
(ගයාන් සූරියආරච්චි)
බොරැල්ල මැගසින් බන්ධනාගාරයට අයිස් මත්ද්‍රව්‍ය ඇතුළු මත්ද්‍රව්‍ය ඇසුරුම් කළ පාර්සල් දෙකක් බන්ධානාගරය තුළට විසි කිරීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙක් බොරැල්ල පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ 14 ප්‍ර දේශයේ පදිංචි අවුරුදු 29 වියේ පසුවන දෙදෙනෙකි.
සැකකරුවන් බන්ධනාගාරය තුළට විසි කිරිමට උත්සාහ කළ පාර්සල් දෙකද පොලිස් භාරයට ගෙන ඇත.
එහි තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රැම් 22 ක් සහ මිලිග්‍රෑම් 250 ක්, ඈෂ් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 270 ක්, දුම්කොළ ග්‍රෑම් 250 ක්, ලයිටර් 10 ක්, ජංගම දුරකතන 2 ක්, චාජර් 2 ක් සහ කරාබු ජෝඩු 2 ක් ද එම පාර්සල්වල තිබී පොලිසිය සොයාගෙන ඇත.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ මෙහෙයවීම මත එම මත්ද්‍රව්‍ය බන්ධනගාරය තුළට සැකකරුවන් විසි කිරීමට උත්සාහ කරන්නට ඇතිබවට පොලිසිය සැකපළ කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd