
(යොහාන් භාසුර)
සම්බුද්ධ ශාසනයට, මහා සංඝරත්නයට සහ බෞද්ධ සංස්කෘතියට එල්ල වන විවිධ තර්ජන පරාජය කිරීමේ අරමුණින් සංවිධානය කරන මහා සඟ සමුළුව කොළඹ 7 පිහිටි, බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේදී හෙට (20) පස්වරු 2.00 සිට පැවැත්වේ.
මව්බිම සුරැකීමේ සංවිධානයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුවේ ජාතිය, ආගම සහ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින මෙම සමුළුව කිසිදු දේශපාලන අරමුණක් වෙනුවෙන් පවත්වන්නක් නොවන බවයි.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව ඕනෑම දේශපාලනඥයෙකුට හෝ සිවිල් පුරවැසියෙකුට මේ සඳහා සහභාගි විය හැකි බවත් භික්ෂු භික්ෂුනී, උපාසක සහ උපාසිකා යන සිවුවනක් පිරිසට මෙම සමුළුවට සහභාගි විය හැකි බව ද උන්වහන්සේ සඳහන් කළහ.
මෙම මහා සංඝ සම්මේලනයට සහබාගි වන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් ඇතුළු නිකායන් තුනේම උත්තරීතර සංඝ සභාවන් වෙත නිල වශයෙන් ආරාධනා කළ බව තිනියාවල පාලිත හිමියෝ මෙහිදී සඳහන් කළහ.
සමාජ මාධ්‍ය හරහා සහ ඇතැම් පිරිස් විසින් බෞද්ධ භික්ෂුවට එරෙහිව ගෙන යන සංවිධානාත්මක ප්‍රහාර හමුවේ සඟ සමුළුවක අවශ්‍යතාව මතුව ඇති බව පෙන්වා දුන් උන්වහන්සේ දසරාජ ධර්මයට අනුව රට පාලනය කරන ඕනෑම නායකයෙකුට මහා සංඝරත්නයේ ආශිර්වාදය හිමිවන බව ද ප්‍රකාශ කළහ. බෞද්ධ මහා සම්මේලනය, කොළඹ තරුණ බෞද්ධ සංගමය සහ මව්බිම සුරැකීමේ සංවිධානය ඇතුළු සංවිධාන රැසක් මෙම සඝ සමුළුවට සහයෝගය දක්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දස රාජ ධර්මය අනුව රට කරලා අපිට බෙන්ස් දෙන්න. තාම වැඩවසම් මානසිකත්වය තියෙන මේ උන්දලා මිනිස්සුන්ට මොන ආදර්ශයක් දෙන්නද! බඩවියත රැකගන්න සටනක් මේක...
සංඝ පථයක විතරයි එකතු වෙන්න බලාගෙන අවස්ථාවක් බලාගෙන හිටියේ. දැන් ඒකත් හරි. බෞද්ධ ජනතාව හෙට හරියට බලාගන්න දානයක් පිළිගන්වන්න සුදුසු හාමුදුරුවරු කවුද කියලා...
මගේ බුදු පියාණන් දෙසු දහම ගැන කිසි දැනුමක් නැති, හේතුවක් නැතුව හෝ පිනට කෑමට මහන වූ, දේශ පලුවන්ගේ අටකොලු වුන, බුදු දහම අවසානය කරා රැගෙන යන්නන්ගේ මහා සමුළුව.
සියලුම පූජකවරුන් සියල්ල අතහැර ධර්ම මාවත තෝරා ගත්තේ කා වෙනුවෙන්ද? ඔවුන්ට ඉල්ලීම් දිනාගැනීමට අපට මෙන් අවශ්‍ය නැත සියල්ල අතහැර සසර කෙටි කරගන්න කියලා දැන් කරන්නේ මොකක්ද? දෙශපාලන පක්ෂ වල අතකොලු වෙලා, අපිට අත්හරින කියමින් සියල්ලම තමන්ගේ කරගන්න පොරකන පූජකයන්ට අපි තවත් ගරු කරනවාද කියලා හිතන්න කාලය ඇවිල්ලා...