
(අංජුල මහික වීරරත්න)
මහියංගනය මූලික රෝහල සංවර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතට පවරා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
'ඒ' කාණ්ඩයේ මුලික රෝහලක් වන මහියංගනය රෝහල ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයෙහි පිහිටි තෙවන විශාලතම රෝහල වේ. මේ වන විට ඌව පළාත් සභාව යටතේ පාලනය වන එම රෝහල අවට දිස්ත්‍රික්ක 06 ක 500,000 ක් පමණ වූ ජනතාවට සෞඛ්‍ය සේවා සපයයි.
'දිට්වා' සුළි කුණාටුව හේතුවෙන් එම රෝහලේ ගොඩනැගිලිවලට දැඩි හානි සිදු වූ අතර, වෛද්‍ය සහ වෛද්‍ය නොවන උපකරණ වලට සිදු වූ හානි හේතුවෙන් සායනික සේවාවන් සැපයීමේදී සැලකිය යුතු බාධාවන් මතු වී තිබේ. එසේම, රෝහල කළමනාකරණයේදී සහ වැඩි වන සෞඛ්‍ය සේවා ඉල්ලුම සපුරාලීමේදී එහි යටිතල පහසුකම් තවදුරටත් සංවර්ධනය කිරීම ඌව පළාත් සභාවට අභියෝගයක් වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd