ඕස්ටේ‍්‍රලියාවේදී ලබන පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ වන ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක‍්‍රීඩක ෆර්විස් මහරුෆ් සහ වේග පන්දු යවන චානක වෙළගෙදර මාස 19 කට පසුව කැඳවා තිබේ. දකුණතින් වේග පන්දු යවන 27 හැවිරිදි ෆර්විස් මහරුෆ් 2010 වසරේ ජූනි මස 24 වැනිදා දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කර සිටියේය. මහරුෆ් එක්දින තරග 94 කදී කඩුලූ 121 ක් දවා ගනිමින් ලකුණු 984 ක් ද රැස්කර තිබේ. ටෙස්ට් පිල නියෝජන කරමින් දස්කම් දැක්වූ වමතින් වේග පන්දු යවන චානක වෙළගෙදර 2010 වසරේ ජූනි මස 22 වැනිදා දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කළේය. 30 හැවිරිදි වෙළගෙදර එක්දින තරග 10 කදී කඩුලූ 15 ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙළගෙදර සහ ධම්මික ප‍්‍රසාද්.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි උපුල් තරංග උප නායකයා නොවන්නේ?
තරංගට හිමිතැන දෙන එක බලධාරීන්ගේ යුතුකමක්.
මහේලගෙන් පසු මැතිව්ස් නායකයා
තරංග උප නායකත්වයට සුදුසුම කෙනා
කණ්ඩම්බි ඉදිරියේදී නායකත්වයට සුදුසුයි
උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට සුදුසුම කෙනයි
මැතිව්ස්ගේ වැඩ වැඩියි....අනික එක 100ක් වත් ගහලා නැති මැතිව්ස්ට උප නායකත්වය සුදුසු නෑ....
සංගක්කාර නායක සහ උපුල් තරංග උපනායක කළ යුතුයි
එන්ජෝලෝ මැතිවුස් නායකයා කරපු දවසේ සිට ලකුණු අතර නෑ එක නිසා ඔහුගේ බරත් අඩු කල යුතුයි
උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට සුදුසුම කෙනයි