන්කර ඇත්තේ මිලියන අටයි. ඇමරිකා අයවැය දෙපාර්තමේන්තු නිලධාරින් මෙතනට ඇවිල්ල කරන දේවල් කියලා දුන්නා. මුදල් කමිටුවේ සාමාජිකයෝත් ඇමෙරිකාවට ගියා. අපේ කණ්ඩායමට ඒ ගැන යම් හැකියාවක් අවබෝධයක් තියෙනවා. ඒ නිසා අපි මේක කරමු.
ශ්‍රී ලංකාවේ 2023 අංක 6 දරන පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත යටතේ පිහිටුවනු ලබන පාර්ලිමේන්තු අයවැය කාර්යාලයේ (Parliamentary Budget Office - PBO) ප්‍රධානතම අරමුණ වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට ස්වාධීන හා නිර්පාක්ෂික විශ්ලේෂණාත්මක සහාය ලබා දීමයි.
මීට අමතරව පාර්ලිමේන්තුවට ව්‍යවස්ථාපිත වගකීම් ඉටු කිරීමට සහාය වීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ රාජ්‍ය මූල්‍ය පාලනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව සතු බලතල සහ වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අවශ්‍ය තාක්ෂණික හා විශ්ලේෂණාත්මක තොරතුරු සැපයීමද ඊට පැවරෙෙනු අැත

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd