මෙයට පෙර මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලා පිළිබඳව යුරෝපා මාධ්‍ය ඡායාරූපත් සමග නැවත වතාවක් විසිතර පළ කරයි.
2006 වර්ෂයේදී අර්ජන්ටිනාවේ බුවනෝස් අයර්ස් නුවර මියගිය මිෂේල් ගුස්මන්ගේ අවසන් කටයුතු සමග නිවසින් අතුරුදන් වූ කප්ටයින් නම් සුරතල් බල්ලා ඊට දින කිහිපයකට පසු ඥාතීන්ට හමුවනුයේ ගුස්මාන් මිහිදන් කළ සොහොන මතදිය. එතැන් සිට අද දින තෙක් කප්ටයින් එම සොහොන අසලින් ඉවත්ව නොයන බවත් අවශ්‍ය කෑම බීම තමන් එම ස්ථානයට ගෙනවිත් දෙන බවත් ගුස්මාන්ගේ නෑයෝ කියති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චතූ, අපි බල්ලට එහෙනම් ටොයිලට් එකට යන්න පුරුදු කරමුද? (නි)
කෙලිහිගුණ දන්නා සුමිතුරෙක් (ස)
අපේ සිංහල මිනිස්සුන්ට හොද ආදර්ශයක්. (නි)
කනගාටුයි
බල්ලන් වෙලා උපන්නට ඌ ලඟ කෙලෙහිගුණ තියෙනවා (ස)
ඔන්න නියම බල්ලො.... (ස)
පෙරදාක සසර කතර අතරමගකදී (ස)
සත්ගුණවත් බල්ලෙක්. (නි)
ෂෝක් බල්ලෙක් (ස)
පුදුමේ කියන්නේ මිනිස්සු ගාව නැති ගුණ බල්ලෝ ගාව තියෙන එකනේ (ස)
මනුෂ්‍යයන්ව බල්ලන්ට සමාන කරන්න එපා.ඒක බලු පරපුරට කෙරෙන නිගාවක්. (නි)
එයා හිතනවා ඇති එයාගේ හාම්පුතා මෙතන නිදි කියලා. ඒකයි එයා මුර කරන්නේ (ස)
ගතිගුණෙන් වගේම හදවතිනුත් ලස්සන බල්ලෙක් (ස)
උතුම් සත්ත්වයෙක්. (නි)
උතුම් වූ මිතුරෙක්. (නි)
අවිස්සාවේල්ලේ මහලු යාචක කාන්තාවක් හිටිය. නිදාගත්තේ සීතාවක අගුපිලක ...ඇය සමග බැල්ලක් සිටියා. අර කාන්තාව මිය ගියාම නගරයේ ජනතාව නිසි පරිදි භූමදාන කළා. අර බැල්ල ඇගේ සොහොන මත නොකා නොබී වැතිර සිට මිය ගියා. මොන තරම් රස කෑම දුන්නත් බැලුවේවත් නැ .
සුනඛයින් වුණත් කෙළෙහිගුණ දන්නවා. (නි)
බල්ලන්ගෙන්වත් ඉගෙනගන්න මිනිසුනේ මනුස්සකම (ස)
අපේ මේ සමහර දේශපාලුවන්ට මේ බල්ලාගේ ගතිගුණවත් ආවා නම් මේ රට මීට වඩා දියුණුවෙනවා නිසැකයි. (නි)
අයියෝ සල්ලි
ඔබ නැවත ලංකාවේ උපදීවා (ස)
දැන්කාලේ අපේ රටෙත් මිනිස්සු බල්ලෝ වෙලා, බල්ලෝ මිනිස්සු වෙලා (ස)
ලංකාදීපයෙන් පළකරපු නියමම කතාවක්. (නි)
පුදුම බැදීමක්. මටනම් හිතාගන්නවත් බෑ (ස)
බල්ලන් යනු මිනිසුන් පරීක්ෂාවට දෙවියන් එවනුලෑබූ පරීක්ෂකයන් වගේ. මෙලොව කිසිදු මිනිසෙකු සතුව නොමැති උතුම් ගතිගුණවලින් පිරිපුන් මෙන්ම තමාගේ ජීවිතයට වඩා තම ස්වාමියාගේ ජීවිතය වෙනුවෙන් ඕනෑම කෑපකිරීමක් කිරීමට උවත් ඌ සූදානම්ය. (ස)
දැන් මිනිස්සු ළග නැති මිනිස්කම් තිරිසන් සතුන් ළග තිබෙනවා. (නි)
මම නම් දැං මිනිසුන්ට වඩා බල්ලන්ට අදරෙයි.. බොහොමයක් මිනිසුන් දැං විශ්වාස නැහැ... (නු)
බල්ලන්ට පෞද්ගලික දේපළ නැහැනේ. ඒකයි උන්ට ගතිගුණය පිහිටන්නේ. (නි)
කෙළෙහිගුණ දත් සුනඛ වෙස් ගත් මනුෂ්‍යයෙක්වද්ද? (නි)
බල්ලොත් එක්ක බෑ.......... පාරෙ දෙපැත්තෙ ජරා කරනවා. ඉතින් බල්ලොත් එක්ක බෑ......... (ස)
මිනිසුන්ට වඩා තිරිසනුන්ට කොයිතරම් ගුණයක් තියෙනවාද ලස්සන සතෙක්..!(නු)
ස්වාමියා වෙනුවෙන් දිවි පිදීමට වුවත් මේ අහිංසක සුනඛයින් සූදානම්. ඒත් මේ දිනවල අපේ පැත්තේ මිනිසුන් පාරවල් ගානේ අහිංසක බලු පැටවුන් ගෙනැවිත් දමා යනවා. මා සේවය කරන පාසලටත් පසුගිය දා පැටවුන් සිවුදෙනෙකු ගෙනැවිත් දමා ගොස් තිබුණා. එක් පැටවකු මා නිවසට රැගෙන ගියා. ඉතිරි පැටවුන් සඳහා මා කාරුණික නිවෙස් සොයමින් සිටිනවා. කාරුණික මහත්මයෙක් හෝ නෝනා කෙනෙක් ඉදිරිපත් වන්නේ නම් අවශ්‍ය එන්නත් හා සැත්කම් ද නොමිලයේ ඉටු කරවා දෙන්නෙමි. (නු)
මනුෂ්‍ය වර්ගයාට වඩා සතුන් උසස්..!(නු)
චතූ 2012-11-22 16:29:08 බල්ලොත් එක්ක බෑ.......... පාරෙ දෙපැත්තෙ ජරා කරනවා. ඉතින් බල්ලොත් එක්ක බෑ......... (ස) ...... පාර මැද ජරා කරන්න තරම් මෝඩ නෑ උන්. බල්ලොත් එක්ක බෑ කියන්නෙ නිල සුනඛයන් අල්ලා දුන්න හොරු නෙ චතු. මේ වගෙ ස්වාමි භක්තිය තියෙන බල්ලෙක් ඔයා ලඟ හිටියත් ඌට බඩගින්නෙ මැරෙන්න තමා වෙන්නෙ.මේ බල්ලට කෑමත් ගෙනත් දෙන තරම් මේ මිනිස්සු යහපත්. සතෙකුට ආදරයක් නැති කෙනෙක් ලඟ මිනිස් කම අසම්පූර්ණයි...(නු)
දේශපාලුවොයි, පොලිස්කාරයොයි, පාලකයොයි අපේ මුලු රටේම පහරනවා චතූ. ඉතින් අහිංසක බල්ලො මොකද චතූ...? (නි)
අන්න බල්ලො..!(නු)
ඕක අමතක වේවි එයාලගේ පරපුරේ ස්ත්‍රියක් දැක්කම (ස)
හදවතින් මනුස්සකම උතුරාගිය බල්ලෙක්. (නි)