යාපනයේ ව්‍යාපාරිකයකු වූ ටී කුමාර් කේෂ්වරන් මහතා නල්ලූර් කෝවිලට ගොස් ආපසු එමින් සිටිය දී ඇසිඩ් ප්‍රහාරයකට ලක්ව ඇතැයි නල්ලූර් පොලිසිය කියයි. අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල් ගත කර ඇති ඒ මහතා එක්සත් ජාතික පක්ෂයේ යාපන දිස්ත්‍රික් මන්ත්‍රීව සිටියදී ඝාතනයට ලක් වූ ටී. මහේෂ්වරන් මහතාගේ සොහොයුරෙකි.