IMG-LOGO

මහරුෆ් - වෙළගෙදර මාස 19 කට පසු එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට එක්වෙති

ඕස්ටේ‍්‍රලියාවේදී ලබන පෙබරවාරි මස 5 වැනිදා ආරම්භ වන ‘කොමන්වෙල්ත් බැංකු’ කුසලාන තුන්කොන් එක්දින ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමට තුන් ඉරියව් ක‍්‍රීඩක ෆර්විස් මහරුෆ් සහ වේග පන්දු යවන චානක වෙළගෙදර මාස 19 කට පසුව කැඳවා තිබේ. දකුණතින් වේග පන්දු යවන 27 හැවිරිදි ෆර්විස් මහරුෆ් 2010 වසරේ ජූනි මස 24 වැනිදා දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කර සිටියේය. මහරුෆ් එක්දින තරග 94 කදී කඩුලූ 121 ක් දවා ගනිමින් ලකුණු 984 ක් ද රැස්කර තිබේ. ටෙස්ට් පිල නියෝජන කරමින් දස්කම් දැක්වූ වමතින් වේග පන්දු යවන චානක වෙළගෙදර 2010 වසරේ ජූනි මස 22 වැනිදා දඹුල්ල ක‍්‍රීඩාංගණයේදී ඉන්දියාවට එරෙහිව අවසන් එක්දින තරගයට ක‍්‍රීඩා කළේය. 30 හැවිරිදි වෙළගෙදර එක්දින තරග 10 කදී කඩුලූ 15 ක් දවාගෙන තිබේ. ශ්‍රී ලංකා එක්දින සංචිතය: මහේල ජයවර්ධන (නායක), ඇන්ජලෝ මැතිව්ස් (උප නායක), උපුල් තරංග, තිලකරත්න ඩිල්ෂාන්, කුමාර් සංගක්කාර, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, තිසර පෙරේරා, ෆර්විස් මහරුෆ්, රංගන හේරත්, සචිත‍්‍ර සේනානායක, ලසිත් මාලිංග, නුවන් කුලසේකර, චානක වෙළගෙදර සහ ධම්මික ප‍්‍රසාද්.    



අදහස් (0)

මහරුෆ් - වෙළගෙදර මාස 19 කට පසු එක්දින ක‍්‍රිකට් කණ්ඩායමට එක්වෙති

මහේල Tuesday, 24 January 2012 04:46 PM

තරංග උප නායකත්වයට සුදුසුම කෙනා

:       0       0

සුරංග Wednesday, 25 January 2012 05:38 PM

කණ්ඩම්බි ඉදිරියේදී නායකත්වයට සුදුසුයි

:       0       0

දේව් Wednesday, 25 January 2012 07:54 PM

උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට සුදුසුම කෙනයි

:       0       0

ඉෂාන් Thursday, 26 January 2012 07:42 AM

මැතිව්ස්ගේ වැඩ වැඩියි....අනික එක 100ක් වත් ගහලා නැති මැතිව්ස්ට උප නායකත්වය සුදුසු නෑ....

:       0       0

රංජිත් පී. පෙරේරා Thursday, 26 January 2012 09:59 AM

සංගක්කාර නායක සහ උපුල් තරංග උපනායක කළ යුතුයි

:       0       0

ගයන් ප්‍රිමත් Thursday, 26 January 2012 02:46 PM

එන්ජෝලෝ මැතිවුස් නායකයා කරපු දවසේ සිට ලකුණු අතර නෑ එක නිසා ඔහුගේ බරත් අඩු කල යුතුයි

:       0       0

මංගල Monday, 23 January 2012 10:47 PM

ඇයි උපුල් තරංග උප නායකයා නොවන්නේ?

:       0       0

ප්‍රසන්න Tuesday, 24 January 2012 11:17 AM

තරංගට හිමිතැන දෙන එක බලධාරීන්ගේ යුතුකමක්.

:       0       0

Lakshan Fenando Friday, 27 January 2012 08:58 AM

උපුල් තරංග ශ්‍රී ලංකා කණ්ඩායමේ උපනායකත්වයට සුදුසුම කෙනයි

:       0       0

ටිරෝන් Tuesday, 24 January 2012 11:22 AM

මහේලගෙන් පසු මැතිව්ස් නායකයා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 23 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1559 2
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1687 4
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

Our Group Site